අපගේ සින්ඩිකේටරය ආශ්‍රයෙන් නිතිපතා නැගෙන ප්‍රශ්ණයක් තමයි “මම RSS feed ගැන මුකුත් දන්නෙ නෑ” කියන එක. මේ නිසා අපි අදහස් කලා Feeds ගැන සරලව ඔබ දැනුවත් කරන්න. එමෙන්ම අපගේ සින්ඩිකේටරය මෙම Feeds හා සම්බන්ධ වන්නේ කෙසේදැයි පහදා දෙන්න.
උදාහරණයකට සිතන්න, ඔබ දිනපතා, පැයෙන් පැය අන්තර්ගතය update වන වෙබ් අඩවි (උදා: පුවත් අඩවි) ගණනාවක් නිතර කියවන්නෙක් කියා. සාමාන්‍ය ආකාරයට නම් මෙම අඩවි update වී ඇත්දැයි බැලීමට ඔබට අදාල අඩවියට ගොස් බැලීමට සිදුවෙනවා. ඔබ මෙවැනි අඩවි 20ක් පමණ කියවන්නෙක් නම් ඔබට ඇතිවන කරදරය ගැන මදක් සිතා බලන්න. එපමණක් නොව අඩවි එකින් එකට පැය කීපයකට වතාවක් ගොස් බලන්නට වැය වන කාලය? වැයවන data ප්‍රමාණය?
මෙන්න මේ ප්‍රශ්ණයට විසඳුමක් ලෙස ඇතිවූ ක්‍රමයක් තමයි web feeds. feed එකක් සහිත අඩවියක අලුත් අන්තර්ගතයක් ප්‍රකාශයට පත්වූ සැනින් අඩවියේ feed එකටත් අර අන්තර්ගතය (සම්පූර්ණයෙන්, කොටසක් පමණක්, ඉමේජ රහිතව අකුරු පමණක්, යනාදී ඕනෑම ආකාරයකට) එකතු වෙනවා. ඕනෑම අයෙකුට පුලුවන් මෙම feed එක වෙත subscibe වන්නට. එනම් තම පරිගණකයේ ඇති වැඩසටහනකට (උදා: Firefox, Akregator, FeedReader) හෝ වෙබ්-වැඩසටහනකට (උදා: Google Reader) උපදෙස් දෙන්නට පුලුවන් නිශ්චිත කාල පරාසයකට වතාවක් අදාල අඩවි වල feeds කියවා බලා අලුත් යමක් ඇත්නම් එය ගබඩා කර තබා ගන්නා ලෙස. පරිශීලකයාට අර වැඩසටහන මගින් එකවර අර සියලුම අඩවි වල අලුත් අන්තර්ගතයන් බලාගත හැකියි.
Feeds වල ඇති වාසි රැසක් තියෙනවා. අප මුලින් සඳහන් කලාක් මෙන් පරිශීලකයන්ට අඩවිවලට ගොඩවැදීමකින් තොරව අඩවිවල අලුත් අන්තර්ගතයන් කියවිය හැකියි. එමෙන්ම අලුත් අන්තර්ගතයක් ප්‍රකාශයට පත්වූ සැනින් එය පරිශීලකයන්ට දැන්විය හැකියි. සාරාංශගත feed එකක් ලබා දීම මගින් පරිශීලකයන්ට අවශ්‍ය ලිපි පමණක් තෝරාගැනීමට ඉඩකඩ සලසා දිය හැකියි. වැදගත්ම දේ පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වීමයි. ඔබ බොහෝ අඩවි වල Newsletter එවීමට යැයි කියමින් ඔබේ email ලිපින ඉල්ලා තිබෙනවා. මෙසේ එකතු කරගන්නා ඊමේල් ලිපින වලට spam email ලැබීමටත් හැකියාව තිබෙනවා. එපමණක් නොව ඔබට අර Newsletter අනවශ්‍ය නම් එයින් un-subscribe වීමට වෙනම ක්‍රියාවලියක් සිදු කිරීමට අවශ්‍යයි. නමුත් මෙම web feeds හරහා අඩවියකට subscribe වීමේදී එබඳු ප්‍රශ්න නෑ. ඔබට අවශ්‍ය විටෙක feed එක කියවීම අත්හැර දැමිය හැකියි.
ඇයි මේ පරිගණකයේ ඇති වැඩසටහන් වලට web feed එක සම්බන්ධ කර නොගෙන කෙලින්ම අර අඩවි වලින් අන්තර්ගතය කියවීමට බැරි? ඔවු.. මෙය සියලු දෙනාටම දැන් නැගෙන්න පුලුවන් ප්‍රශ්නයක්. මීට පිලිතුර තමයි විවිධ අඩවි වල අන්තර්ගතය විවිධ ආකෘති වලින් තිබීම නිසා, ඒවායේ සම්මත ආකාරයක් නොතිබීම නිසා පරිගණක වැඩසටහනකට ඒවා කියවීම අසීරු වීම. එසේනම් විවිධ අඩවි වලට විවිධ වැඩසටහන් සැකසීමට සිදුවේවි. නමුත් web feed යනු අන්තර්ජාතික සම්මතයකට අනුව සැකසුනු දෙයක්. මොන අඩවියේ වුවත් feed එක නියත ආකෘතියකින් තමයි සැකසී තියෙන්නේ. මේ නිසා එක වැඩසටහනකට සියලුම feeds කියවීමේ හැකියාව ලැබෙනවා. එනම් feeds යනු ලොව පුරා විවිධ වෙබ් අඩවි වල අන්තර්ගතයන් සම්මත ආකාරයකට ඉදිරිපත් කිරීමක් ලෙසත් අර්ථ දැක්විය හැකියි.
ඔබගේ බ්ලොග් අඩවියත් මෙසේ නිතර update වන වෙබ් අඩවියක් නිසා ඊටත් web feed එකක් තිබීම අවශ්‍යයි. මේ නිසා සියලුම බ්ලොග් අඩවි සේවා සපයන්නන් පාහේ තම බ්ලොග් වලට web feed එකක්ද සපයනවා.
අප මෙතෙක් සාකච්ඡා කලේ web feeds යන වදන පිලිබඳවයි. එහෙනම් මොකක්ද මේ ජනප්‍රිය වචනය “RSS”? RSS කියන්නේ එක්තරා web feeds වර්ගයක්. Atom යනුවෙන් තවත් වර්ගයක් තිබෙනවා. මේ දෙක අතර ඇත්තේ තාක්ෂණික වෙනස්කම් කීපයක් නිසාත් දෙකෙන්ම සිදුවන්නේ එකම කාර්යය නිසාත් අප ගැඹුරින් ඒ ගැන කතා කරන්නට පෙලඹෙන්නේ නැහැ. RSS යන නම ජනප්‍රිය වන්නට හේතුව එය පැරණිම එක වීමත් වැඩිම අඩවි සංඛ්‍යාවක භාවිත වීමත්. WordPress හා Blogger යන ප්‍රධාන බ්ලොග් අඩවි සේවා සපයන්නන් දෙදෙනොම තම බ්ලොග් අඩවි සඳහා RSS මෙන්ම Atom යන feed දෙවර්ගයම ලබාදෙනවා. නමුත් Blogger හි මූලික feed වර්ගය Atom වන අතර WordPress හි එය RSS.
ඔබේ බ්ලොග් අඩවියේ feed එක සොයාගැනීම
ඔබේ බ්ලොග් අඩවිය WordPress එකක්නම්, අඩවියේ URL එකේ අගට /feed/ කොටස එකතු කිරීමෙන් එහි RSS feed එක ලබාගත හැකියි.
උදා: http://example.wordpress.com/feed/
WordPress බ්ලොග් එකක Atom feed එක ලබාගැනීමට අවශ්‍ය නම් URL එකේ අගට /feed/atom/ ලෙස ලබාදෙන්න.
උදා: http://example.wordpress.com/feed/atom/
ඔබේ බ්ලොග් අඩවිය Blogger එකක් නම් එහි Atom feed එක ලබාගැනීමට URL එක අගට /feeds/posts/default යනුවෙන් එක්කරන්න.
උදා: http://example.blogspot.com/feeds/posts/default
එහි RSS feed එක ලබාගැනීමට නම් URL එකේ අගට /feeds/posts/default?alt=rss ලෙස එකතු කල යුතුයි.
උදා: http://example.blogspot.com/feeds/posts/default?alt=rss
දැන් ඔබේ බ්ලොග් එකේ feed එකේ ලිපිනය සොයාගැනීම තවදුරටත් ගැටලුවක් නොවෙයි.
ඔබට වෙනත් අඩවියක feed ලිපිනය සොයාගැනීමට අවශ්‍ය නම්, ඒ අඩවිය web feeds සපයයි නම්, එහි Feed ලාංඡනය හෝ “RSS” “Feed” “XML” “Subscribe to Feeds” වැනි වදනක් සහිත ලින්ක් එකක් තිබේ දැයි බලන්න.
Feeds හා සින්ඩිකේටරය ක්‍රියාකරන අයුරු
මුලින් සඳහන් කල ආකාරයට අපේ පරිගණකයේ ඇති වැඩසටහනකින් අපට පුලුවන් web feed කියවා බලා එහි ඇති අලුත් දේ ගබඩා කර තබාගන්නට. සින්ඩිකේටරය සිදුකරන්නේත් මේ ආකාරයේම ක්‍රියාවලියක්. අප සින්ඩිකේටරය වෙත ලබාදී ඇත්තේ සියලුම බ්ලොග් වල web feed වල ලිපිනයන්. සින්ඩිකේටරය නිශ්චිත කාල ප්‍රාන්තරයකට වරක් අර feed සියල්ලම කියවා බලා අලුත් යමක් ඇත්නම් එය ලබාගෙන සින්ඩිකේටරයේ මුල් පිටුවේ දර්ශණය කරනවා.
අපට සින්ඩිකේට් කිරීමේ කර්තව්‍යයේදී වඩාත් වැදගත් වන්නේ ඔබේ feed එකේ ලිපිනය නිසා තමයි අප නිරතුරුවම feed ගැන කතා කරන්නේ. සින්ඩියට බ්ලොග් අඩවියක් ඇතුලත් කිරීමේදී අප feed ලිපිනයත් ඉල්ලා සිටියත්, ඔබේ බ්ලොග් අඩවිය WordPress, Bloggger වැනි ජනප්‍රිය බ්ලොග් සේවාවක එකක් නම් එහි feed ලිපිනය සඳහන් කිරීම අවශ්‍ය නැහැ. එය අපට සොයාගත හැකියි. ඔබ එතරම් ප්‍රචලිත නොවන වෙනත් බ්ලොග් සේවාවක් භාවිතා කරනවානම් පමණක් ඔබේ feed ලිපිනයද සඳහන් කිරීම අපට පහසුවක් වනු ඇති.
ඇසුරු කල ලිපි:
1. WordPress Codex – WordPress Feeds
2. Blogger Help – Blogger Feed URLs
3. Wikipedia – Web Feed




48 Comments
ඇත්තටම ගොඩක් වැදගත් ලිපියක්. බ්ලොග් අඩවි වල feed එක සොයාගැනීම මම දැනගත්තේ මේ ලිපියෙන්.
හ්ම්ම් ඇත්ත කියනවා නම් මමත් මේක කියවනකන් මෙච්චර හරියක් RSS FEEDS ගැන දැනන් හිතියේ නෑ | බොහොම ස්තුතියි අපිව දැනුවත් කරාට
ඉතාම සරල විග්‍රහයක්. මේ ගැන තවමත් අවබෝධයක් නැති අය ඉන්නවනම් මෙතන comment වලින් සාකච්ඡා කරමු.
හ්ම් එහෙම නම් මට මෙන්න මෙහෙම ගැටලුවක් එනවා. දැනට බ්ලොගර් වල හරි වර්ස්ප්‍රෙස් වල හරි තමන් ගේ බ්ලොග් එක කරන කෙනෙක්ට බ්ලොග් එක වෙන තැනකට ගෙනිච්චොත් URL Redirect එක කරනවා වගේ Rss Feed redirect කරන්න බැරිද?
@ Dar[K]
සාමාන්‍ය බ්ලොග් සේවාවකින් ඒ වැඩේ කරන්න බෑ. නමුත් Feedburner වගේ බාහිර සේවාවක් පාවිච්චි කරලා නම් Source Feed එක වෙනස් උනත්, පරිශීලකයන්ට එකම feed ලිපිනයක් ලබාදෙන්න පුලුවන්.
උදාහරණයක් විදියට මේ බ්ලොග් එකේ Feedburner මගින් ලබාදෙන ලිපිනය http://feeds.feedburner.com/sinhalabloggersblog
අපි මේ බ්ලොග් එක වෙනත් url එකක් යටතත ගෙනගියත් මේ http://feeds.feedburner.com/sinhalabloggersblog ලිපිනය වෙනස් කරන්න අවශ්‍ය නෑ.
මට ඕක ඒකාලයේ සිට තිබුන ප්‍රශ්නයක් ඒත් මම ඒකට විසඳුමක් හිතලා සොයා ගත්තා මම ඒ විසඳුමේ නිවැරදිතාවය පරීක්ෂා කරන්න හොඳ ලිපියත් නැතුව හිටියේ ඒත අද මේ ලිපියෙන් මගේ මතය නිවැරදියි කියලා මම තීරනයකට එළඹුනා… මේ ලිපිය පල කලාට ස්තූතියි…
ස්තූතියි
හොඳ ලිපියක්, ස්තූතියි
සරල පැහැදිලි කිරීමක්…
/බිඟුවා…!
ගොඩක් ස්තුතියි
මේ ලිපිය සහ ඉන්ද්‍රනාමගේ පැපැදිලි කීරීම ඉතාම වැදගත්, එවිට බාහිර සේවාවක් යොදාගත්විට feed ලිපිනය වෙනස් ආකරයකට ලැබෙන විදිය හොදින් පැහැදිලි වෙනව
@ sanjeew
ස්තූතියි. මෙසේ Feedburner නැමති බාහිර සේවාව (මෙය Google විසින් නොමිලේ ලබාදෙන සේවාවක්) භාවිතා කිරීම මගින් අපේ බ්ලොග් අඩවියේ සාමාන්‍ය feed එක භාවිතා කරනවාට වඩා වැඩි සේවාවන් රැසක් ලබාගත හැකියි. උදාහරණයක් ලෙස අවශ්‍ය අයට අපේ feed එක email හරහා කියවන්නත් අවස්ථාව ලබාදිය හැකියි. එවිට අපේ feed එක update වූ සැනින් ඔවුන්ට ඊමේල් හරහා නව අන්තර්ගතය යනවා.
ස්තුතියි,
කොච්චර කල් මේ පිළිබඳ තොරතුරු හෙව්වද අද තමයි හරියට දැනගත්තෙ. මෙවන් තොරතුරු නිරතර ලියන්න.
මම feeds කියවන්නෙ Outlook වල. එකම තැනකින් මගෙ email ටිකයි feeds ටිකයි කියවගන්න පුලුවන් එක ලොකු පහසුවක්.
මේක නම් හුඟක් ම වැදගත් . . . බොහොම ස්තූතියි.
හැබැයි ඉතින් කියපු විදිහට කරගන්න පුලුවන් වෙයිද දන්නෙ නැහැ..
මොකද . . . කරන්න ගිහාම තමයි . . . ඉඳුරු මල්ලිගෙ බාසාවෙන්ම කීවොත්. . . අපි අල කරගන්නෙ. . . .
hemantha samarakoon.
කිව්ව වගේම අල වුනානෙ. මෙන්න ආපු ප්‍රථිඵල . . .
RSS – Blog Submission
we manually subit your RSS/blog to high PR sites only $ 9.99
Your search for http://hsamarakoon.myblog.lk/feed/ did not match with any Web results.
@ hemantha samarakoon
කිසිම අලයක් වෙලා නෑ නෙ,
ඔබේ බ්ලොග් එකේ feed එක http://hsamarakoon.myblog.lk/feed/ ඒක අවුලක් නැතුව වැඩ කරනවනේ.
දැං ඔබට මොකක්ද කරන්න අවශ්‍ය?
ඉතා වැදගත් ලිපියක්.. ඇත්තටම මේ ආආඑස් ගැන දැන ගන්න ලොකු උවමනාවක් තිබුනත් ඒ වෙනුවෙන් වෙන් කරන්න කාලයක් තිබුනෙ නැහැ. අනික ඒ සම්බන්ධ දැනුමක් තියන ගෝතයෙක්ව හොයා ගන්නන පුළුවන් උනෙත් නැහැ. තවත් මේ වගේ නොදන්න ගොඩක් දේවල් තියනව.. මේ බොලෝග් එකේ ඇඩ්මින් සහෝදරයට පසුව ඊමේල් කරන්නම්.. කොහොම උනත් ඉතාමත් වැදගත් තොරතුරු ටිකක් ඉතා සරලව කියල දුන්නට ගොඩක් පින්… ජයවේවා…
වැදගත් සරල ලිපියක්…
සැහෙන හොද ලිපියක් ස්තුතියි මෙවැනි එකක් පළ කිරිම ගැන
මොකද අපි වුනත් මුලදි මෙවැනි දෙ වල තෙරුම හොයා ගන්න බැරිව , එවට විඩංගු කරන්න කාලය නැතිව ලතවුනානේ.
ඉතින් එ ගැන හිතනකොට මුලින්ම පටන් ගන්න කෙනෙකුට එපාවෙන්නේ නැතිව ආසාවෙන් කරගෙන යන්න මෙවැනි දෙ තිබිම අත්‍යවශ්‍යයි.
නැවතත් ස්තුතියි ඔබට.
ඉතාම වැදගත් ලිපියක්. බොහොම ස්තූතියි. සරලව පැහැදිලි කරල තියෙනවා.
ස්තුතියි. මේ ගැන අදයි දැන ගත්තේ.
මම කලින් මෙලො දෙයක් දැනගෙන හිට්යෙ නෑ..
දැන් නම් තේරුනා එළ කිරි වගේ,,,
හරිම ප්‍රයෝජනවත් ලිපියක්…. සමනලීත් ඹය ගැන කිසිම දෙයක් නොදැන උන්නේ….. බොහොම ස්තූතියි….!
නියමයි !!
පොඩි බබා තාම අළුත් පොඩි බබාටත් වැඩේ තේරුනා…
ස්තූතියි!
ඉතා වැදගත්!
මේ ලිපිය පල කලාට ස්තූතියි
වැදගත් ලිපියක්………….
හොඳයි. නොදන්න දෙයක් ඉගෙන ගත්තා. ඉතාමත්ම සරළයි…
මම මේ අලුතෙන් blog එකක් පටන් ගන්න කලින් එව්ව මෙව්වා කියව කියව බැලුවා මොනාද කරන්න ඕනේ කියලා. එතකොට තමා මේ කතාව හම්බවුනේ. RSS feeds දාලා තිබුනට මොකද technically මෙලෝ දෙයක් දන්නෙ නෑනේ.
මේක set වෙච්ච එක ලොකු දෙයක් ; තාම හරියටම ඕන කරන විස්තර ( like how to get different RSS feeds for seperate articles … etc. ) ඔක්කොම නැතත් හොඳට විස්තර ඇතුව තේරුම් කරලා තියෙන නිසා මේකෙන් follow up කරලා ඉතුරු ටික දැනගන්න පුලුවන් වේවි මම හිතන්නේ .
මේක දැම්මට බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි. දැනුවත් කලාට…………………
RSS feeds ගැන අදයි දැන ගත්තේ. එක ලොකු දෙයක්.
බොහොම ස්තුතියි
-චන්දන සිරිමල්වත්ත
ගොඩාක් වැදගත් පැහැදිලි කිරීමක්..ස්තූතියි.
bohoma wedagath lipiyak. thank you so much 4 the information. appreciate it.
බොහොම ස්තූතියි.
මම මේ ගැන දැනගන්න කොච්චර කට්ටක් කෑවද. Group ගණනාවකින් ඇහුව ඒත් මේ තරම් හොද පිලිතුරක් ලැබුනෙ නෑ ඒ එකකවත්.
මම හරියටම ෆීඩ් ගැන දැනගත්තේ නම් අද තමයි…බොහෝම ස්තුතියි…..ගොඩාක් වටිනවා
මන් RSS එක ගැන දනගෙන හිටියෙ නති නිසා ගොඩක් දෙවල් වැරදියට කලේ.මේ ලිපිය එකට ගොඩක් වැදගත් වුනා…
බොහොම ස්තූතියි…. වැදගත් ලිපියක්…
ස්තූතියි වෙවා!!! මම ඔක ගැන කලින් දැනගෙන හිටියේ නෑ
සොයා සොයා ආවා මම සෙව්ව මැණික හමු උනා
ම්ම් ගොඩක් වැදගත් වුනා. ස්තූතියි
I didn’t know that things until i read that page. thank you very much . its very useful for anyone. thanks again.
මේක හොයා ගන්න බැරුව හිටියෙ දැන් වැඩේ හරි. ස්තූතියි!
ෙගාඩක් වැදගත් ලිපියක්. ස්තූතියි
Akakiri mamat danui danagatte
ගොඩක් වැදගත් ලිපියක්…බොහොම ස්තුතියි….
normal web site ekakata feed addres ekak hadaganne kohomada kiyala hiyala denna puluwanda???????????????????
මෙච්චර ලේසියෙන් කියවගන්න තැනක් තියෙනව කියල කලින්ම මීටර් වුනා නම් RSS ගැන හොය හොය පැය ගනන් කට්ට කන්න වෙන්නේ නෑ. Feed Burner and Atom ගැන වැඩි විස්තර දැන ගත්තා. බොහොම ස්තූති.
සිංහල භාෂාවෙන් මේ වගේ ලිපි ලිවීම පිළිබද ඔබට ප්‍රශංසා කළ යුතුයි…
One Trackback
[...] ලිපි: Feed පිලිබඳව සරලව සිංහල බ්ලොග් කියවනය » ඔබේ බ්ලොග් [...]