රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් දෙවැනි වරට සංවිධානය කරනු ලබන සිංහල බ්ලොග්කරණ තරගාවලිය මේ වන විට ආරම්භ වී තිබෙනවා. මෙය අපගේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට වැදගත් වන්නේ මෙවර එම තරගාවලිය සඳහා සම්පත් දායකත්වයෙන් අප සම්බන්ධ වන නිසයි. සිංහල බ්ලොග්කරණය ප්‍රචලිත කිරීමේ අරමුණින් යුතුව ක්‍රියා කරන අප එවැනිම තවත් වෑයමක් වන මෙම තරගාවලිය සඳහා සහාය ලබාදෙන්නේ හදපිරි සතුටින්.
තරගාවලියට සහභාගී වන බ්ලොග් අඩවි අපගේ සිංහල බ්ලොග් කියවනයේ “තරගාවලිය“ නමින් යුත් නව ටැබයක දිස්වනු ඇති.
තරගාවලිය සම්බන්ධ තොරතුරු, තරගයේ නීතීරීති හා තරගාවලියේ අයදුම්පත් ලබාගැනීම සඳහා ඔබට රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ වෙබ් අඩවියට පිවිසීමට පිලිවන්. ඒ සඳහා මෙම යොමුව භාවිත කරන්න: http://www.sahithya.lk/sinhala-blogging-competition/
තරගාවලියට සහභාගී වන බ්ලොග් අඩවි වල අලුත්ම ලිපි අපගේ සිංහල බ්ලොග් කියවනය හරහා කියවීමට මෙම යොමුව භාවිත කල හැකියි: http://blogs.sinhalabloggers.com/competition/
සිංහල බ්ලොග්කරණ තරගාවලිය සඳහා අප සංසදයත් රාජකීය විද්‍යාලයත් එකමුතුව සිදු කරන ඉදිරි කර්තව්‍යයන් පිලිබඳ පුවත් මෙම බ්ලොග් අඩවිය තුලින් ඔබ වෙත ගෙනඑනු ඇති.
තවමත් ඔබ බ්ලොග්කරණ තරගාවලිය සඳහා ලියාපදිංචි වූයේ නැතිනම් ලියාපදිංචි වීමට තවත් ප්‍රමාද විය යුතු නැහැ!
වැදගත්: සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ කිසිදු පරිපාලකයකු මෙවර බ්ලොග්කරණ තරගාවලිය සඳහා තරග නොකරනු ඇති.
මට මේකෙ ලෝගො එක දාගන්න බැහැ. ( විවෘත
අංශය )
මට ඒක දාගන්න ලේසි විදිහක් කියන්න පුලුවනිද … කරුණාකර…
මගේ අඩවියත් එකතු කරා.
@hemantha-
ඔය code එක අරගෙන අවශ්ය තැන paste කරන්නබැනරයට යටින් මේකෙ කෝඩ් එකක් පෙන්නන්නෙ නෑ. එහි පෙනෙන්නෙ එහා මෙහා කළ හැකි බාර් එකක් පමණයි.
සිංහල භාෂාවේ අන්තර්ජාල භාවිතය ප්‍රචලිත කරන මෙම වැඩපිළිවෙල සාර්ථකවේවා යි පතමු෴
සිංහල භාෂාවේ අන්තර්ජාල භාවිතය ප්‍රචලිත කරන මෙම වැඩපිළිවෙල සාර්ථකවේවා යි පතමි෴
සිංහල භාෂාවේ අන්තර්ජාල භාවිතය ප්‍රචලිත කරන මෙම වැඩපිළිවෙල සාර්ථකවේවා යි පතමි෴