සිංහල ලිපි සඳහා වෙනම පෝෂකයක් (feed) සකස් කරමු

අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතය නැංවීමට ආධාර උපකාර සැපයීම සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ප්‍රධානතම අරමුණු වලින් එකක්. සිංහල බ්ලොග් කියවනය පවත්වාගෙන යන්නේ මේ අරමුණ සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් බ්ලොග්කරුවන්ට ලබා දෙන එක් පහසුකමක් ලෙසයි. සිංහල බ්ලොග් කියවනය තුළ මේ වන විට බ්ලොග් අඩවි අටසියයකට අධික ප්‍රමාණයක් සින්ඩිකේට් වෙනවා.

සිංහල බ්ලොග් කියවනය තුළ ඉඩකඩ ලබා දෙන්නේ සිංහලෙන් ලියනු ලබන බ්ලොග් අඩවි සඳහා පමණයි. නමුත්, සිංහල හැර වෙනත් භාෂා වලින් ද ලේඛණ කටයුතු වල නියැලෙන බ්ලොග්කරුවන්ගේ පහසුව තකා යම් සහනයක් ලෙස බහුභාෂා බ්ලොග් අඩවි ද සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් කර ගනු ලබනවා.  නමුත් මෙහිදී ඔබ විසින් සිංහල ලිපි සඳහා වෙනම RSS පෝෂකයක් (Feed) ලබාදිය යුතු වෙනවා.

මේ “වෙනම RSS පෝෂක” සකස් කරගන්නා ආකාරය සමහර අයට ගැටළු සහගත කාරණාවක්. මේ නිසා ඔබේ පහසුව තකා අපි සිංහල ලිපි සඳහා වෙනම පෝෂකයක් සාදා ගන්නා ආකාරය අපගේ නිළ බ්ලොග් අඩවිය හරහා ඉදිරිපත් කරන්නට අදහස් කළා.  දැනට වැඩිපුරම භාවිත වන ප්‍රධාන පෙළේ බ්ලොග්කරණ සේවා දෙකක් වන Blogger හා WordPress සම්බන්ධයෙන් මෙය සිදු කරගන්නා අකාරය අපි මෙහි වෙන වෙනම ඉදිරිපත් කරනවා.

Blogger සඳහා:
Google මගින් ලබා දෙන බ්ලොග්කරණ සේවාව වන Blogger හි සිංහල ලිපි සඳහා වෙනම RSS පෝෂකයක් ලබා දීම සඳහා අපට එහි ලේබල (Labels) භාවිත කළ හැකියි. මේ සඳහා පහත දැක්වෙන පියවර අනුගමනය කරන්න.
1. ඔබ විසින් සිංහලෙන් ලියනු ලබන සෑම බ්ලොග් ලිපියකදීම, ‘සිංහල‘ යන වදන ලේබලයක් ලෙස එකතු කරන්න. (මෙහිදී ‘සිංහල‘ යන්න හැර වෙනත් ඕනෑම වදනක් වුවත් භාවිත කළ හැකියි [උදා: 'si']. මෙය අවශ්‍ය වන්නේ සිංහල ලිපි හඳුනාගැනීම සඳහා පමණයි.)
* මෙහිදී ඔබ විසින් එම Labels කොටුවේ දැනටමත් යමක් සඳහන් කර ඇත්නම්, එහි අගට කොමාවක් යොදා ‘සිංහල‘ යයි සඳහන් කරන්න.

බ්ලොගර් ලේබල

ඔබ විසින් සිංහලෙන් ලියනු ලබන සෑම ලිපියකම ලේබල යටතේ මේ ‘සිංහල‘ යන්න සටහන් කළ යුතුයි (මෙය පහසුවෙන් කිරීම සඳහා රූපසටහනේ රතු පැහැයෙන් සලකුණු කර ඇති Show all සබැඳිය මගින් හැකියි). එවිට එම ලිපිය ස්වයංක්‍රීයවම සිංහල ලිපි සඳහා විශේෂිත පෝෂකය වෙත එකතු වෙනවා.

2. දැන් ඔබේ සිංහල ලිපි සඳහා අදාළ පෝෂකය සොයා ගනිමු. මේ සඳහා ඉහත කී ලේබලය යටතේ ඔබ විසින් අවම වශයෙන් එක් ලිපියක් හෝ පළ කොට තිබිය යුතුයි. පහත දැක්වෙන ආකෘතියට අනුව ඔබේ සිංහල ලිපි සඳහා පෝෂකය සටහන් කරගන්න. (මෙහි YOURBLOG.blogspot.com වෙනුවට ඔබේ බ්ලොග් අඩවියේ ලිපිනය ආදේශ කරගන්න)

http://YOURBLOG.blogspot.com/feeds/posts/default/-/සිංහල


WordPress සඳහා:
Wordpress හිදී අපට ප්‍රවර්ග (categories) හෝ හැඳුනුම්කාරක/ ටැග (tags) භාවිත කළ හැකියි. ප්‍රවර්ග, නැවත උප ප්‍රවර්ග වලට බෙදිය හැකියි. ටැග, බොහෝ දුරට Google Blogger හි ඇති ලේබල අංගය හා සමානයි. ඔබේ අවශ්‍යතාව අනුව වඩාත් සුදුසු ප්‍රවර්ග භාවිතයද නැත්නම් ටැග භාවිතයද යන්න පළමුව තීරණය කරගන්න.

ප්‍රවර්ග සඳහා:
1. WordPress හි නව ලිපියක් ලියන කවුළුවේ දකුණු පස මඳක් පහළට වෙන්නට ඇති Categories කොටුව සොයා ගන්න.

2. මෙයින් ඔබට රිසි පරිදි නව ප්‍රවර්ගයක් එකතු කළ හැකියි. උදාහරණයක් ලෙස, ඔබ තැනූ නව ප්‍රවර්ගය ‘සිංහල‘ නම් ඊට අදාළ වන පෝෂක ලිපිනය පහත පරිදි වෙයි.

http://YOURBLOG.wordpress.com/category/සිංහල/feed/

3. සිංහල ලිපියක් ලියන සෑම අවස්ථාවකදීම මෙම ප්‍රවර්ගයට ඔබ විසින් සලකුණු කළ යුතු වෙයි (රූපසටහන බලන්න). සිංහල ලිපි සඳහා වන පෝෂකයට ඔබේ ලිපිය එක් වන්නේ එවිටයි.

ටැග සඳහා:

1. ඉහත සඳහන් කළ Categories කොටුවට පහළින් ඇති Post Tags කොටුව සොයා ගන්න.

2. ඔබට රිසි පරිදි නව ටැගයක් මෙයින් එක් කළ හැකියි. ඔබේ නව ටැගය ‘සිංහල‘ නම්, ඊට අදාළ පෝෂක ලිපිනය පහත පරිදි වෙයි.

http://YOURBLOG.wordpress.com/tag/සිංහල/feed/

ඔබේ බ්ලොග් අඩවියේ සිංහල හැර වෙනත් භාෂා වලින් ද ලිපි පළ කෙරෙන්නේ නම්, සිංහල බ්ලොග් කියවනය වෙත ඔබේ බ්ලොග් අඩවිය යොමු කිරීමේ දී ඔබේ සිංහල ලිපි ලේබලයට/ ප්‍රවර්ගයට/ ටැගයට අදාළ වෙබ් පෝෂක ලිපිනය අප වෙත ලබා දෙන්න.

මෙම ලිපියේ යම් කිසි අපැහැදිලි තැනක් වේ නම් සිංහල බ්ලොග්කරුවන්ගේ ගුග්ල් සමූහයෙහි ඒ පිළිබඳව සාකච්ඡා කළ හැකියි.

ආශ්‍රිත ලිපි:
Feed පිලිබඳව සරලව
සිංහල බ්ලොග් කියවනය » ඔබේ බ්ලොග් අඩවියත් එකතුකරන්න

බාහිර සබැඳි:
Categories vs. Tags « Support — WordPress.com
Add Feeds to Blogger labels
Web feed – Wikipedia, the free encyclopedia

සටහන:
සිංහල අන්තර්ගතය යන්නෙන් අපි අදහස් කරන්නේ සිංහල යුනිකෝඩ් අකුරින් ලියූ අන්තර්ගතයයි. ලතින් නොවන අක්ෂරමාලා (non-Latin script) සඳහා ජාත්‍යන්තර සම්මතය වන යුනිකෝඩ් හි ප්‍රවර්ධනය තොරතුරු තාක්ෂණ යුගයේ සිංහල භාෂාවේ තිරසාර පැවැත්ම තහවුරු කිරීමෙහි ලා විශාල පිටිවහලක් වන බව අප හඳුනාගත්තේ මීට බොහෝ කලකට පෙර යි.

Share and Enjoy:
  • Digg
  • del.icio.us
  • Facebook
  • Google Bookmarks
  • Identi.ca
  • Ping.fm
  • Slashdot
  • Twitter
This entry was posted in How-to's, බ්ලොග්කරණය and tagged , , , . Bookmark the permalink. Post a comment or leave a trackback: Trackback URL.

6 Comments

  1. Posted May 28, 2010 at 3:44 pm | Permalink

    දැන් මේක කියන විදියට අපි මීට පස්සේ දාන හැම post එකකට ම “සිංහල” කියලා දාන්න ඕනේ කියන එක නේ.
    අපේ පරණ පොස්ට් වලට මේ විදියට දැන් දාන්න ඕනේ ද????

  2. Posted May 28, 2010 at 3:46 pm | Permalink

    මේක හොඳ වැඩක්. මේ දේ අපේ දැනුමටත් හොඳයි. මම නම් මේ ක්‍රමේ භාවිතා කරනව මගෙ එක බ්ලොග් අඩවියක, ඒ ඒ categories වලට වෙනම feeds හදල, ඒ ඒ ඕනෙ කරන ඒව විතරක් බලන්න ඕනෙ අයට සහයක් වශයෙන්.

  3. Posted May 28, 2010 at 3:48 pm | Permalink

    @ හිමත්
    එහෙම අදහසක් එනවද මේකෙන්? :D
    මේ කියලා තියෙන්නෙ තමන් බ්ලොග් එකේ බාසා දෙකෙන්ම ලියන්න බලාපොරොත්තු වෙන අයට විතරයි :)

  4. Posted May 28, 2010 at 4:08 pm | Permalink

    මේක අදාල වෙන්නේ සිංහල ලිපි සමඟ ඉංග්‍රීසි භාෂාවෙන් ද ලියැවෙන ( බහු භාෂා :D ) බ්ලොග් අඩවි වලට විතරයි නේ… මේහෙම කෙරුවම වෙන්නේ ලියන සිංහල ලිපි පමණක් සිංහල බ්ලොග් කියවනයේ පෙන්වීම පමණයි…

  5. ළමයා
    Posted May 28, 2010 at 8:36 pm | Permalink

    මෙන්න ‍හොඳ වැඩක්! සමහර දේවල් සිංහලෙන් ලියන්න ගියාම එපා වෙන ගතියක් තියනවා.. මේක හොදා :D

  6. Ranga
    Posted January 24, 2011 at 9:54 pm | Permalink

    ඉන්දරේ අයියේ, සිංහල අකුරු පීඩීඑෆ් ෆයිල් එකකට එම්බෙඩ් වෙනවා සේ සිංහල අකුරු වෙබ් අඩවියකට පහසුවෙන් එම්බෙඩ් කරන්න පුළුවන් ක්‍රමයක් දන්නවාද? එවිට සිංහල අකුරු නැති පරිගනකයකින් වුවත් බ්ලොගය කියවීමට පුළුවන් නේද? කරුණාකර පැහැදිලි කර දෙන්න.

Post a Comment

Your email is never published nor shared. Required fields are marked *

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe without commenting