ආයුබෝවන් – මේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයයි

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට බොහෝ කලක සිට අඩුවක්ව පැවති දෙයක් සපුරන්නටයි මේ සැරසෙන්නේ. එනම් සංසදයට නිල බ්ලොග් අඩවියක්. කාලයක් තිස්සේ මෙම අදහස අප සිත් තුල පැවති අතර පසුගියදා පැවති හමුවේදී අරවින්ද චන්ද්‍රපද්ම සහෘදයා විසින් මෙම අදහස ඉදිරිපත් කිරීම අපේ කාර්යය ඉක්මන් කිරීමට ඉවහල් වුනා කිව්වොත් නිවැරදියි.

මෙම බ්ලොග් අඩවියෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ සංසදයේ සාමාජිකයන් වෙත යම් යම් නිල දැනුම්දීම් සිදුකිරීමයි. මීට අමතරව සිංහල බ්ලොග්කරණය, සිංහල යුනිකෝඩ් මාධ්‍යය පිලිබඳව ඇතැම් හඳුන්වාදීම්, දැනුවත්කිරීම් මෙන්ම බ්ලොග්කරුවන්ට අවශ්‍ය වන තාක්ෂණයන් පිලිපඳව උපදේශන ලිපි (tutorials/how-tos) ඉදිරිපත් කිරීමටද අප බලාපොරොත්තු වෙනවා.

ඔබ දැනටමත් සිංහල බ්ලොග්කරුවන්ගේ ගූග්ල් සමූහයේ සාමාජිකයෙකු නොවේනම්, සංසදයේ ප්‍රධාන සන්නිවේදන මාධ්‍යය වන එහි සාමාජිකත්වය ලබා ගන්නා ලෙසත් මතක් කරන්න කැමතියි. ඒ සඳහා මෙම යොමුවෙන් ගූග්ල් සමූහය වෙත යොමුවන්නට පුලුවන්. http://googlegroups.com/group/sinhala-bloggers/ මෙම ගූග්ල් සමූහය බ්ලොග් ලියන අයට පමණක් නොව පාඨකයන් සඳහාද විවෘතයි. පාඨකයන් නොමැති බ්ලොග්කරණ ප්‍රජාවක් අර්ථ විරහිතයි.

මේ අතරම ඔබ Twitter පරිශීලකයෙක් නම්, @sinhalabloggers follow කිරීම මගින් සින්ඩිකේටරයේ වත්මන් තත්වය (status), සංසදයේ කෙටි යාවත්කාලීන කිරීම් (updates), දැනුම්දීම් හා මේ බ්ලොග් අඩවියේ නවතම ලිපි ආදිය පිලිබඳව දැන ගැනීමට පුලුවන්.

අද සිට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නවතම තොරතුරු දැනගැනීමටත්, දැනුම්දීම් පිලිබඳව දැනුවත් වීමටත් මෙම බ්ලොග් අඩවියට පිවිසීමට ඔබට පුලුවන්.

Share and Enjoy:
  • Digg
  • del.icio.us
  • Facebook
  • Google Bookmarks
  • Identi.ca
  • Ping.fm
  • Slashdot
  • Twitter
This entry was posted in නිවේදන. Bookmark the permalink. Post a comment or leave a trackback: Trackback URL.

32 Comments

  1. Posted January 18, 2010 at 10:55 am | Permalink

    බොහෝකලකට පසුව හෝ මෙය ආරම්භ කිරීම පිළිබඳව මගේ හදපිරි සතුට..

  2. Kasun Nadeeshana
    Posted January 18, 2010 at 10:57 am | Permalink

    නියම වැඩක් ලොකු අඩුපාඩුවක් පිරිමැහුනා කියන්න පුළුවන් . ඔහොම යං

  3. Posted January 18, 2010 at 11:05 am | Permalink

    වැඩේ හොඳයි. හැබැයි මම මේක දැන් කියන්න පරක්කු වැඩිද මන්දා. මේ බ්ලොග් එකේ ලිපිනය සිංහල බ්ලොග් කියවනයෛ ලිපිනයත් එක්ක සමහර අයට පැටලෙන්න පුළුවන් නේද (වෙනස එකම එක s අකුරක් පමණක් නිසා)? විශේෂයෙන්ම සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය ගැන නොදන්න කෙනෙකුට ඒ ගැන කියා දීමේදී.

    මම යෝජනා කරන්නේ announcements.sinhalabloggers.com වගේ නමක්. අදහස ඉදිරිපත් කරන්න ප්‍රමාද වීම ගැන කණගාටු වෙනවා.

  4. Posted January 18, 2010 at 11:10 am | Permalink

    ශාකුන්තලගේ ඒකම මම URL ඒක දැක්කාම හිතුණා, ඒ එක්කම නිකං හිතුණා Syndication එකේ URL ඒක වෙනස් වෙලා වගේ දැනීමක්.
    කෙසේ වෙනත් වැඩේ හොඳයි ඇත්තටම!

  5. Posted January 18, 2010 at 11:15 am | Permalink

    එළකිරි! ඔහොම යං. නියම වැඩක්.

  6. Posted January 18, 2010 at 11:18 am | Permalink

    ඇත්තටම සතුටුයි ලොකු අඩුපාඩුවක් වෙලා තිබ්බ එකක් හරිගිය එක ගැන

  7. Posted January 18, 2010 at 11:28 am | Permalink

    වැඩේ ගොඩක් හොඳයි. අර ශාකුන්තල කියපු දේට මමත් එකඟයි.
    ඒ ගැන ටිකක් හිතුවොත් හොඳයි නේද

  8. Posted January 18, 2010 at 11:33 am | Permalink

    හොද වැඩක් අපෙන් සුභ පැතුම්!!

    පලවෙනි වතාවට සිංහල යුනිකොඩ් නැතුව පිවිසෙන කෙනෙකුට එය ස්තාපනය කරගන්න උපදෙස් ලබාදෙන්න

  9. Posted January 18, 2010 at 11:41 am | Permalink

    @ muthunayake
    ඒ පිලිබඳව පූර්ණ විස්තරයක් සංසදයේ වෙබ් අඩවියේ ලබා දී තියෙනවා.
    http://www.sinhalabloggers.com/sinhala-install-guide

  10. Posted January 18, 2010 at 11:47 am | Permalink

    නියමයි…

  11. Posted January 18, 2010 at 11:59 am | Permalink

    මමත් URL ඒක දැක්කෙ අපේ සිංඩියේ URL එක වගේ.. ඒක ටිකක් පැටලෙනව වගේ ‍නේද.. මමත් ශාකුන්තල අයියගෙ අදහසට එකඟයි..

  12. Posted January 18, 2010 at 1:09 pm | Permalink

    නියම වැඩක්. මගේ සුභ පැතුම්….

  13. Posted January 18, 2010 at 1:21 pm | Permalink

    ඉතාම හොඳ දෙයක්…

  14. Posted January 18, 2010 at 2:56 pm | Permalink

    ෂා . . නියමයි . . මේ මම වගේ බ්ලොග් ලියන්නන් වලේ ලිව්වට එහි තාක්ෂනික පැත්ත ගැන මෙලෝ දැනීමක් නැති අයට මේ බ්ලොග් එක සෑහෙන්න ප්‍රයෝජනවත් වේවි කියලා මාත් හිතනවා . .

    ජය වේවා . . . අපේ දැනීම දියුනු කරන්නත් අදහස් මෝචනය කරන්නත් ලැබී තිබෙන බ්ලොග් පහසුකම විශාල පරාසයකට රැගෙන යමින් අදහස් හුවමාරුවට තෝතැන්නක් සපයන ඔබ සියලු දෙනාටම ජය වේවා . . ..

  15. ජනුක
    Posted January 18, 2010 at 4:10 pm | Permalink

    මරු… ඔන්න අපෙන් සුබපැතුම්.. :)

  16. Posted January 18, 2010 at 4:48 pm | Permalink

    සුබපැතුම්…

  17. Posted January 18, 2010 at 5:03 pm | Permalink

    හොඳ දෙයක්. මෙන්න මගෙනුත් සුබ පැතුම් !!!!!!

  18. Posted January 18, 2010 at 5:05 pm | Permalink

    ඩාර්ක්ගෙන් සුබ පතුම්

  19. Posted January 18, 2010 at 6:44 pm | Permalink

    මෙන්න මගෙනුත් සුභ පැතුමක්..!

  20. Posted January 18, 2010 at 7:01 pm | Permalink

    මගෙනුත් උණුසුමු සුභ පැතුම්!
    නිල බ්ලොග් අඩවිය:blog.sinhalabloggers.com යනුවෙන් තිබියදීම බ්ලොග් කියවනය:reader.sinhalabloggers.com ලෙස වෙනස් කළොත් මොකද හිතන්නේ. නමුත් මෙය මගේ හුදෙක් පෞද්ගලික මතයක් පමණි.

  21. Posted January 18, 2010 at 7:46 pm | Permalink

    @Shiroshan,
    එහෙම කළොත් ලෝක ප්‍රශ්නයක්. ගොඩක් අයට තම තමන්ගේ bookmarks ටික වෙනස් කරගන්න වෙයි.

  22. Posted January 18, 2010 at 7:47 pm | Permalink

    අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක් සපිරීමක්.

    මමත් Shiroshan Randika ගේ යෝජනාවට එකඟයි.

  23. Posted January 18, 2010 at 8:50 pm | Permalink

    ෂැහ්.. පට්ටනෙ.. ඔන්න මගෙත් සුබ පැතුම්. ඒක නෙමේ backlink (do follow) enable කලොත් නරකද? :)

  24. Posted January 18, 2010 at 9:22 pm | Permalink

    ඇත්තටම follow enable කලොත් නරකද?

  25. Posted January 18, 2010 at 10:11 pm | Permalink

    සුභපැතුම්!

  26. Posted January 19, 2010 at 2:22 am | Permalink

    හරී චෝයි…
    Congratulations!!!!

  27. Posted January 19, 2010 at 7:05 am | Permalink

    හොඳ වැඩක්… මෙන්න මගෙනුත් සුබ පැතුම් !!!

  28. kasun |
    Posted January 19, 2010 at 12:19 pm | Permalink

    nice approach.

    me haraha kala hai de bohomai.
    sinhala blog awakashaye danuwath bawaya wadi karaweema saha sinhala blog karanaya sambandayen athi noyekuth dur-awabodatha pilibada yam madihath weemak me haraha kala hakiy.

    anika blog karanaya piliobada thakshanika kaarana menma, ea sambanda samajeeya karana pilibadawada, blogkaranaya pilibada nawa prawanatha ha ewani karunu ganath mein katha kerenu athnam godak wadagath.

    [sorry, about writing in singlish]

  29. Posted January 23, 2010 at 2:14 pm | Permalink

    හොද අදහසක්.සුභ පතනවා

  30. Posted February 3, 2010 at 11:15 am | Permalink

    ela ela

  31. අසංක
    Posted February 14, 2010 at 5:55 pm | Permalink

    මේ Blog site එක SBU වෙබ් අඩවියෙම (http://www.sinhalabloggers.com) කරන්න බැරිද ?

  32. Posted February 14, 2010 at 6:35 pm | Permalink

    එය ගැටළු සහගතයි. වෙබ් අඩවියේ මුල් පිටුව සකස් කර තිබෙන්නේ (සිංහල) බ්ලොග්කරණයට පිවිසෙන අයෙකුට අවශ්‍ය විය හැකි හැකි තොරතුරු වල සාරාංශයක් ලෙස. ඒ අන්තර්ගතය ස්ථිතිකව (static) තිබීම අවශ්‍යයි.

Post a Comment

Your email is never published nor shared. Required fields are marked *

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe without commenting