මොකක්ද මේ බ්ලොග්-මැරතන්?

සිංහල බ්ලොග්කරුවන්ගේ ගූග්ල් සමූහයේ ඉන්න අය දන්නවා මේ දිනවල බ්ලොග් මැරතන් කියලා දෙයක් ගැන එහි කතාබහක් යනවා. ගොඩක් අයට මේක ගැටලුවක් වෙලා. මොකක්ද මේ බ්ලොග් මැරතන් කියන්නේ? මෙහෙම වීම පුදුමයක් නෙමෙයි, අවසන් මැරතන් එක පැවැත්වුනු පසුගිය වසරේ අප්‍රේල් මාසය වන විට සිංහල බ්ලොග් කියවනයේ තිබුනේ බ්ලොග් 200ක් පමණ සංඛ්‍යාවක්. මේ වන විට එය 700කට ආසන්න සංඛ්‍යාවක් බවට පත්වෙලා. අලුත් මුහුණු ගොඩක් අප හා එක්වෙලා.

බ්ලොග් මැරතන්  කියන්නේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් බ්ලොග්කරුවන් සඳහා සංවිධානය කරනු ලබන සුහද ඉසවුවක් යැයි කිව්වොත් නිවැරදියි. මේ සඳහා කොහේටවත් එක්රැස්වීම අවශ්‍ය නෑ. අන්තර්ජාල සම්බන්ධතාවයක් ඇති තැනක සිට සම්බන්ධ වෙන්න පුලුවන්. බ්ලොග් ලියන අයට මැරතන් එකට සහභාගී වෙන්න පුලුවන් වගේම බ්ලොග් කියවන අයට මැරතන් එක බලන්න, මැරතන් දුවන අය දිරිමත් කරලා කමෙන්ට් දාන්න (අපි ඊට කියනවා ‘වතුර ගහනවා’ කියලා).

තවමත් කිව්වෙ නෑ නෙ මොකක්ද මේ ඉසව්වෙදි කෙරෙන්නෙ කියලා. බ්ලොග් මැරතන් එකකදි කෙරෙන්නේ ඊට සහභාගී වන සිංහල බ්ලොග් වල විනාඩි 15කට වරක් සිංහල යුනිකෝඩ් භාවිතයෙන් පෝස්ට් එකක් පල කිරීම තමයි. එතකොට හිතාගන්න පුලුවන් නේද මේකේ තරඟකාරී ස්වභාවය? එක දිගට ලිය ලියා පෝස්ට් කරන්න තමයි තියෙන්නේ.

පෝස්ට් ලිවීමේදී පෝස්ට් එකේ දිග පලල, මාතෘකාව ආදී දේවල් ගැන කිසිම සීමා නෑ. තමන්ට හිතෙන විදියට නිදහසේ ලියන්න තමයි තියෙන්නේ, හැබැයි ඔය සින්ඩිකේටරේ තියෙන ethics වලට අනුකූලව :) හරියටම විනාඩි 15න් 15ට දානවද කියලා අපි පොලීසියෙන් වගේ බලන්නෙත් නෑ. එහෙම කරන්න කියලා ඔබෙන් ඉල්ලනවා විතරයි. හැබැයි ඉතින් නියම විදියට විනාඩි 15න් 15ට අලුත් පෝස්ට් දැම්මොත් තමයි මේ ඉසවුවේ නියම රසය සතුට විඳගන්න පුලුවන් වෙන්නේ.

සමහරු මේ සඳහා තමන්ගෙ දැන් තියෙන බ්ලොග් එකම යොදාගන්නවා. මැරතන් එකේදී කෙටි කාලයකදී ලියන නිසා වැඩිපුරම වල්පල් ලියැවෙන නිසා ඒවායින් තමන්ගෙ බ්ලොග් එක හැඩි කරගන්න අකමැති අය මැරතන් එක සඳහා වෙනම බ්ලොග් එකක් පටන් ගන්නවා. මේ කැමති විදියකට මැරතන් එකට සහභාගී වෙන්න පුලුවන්. මැරතන් පවත්වන්න දෙසතියකට පමණ කලින් සිට අපි මැරතන් එක සඳහා සහභාගී වන බ්ලොග් අඩවි ලියාපදිංචි කරගැනීම අරඹනවා. මෙසේ ලියාපදිංචි වූ බ්ලොග් අඩවි වලට පමණයි මැරතන් එකට සහභාගී වෙන්න පුලුවන්.

ඊලඟට මැරතන් එක බලන්න එන අය සඳහා අපි වෙනමම සින්ඩිකේටරයක් ගොඩනංවනවා. (මේ සඳහා http://blogs.sinhalabloggers.com/ යොදාගැනෙන්නේ නෑ). මෙම මැරතන් සින්ඩිකේටරය විනාඩි 15කට වරක් අප්ඩේට් වන සින්ඩිකේටරයක්. මෙමගින් මැරතන් නරඹන අයට මැරතන් දුවන අයගේ ලිපි ඉක්මනින් බලාගන්න පුලුවන්. ඒ වගේම ඔවුන් දිරිමත් කරමින් වතුර ගහන්නත් පුලුවන්.

මැරතන් එක පැවැත්වෙන මුලු කාලය පුරාවටම සජීවී විශේෂාංග දෙකක් පැවැත්වෙනවා. ඉන් පලමුවැන්න තමයි IRC චැට් කාමරය. මෙය සමූහ චැට් කාමරයක්. එය විහිලු තහලු, මඩ, රසකතා පිරී ඉතිරී යන හමුවක් කිව්වොත් නිවැරදියි. දෙවැනි විශේෂාංගය තමයි සජීවී අන්තර්ජාල රේඩියෝවක් පැවැත්වීම. මෙමගින් ගීත, කතාබහ, විහිලු තහලු, මුලු බ්ලොග් මැරතන් ඉසවුව පැවැත්වෙන කාලය පුරාවටම විකාශය කෙරෙනවා.

මැරතන් වර්ග දෙකක් තියෙනවා. ලොකු මැරතන් එක තමයි පැය 24ක් පුරාවට නොකඩවා පැවැත්වෙන මැරතන් එක. අවසන් ලොකු මැරතන් එක පැවැත්වුයේ 2009 අප්‍රේල් මාසයේදී. දෙවැන්න තමයි මිනි-මැරතන් එක. එය පැවැත්වෙන්නේ පැය 6ක හෝ 12ක කාලයක්. අවසන් මිනි-මැරතන් එක පැවැත්වූයේ 2008 දෙසැම්බර් මාසයේදී.

මොකක්ද මේ මැරතන් එක පැවැත්වීමෙන් බලාපොරොත්තු වෙන්නේ කියන ප්‍රශ්නය කාට හෝ නැගෙනවනම්, ප්‍රථමයෙන් කියන්නට ඕන මෙය බ්ලොග්කරුවන් අතර සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන සුහද ඉසවුවක් කියන එක. මෙවන් ඉසවුවක් සඳහා තම නිවසේ සිටම සම්බන්ධ විය හැකි වීම විශේෂ කරුණක්. ඊලඟට මෙය සිංහල යුනිකෝඩ් භාවිතයෙන් සිදු කෙරෙන මහා ඉසවුවක් නිසා යුනිකෝඩ් සඳහාත් පොඩි තල්ලුවක් ලැබෙනවා.  සිංහල යුනිකෝඩ් මෙන්ම සිංහල බ්ලොග්කරණයද ප්‍රචලිත කිරීමේ අවස්ථාව මෙමගින් ලැබෙනවා. ඒ වගේම සිංහල බ්ලොග්කරණය ගැන තවත් පිරිසකට උනන්දුවක් ඇති කර ඔවුන්ටත් මෙය හඳුන්වාදීමේ අවස්ථාවක් කරගන්නත් පුලුවන්.

ඊලඟ සිංහල බ්ලොග් මැරතන් එක අප්‍රේල් මාසයේදී පවත්වන්නටයි අප බලාපොරොත්තු වන්නේ. එය බොහෝ දුරට සෑමදෙනාගේම කාල පහසුව තකා මිනි මැරතන් එකක් වේවි. ඒ සඳහා දිනයක් නියම වූ වහාම ඒ බව මෙම බ්ලොග් අඩවිය හරහාත් ගූග්ල් සමූහය හරහාත් දැනුම් දෙනු ලබන අතර මැරතන් ඉසවුව සඳහා බ්ලොග් අඩවි ලියාපදිංචා කරගැනීම ඇරඹෙනු ඇති. ඔබත් මැරතන් දිවීමට බලාපොරොත්තු වෙනවා නම් සිංහල යතුරුලියන වේගය එහෙම දියුණු කරගන්න දැන් ඔබට ඇති තරම් කාලය තියෙනවා.

බ්ලොග් මැරතන් යන සංකල්පය අප වෙත ආවේ Blogathon වෙතින් බව අමතක කරන්නට බැහැ.

Share and Enjoy:
  • Digg
  • del.icio.us
  • Facebook
  • Google Bookmarks
  • Identi.ca
  • Ping.fm
  • Slashdot
  • Twitter
This entry was posted in පුවත්, විශේෂාංග and tagged . Bookmark the permalink. Post a comment or leave a trackback: Trackback URL.

31 Comments

  1. Posted March 22, 2010 at 12:36 am | Permalink

    දවස මොකද්ද දන්නෙ නෑනෙ. ඔෆිස් දවසක් නැතුව නිවාඩු දවසක් සෙට් වුනොත් දවසම ලියන්න තිබුනා.

  2. Posted March 22, 2010 at 6:38 am | Permalink

    එලකිරි! මෙදා සැරේ නම් දුවනවා දුවනවාමයි!

  3. Posted March 22, 2010 at 7:45 am | Permalink

    අපි ලොකු මැරතන් එක දිව්වේ 2008 අප්‍රේල් නේද ? පොඩි එක 2009 දෙසැම්බර්

  4. Posted March 22, 2010 at 7:48 am | Permalink

    @ සු
    නෑ නෑ අක්කෙ ගිය අවුරුද්දෙ අප්‍රේල් තමා ලොකු එකක් තිබ්බෙ. මමත් බාගෙට දුවලා නැවතුනු නිසා මට හොඳට මතකයි :P

  5. Posted March 22, 2010 at 8:26 am | Permalink

    අහ් එහෙම නම් මගේ මයික්‍රො බ්ලොග් එකේ දූවිලි පිහිදාලා ගන්න කාලේ හරි වගේ :P කවද්ද මේක තියෙන්නේ? අප්‍රේල් මාසේද? :)

  6. Posted March 22, 2010 at 10:08 am | Permalink

    ගිය අවුරුද්දේ මේක ගැන දැන්වීම් කොලයක් මට ලැබුණා. මට තේරුනේ නෑ වැඩේ. ආසාවකුත් තිබුනේ නැති නිසා හොයලා බැලුවෙත් නෑ.

    මම නම් මෙදා පාර කියවන්න තමයි එන්නේ.. මම මීට කලින් මේක අහලා තිබුනාට සහභාගී වෙලා නැති නිසා මුලින්ම කියවලා පොඩි අදහස් පාරක් ගන්න ඕන..

    දැන්නම් ආසාවෙන් ඉන්නේ වැඩේ බලන්න..

  7. Posted March 22, 2010 at 1:31 pm | Permalink

    දිව්වම තෑගිත් දෙනවද? තෑගි නැත්නම් නිකම්ම දුවන්නෙ මොකටද අන්තිමේ දුවල ආභාදක්වත් වුනොත්!

  8. ගීතික
    Posted March 22, 2010 at 1:54 pm | Permalink
  9. Posted March 22, 2010 at 1:57 pm | Permalink

    @ ගීතික
    දන්නැද්ද ඉතින්.. කාගෙ හරි ගොබ්බ ආතල් එකක් තමයි. :D
    සින්ඩියේ feedburner email එක කෙලින්ම බ්ලොග් එකේ පෝස්ට් වෙන්න දාලා.

  10. ගීතික
    Posted March 22, 2010 at 2:11 pm | Permalink

    AdBrite එහෙමත් දාල තියෙන්නෙ. හදිසියෙ චක්‍රලේඛයක් හොයනකොට දැක්කෙ.

    එහෙනම් කට්ටිය මැරතන් දුවන්න ලෑස්ති වෙලා ඉන්න අපි මගදි නාවලා ගන්නම්.

  11. Posted March 22, 2010 at 4:52 pm | Permalink

    අපූරු තරගයක්…..
    තරගයට සහභාගිවෙන්න අදහසක් නැති උනත් අනිත් අයව දිරිමත් කරන්න ( වතුර ගහන්න ) නම් දිල් කැමතියි

  12. S.D.Buthpitiya
    Posted March 22, 2010 at 5:11 pm | Permalink

    ලස්සණ පරිසරය !! දුවන්නමයි හිතෙන්නේ.හරි දුවමු,,,හෝව්.හෝව් !! කවද්ද දුවන්න පටන් ගන්නෙ ?

  13. Posted March 22, 2010 at 6:49 pm | Permalink

    අනිවා දුවනවා මේ පාර නම්….

  14. Posted March 22, 2010 at 10:29 pm | Permalink

    මාත් එනවෝ…….:D

  15. Posted March 23, 2010 at 10:50 am | Permalink

    දුවන්න බලමු. බැරිඋනොත් බ්‍රවුසරයක් තියන් ඉන්නම් වතු ර ගහන්න.

  16. Posted March 27, 2010 at 12:20 pm | Permalink

    මමත් දුවනවා..දුවන්න බැරි උනොත් වතුර හරි ගහනව අනිවාර්යෙන්ම…

  17. Posted March 27, 2010 at 10:19 pm | Permalink

    elane.

  18. Posted April 1, 2010 at 7:02 pm | Permalink

    මම නම් තාම මේ බ්ලොග් ලියන්න පටන් අරන් මාසයක්වත් නෑ.. ඒ හින්දා මේ සෑරේ ඔන්න මම බලන්න එන්න තමයි හිතාන ඉන්නේ… එත් පුලුවන් උනොත් දුවනවා… පුලුවන්නම් නිවාඩු දවසක් දාන්නකෝ

  19. Posted April 1, 2010 at 7:03 pm | Permalink

    මම නම් තාම මේ බ්ලොග් ලියන්න පටන් අරන් මාසයක්වත් නෑ.. ඒ හින්දා මේ සෑරේ ඔන්න මම බලන්න එන්න තමයි හිතාන ඉන්නේ… එත් පුලුවන් උනොත් දුවනවා… පුලුවන්නම් නිවාඩු දවසක් දාන්නකෝ

  20. Posted April 2, 2010 at 11:13 pm | Permalink

    මේ පාර නම් තරගකරුවො කාරියො ඩබල් ට්‍රිබල් වෙලා ඉනවානේ.දුවමු දුවමු ….

  21. Posted April 3, 2010 at 7:48 pm | Permalink

    ගියපාර ව‍ගේ මඩ චැනල් එකයි. සිංදු ඉල්ලීමි ටිකයි ඕන හරිද? . ගියපාර කප් එක ගැහුවෙ සීඩීඑම් ඒ එකකින් ඉන්ටනෙට් ගියපු කෙනෙක් නෙව. ෆන් එක වැඩිකමටද මංද 15න් 15ට ලියන්නත් අමතක වෙනවා. බලමු මේපාරත් :)

  22. Posted April 4, 2010 at 9:53 pm | Permalink

    දැන් කවදද තියෙන්නේ…
    මේ දවස්වල පෑවිල්ල ඉවර හින්දා වතුරත් තියෙනවා ඇති වෙන්න

    /බිඟුවා…!

  23. Posted April 7, 2010 at 9:39 pm | Permalink

    මමත් දුවනවා ඔන්න …හැබැයි ඉවර කරන්න බැරි වෙයි :D

  24. Posted April 9, 2010 at 10:17 am | Permalink

    මේකට මුකුත් තෑගි එහෙම දෙන්නේ නෙද්ද? :P

  25. Posted April 10, 2010 at 8:25 pm | Permalink

    හරි මම දැනුයි දැන ගත්තෙ.. මෙහෙම තරඟයක් කියලා.. මම හිතුවෙ කස්ටිය කොහාට හරි සෙට් වෙලා පිටෙ SBU කියලා ගහගෙන පොඩි රවුමක් දුවලා..ගෙවල්වලට තට්ටු වෙලා යන එකක් කියලා.. මෙදා පාර වතුර ගහන්න එන්නම්.. අනිවා අපි තවම කොඩුකාරයොනෙ.. අපි ඇවිල්ලා.. ඇඩ් එකක්වත් නැද්ද අපිටත් එල්ල ගන්න

  26. Posted April 10, 2010 at 8:27 pm | Permalink

    හරි හරි එකත් හම්බ උනා. මෙතනින්ම.. මම සින්ඩියෙ බැනර් එකක් හෙව්වා.. හැමතැනම .. දැනුයි හම්බ උනෙ..

  27. Posted April 11, 2010 at 9:05 am | Permalink

    මේපාරත් විනාඩි 15න් 15ටද පෝස්ට් කරන්නෙ?

  28. Posted April 11, 2010 at 9:16 am | Permalink

    @ මාධව හබරකඩ
    සත්තකින්ම :)

  29. Posted April 11, 2010 at 2:40 pm | Permalink

    දුවන්න නම් ආසයි එත් කෑම්පස් එකේ විබාග දවස් වලනෙ තියෙන්නෙ…
    වෙලාව ලෑබුනොත් වතුර ගහන්න නම් අනිවා එනවා….

  30. Posted April 11, 2010 at 9:58 pm | Permalink

    මමත් හිතුවා සහභාගි වෙන්න….
    අල වෙයිද දන්නෙ නෑ……

  31. Posted April 14, 2010 at 8:00 am | Permalink

    මමත් හිතුවා සහභාගි වෙන්න….
    23,24 BCS විභාග දවස් වලනෙ තියෙන්නෙ… එ කිසා බැරිෙවයි…..

    දිනන අයට ෙමානාද ලැෙබන්නේ

2 Trackbacks

  1. [...] සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ බ්ලොග් අඩවිය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල බ්ලොග් අඩවිය Skip to content About « මොකක්ද මේ බ්ලොග්-මැරතන්? [...]

  2. [...] බ්ලොග් මැරතන් යනු කුමක්දැයි ඔබ තවමත් නොදන්නවානම්, මෙම ලිපිය ඔබට සහාය වනු ඇත. [...]

Post a Comment

Your email is never published nor shared. Required fields are marked *

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe without commenting