ඔබ මෙතෙක් දවස් පුල පුලා බලා සිටි සිංහල බ්ලොග් (මිනි) මැරතන් ඉසවුව අද (24) රාත්‍රී 8 සිට හෙට (25) උදෑසන 8 දක්වා පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර අවසන්. මේ සැරසෙන්නේ මැරතන් ඉසවුව හා සම්බන්ධ වැදගත් නිවේදන කීපයක් නිකුත් කිරීම සඳහායි.
- ඉසවුව නැරඹීමට එක්වන අයට ඒ අවස්ථාව වන විට http://marathon.sinhalabloggers.com ලිපිනයේ ඇති මැරතන් සින්ඩිකේටරය හරහා එය නැරඹිය හැකියි.
- සජීවී රේඩියෝවට සවන්දීමට හා චැට් කාමරය සඳහා එක්වීමට http://techkatha.com/chat/ වෙත යන්න.
- චැට් සඳහා password අනවශ්‍යයි. ඔබට කැමති nickname එකක් පමණක් ලබාදී Connect එබීම සෑහේ.
- සජීවී රේඩියෝව (වෙබ් පිටුවේදී නොව) ඔබේ ප්‍රියතම මීඩියා ප්ලේයරයෙන් ඇසීමට කැමති අය පමණක්, Windows Media Player සඳහා මෙම ගොනුවද, Winamp, iTunes, VLC, jetAudio, Totem හෝ වෙනත් ප්ලේයර සඳහා මෙම ගොනුවද බාගත කරගෙන අදාල ප්ලේයරයෙන් විවෘත කරගත හැකියි. (අනිත් අයට වෙබ් පිටුව තුලින්ම රේඩියෝවට සවන් දිය හැකියි)
- චැට් කිරීම සඳහා වෙබ් පිටුව නොව IRC client software එකක් භාවිතා කරන අය පමණක් ඒ සඳහා මෙම විස්තර යොදාගන්න. (අනිත් අයට වෙබ් පිටුව තුලදී කිසිදු අවහිරයකින් තොරව චැට් කාමරය වෙත එක්විය හැකියි)
- IRC Server: irc.geekshed.net
- Channel: #techkatha
මැරතන් සින්ඩිකේටරය, සජීවී රේඩියෝව මේ මොහොතේ ක්‍රියාත්මක නොවන බවත්, එය ආරම්භ වන්නේද ඉසවුවේ ආරම්භය සමගම බවත් කරුණාවෙන් සලකන්න. මේ සම්බන්ධයෙන් ඔබට යම් ගැටලුවක් ඇතිවේනම් වහාම admin[at]snhalabloggers[dot]com ඊමේලය හරහා අප අමතන්න.
මැරතන් ඉසවුව සඳහා මේ වන විට සහභාගී වන බ්ලොග් අඩවි/නම් මෙසේයි. මැරතන් සඳහා ලියාපදිංචි කර ගැනීම අද සවස 6න් අවසන් වන නිසා ඔබ මැරතන් දිවීමට බලාපොරොත්තු වනවානම්, තවමත් මැරතන් සඳහා ලියාපදිංචි වී නැත්නම් දැන්ම ලියාපදිංචි වන්න.
|
|
එසේනම් මැරතන් ඉසවුව සමග අද රාත්‍රී 8ට හමුවෙමු.




14 Comments
බ්ලොග් මැරතන් එකට ජය වේවා !!
ඉදිරිපත්වෙන සෑම දෙනාටම සුභපැතුම්.
නරඹන්නොත් ගොඩක් ඉදිවි කියල බලාපොරොත්තු වෙනවා.
සහභාගී වෙන සියල්ලටම උනුසුම් සුභ පැතුම්. මං වතුර බාල්දි එහෙම ලෑස්ති කරන් ඉන්නේ.
ela ela..
wessa nethnam maxxii wey
මෙහි බ්ලොග් අඩවියේ නමත් තිබ්බානම් හොඳයි නේද?
එල කිරි. එහෙනම් අද රෑ 8ට හම්බ වෙමු. මම ඇතුළු හැමෝටම සුභ පැතුම්!!!
ඔන්න එහෙම නම් Dar[K]ගෙනුත් උණුසුම් සුබ පැතුම් !!! කට්ටියටම වතුර ගහන්න ඉන්නවා
මම මේ වතුර ලෑස්ති කරනවා. හිටපල්ලා මම උඹලා ඔක්කොවම හොඳට නාවන්නම්…
එහෙනම්, දුවන හැමෝටම සුබ පැතුම් !
පුලුවන්තරම් දුවනවා… කට්ටියම සෙට් වෙලා දුවමු හොදේ…
මැරතන් දුවන සියල්ලන්ටම නොනැවතී දුවන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියා පාර්ථනා කරනවා. වතුර ගහන්න එන්නම්.
සජීවී රේඩියෝවට සමාන්‍ය ටෙක් කතා වැඩසටහන් වගේ පස්සේ ඩවුන්ලෝඩ් කරන්න දෙනවද? එහෙම දුන්නොත් ලොකු උදව්වක්.
All the best for all the members…
මගෙන් උණුසුම් සුභ පැතුම් දුවන හැමෝටම ! වතුර බාල්දි ලෑස්තියි.. අපි ඉන්නවා..
merathan ekata nam lesthi wela inne…. hebei tikak bayai wage hik hik
@පබලු: බය වෙන්නෙ මොකටද, කස්ටිය කන්නෙ නෑ නෙ. දුවගන්න අමාරු උනාට ගහන්නෙ නෑ නෙ. ඔක්කොමල්ල එක්ක දුවන්න තියෙන්නෙ සහයෝගයෙන්.