පූර්ණ දේශපාලනික බ්ලොග් වෙනම පිටුවකට

මීට ටික කලකට පෙර පුවත් ලියවෙන බ්ලොග් අඩවි සිංහල බ්ලොග් කියවනයේ ප්‍රධාන පිටුවෙන් ඉවත් කලා ඔබට මතක ඇති. මීට හේතුව වුනේ පුවත් අඩවි දවසට කීප වතාවක් අප්ඩේට් වීම නිසා එම ලිපි වලින් සින්ඩිය පිරී ගොස්, මහන්සි වී ලිපියක් ලියන සාමාන්‍ය බ්ලොග්කරුවෙකුට තම ලිපිය කෙරෙහි ඇති පාඨක අවධානය ඉක්මනින් ගිලිහී යාමේ තත්වයක් උදා වීම නිසයි.

දැනට උද්ගතවී ඇති තත්වය අනුව සම්පූර්ණයෙන්ම පාහේ දේශපාලනික ලිපි ලියන බ්ලොග් අඩවි කීපයද අප වෙනම කැටගරියකට වෙන් කර සින්ඩියේ ප්‍රධාන පිටුවෙන් වෙන් කරන්නට තීරණය කලා. මීට හේතු කීපයක් බලපෑවා.

  • පසුගිය මැතිවරණ සමයේ ඇතැම් බ්ලොග් අඩවි දේශපාලනික විචාර ලිවීම වෙනුවට ප්‍රතිවිරුද්ධ පිලට මඩ ගසා ගැනීමේ තත්වයක් උදාවීම. ඇතැම් ඒවා දේශපාලනික චරිත වලට පෞද්ගලික ප්‍රහාර එල්ල කරන ලිපි වීම.
  • මෙවැනි දේශපාලනික මඩ නිසා සින්ඩිකේටරය බැලීමට පවා අප්‍රසන්න වී ඇතැයි අපට සින්ඩිකේටරයේ පාඨකයන් විශාල සංඛ්‍යාවකගෙන් පැමිණිලි ලැබීම.
  • පසුගිය මාසය තුල සින්ඩිකේටරය ලැබූ හිට්ස් සංඛ්‍යාව විශාල වශයෙන් අඩු වීම. (මින් සංසදයේ පරිපාලකයන්ට සිදුවූ කිසිදු හානියක් නැත. සින්ඩියේ හිට්ස් සංඛ්‍යාව නිසා කිසිදු ප්‍රතිලාභයක් අපට නොලැබේ. මින් හානි වූයේ පාඨක පිරිස අඩු වීම නිසා සාමාන්‍ය බ්ලොග් ලියන බ්ලොග්කරුවන්ටය)
  • ඇතැම් අය මැතිවරණය සඳහා ඡන්ද දැන්වීම් ලෙස පමණක් බ්ලොග් අඩවි අටවාගෙන සින්ඩියට එක් කර පසුව නොලියා සිටීම
  • මෙම කරුණු සැලකිල්ලට ගෙන අප විසින් පවත්වන ලද සාකච්ඡාවක දී සංසදයේ පරිපාලකවරුන් හා VIP සමූහ සාමාජිකයන් සියලු දෙනා අතරින් දේශපාලන බ්ලොග් අඩවි වෙනම කැටගරියකට යොදා ප්‍රධාන පිටුවෙන් ඉවත් කල යුතුය යන තීරණය ඒක-ඡන්දයෙන් සම්මත වීම.
  • ඉදිරියේදී තවත් මැතිවරණයක් එන හෙයින් මේ තත්වය තවදුරටත් පැවතිය හැකි වීම.

මේ වන විටත් අප “දේශපාලනික හා සමාජයීය” නැමති වර්ගීකරණයක් පවත්වාගෙන යනවා. නමුත් මෙහි ඇති සියලුම බ්ලොග් අඩවි මෙසේ ප්‍රධාන පිටුවෙන් ඉවත් වන්නේ නැහැ. මක් නිසාදයත් එසේ කලහොත් සමාජයීය විවරණ ලියන බ්ලොග්කරුවන්ට අසාධාරණයක් විය හැකි නිසා. මේ නිසා අප දැනට අනුගමනය කලේ මෙවැනි පිලිවෙතකුයි.

  1. අප විසින් දැනට හඳුනාගත් සම්පූර්ණයෙන්ම දේශපාලනික වන බ්ලොග් කීපයක් පමණක් “දේශපාලනික” නම් වෙනම කැටගරියකට දමා ප්‍රධාන පිටුවෙන් ඉවත් කිරීම.
  2. දැනට පැවතෙන “දේශපාලනික හා සමාජයීය” කැටගරියේ ඇති ඉතිරි බ්ලොග් “සමාජයීය” නැමති කැටගරියක තැබීම. මේවා ප්‍රධාන පිටුවේ දිස්වේ.

සම්පූර්ණ දේශපාලනික වන බ්ලොග් අඩවි අප තවමත් හඳුනාගනිමින් පවතින නිසා මේ ක්‍රියාවලිය තවමත් සම්පූර්ණ කර අවසන් නැහැ.

මින් දේශපාලනික බ්ලොග් ලියන්නන්ට සිදුවන අපහසුතාවය හැකිතාක් අඩු කිරීම සඳහා අප විසින් ඉදිරි සතිය තුල සින්ඩිකේටරය වෙත නව පෙනුමක් එක් කිරීමට බලාපොරොත්තු වෙනවා. එමගින් “දේශපාලනික” හා “පුවත්” යන කැටගරි සඳහා පාඨක අවධානය පහසුවෙන් යොමුවන පරිදි ලින්ක් යෙදීමට නියමිතයි.

ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා පමුණුවන්නට අපගේ කිසිදු අදහසක් නැතත් සිංහල බ්ලොග් කියවනයේදී සදාචාරාත්මක රාමුවක් තුල අදහස් පල කිරීම අවශ්‍යතාවයක් ලෙස අප දකිමු.

This entry was posted in නිවේදන. Bookmark the permalink. Post a comment or leave a trackback: Trackback URL.

52 Comments

  1. Posted February 14, 2010 at 12:06 am | Permalink

    Good job!

  2. Posted February 14, 2010 at 1:04 am | Permalink

    එතකොට දැනට සින්ඩියෙන් එන ප්‍රධාන RSS එකෙනුත් (මුලින්ම Subscribe උනු) ඔය ටික අයින් වෙනවාද? නැතිනම් ඒවා අයින් කරගැනීමට වෙනත් RSS එකක් තිබේද?

  3. Posted February 14, 2010 at 7:39 am | Permalink

    @ ගයාන් තාරක
    දැනට පවතින් ‘පුවත්’ කැටගරිය විදියටමයි. ප්‍රධාන RSS එකේ [http://feeds2.feedburner.com/sbu/blogs] ඒවා අඩංගු වෙන්නේ නෑ. දේශපාලනික කැටගරිය සඳහා වෙනම RSS එකක් ලබාගන්න පුලුවන්.
    එය http://blogs.sinhalabloggers.com/political/feed යි.

  4. Posted February 14, 2010 at 8:44 am | Permalink

    මා ඊයේ දැන්වූ පරිදි මගේ බ්ලොග් එක කරුණාකර සින්ඩියෙන් ඉවත් කර දෙන්න.

    මෙතෙක් කල් දුන් අනුග්‍රහයට ස්තූතියි.

    - Taboo

  5. Posted February 14, 2010 at 8:48 am | Permalink

    @ Taboo Subjects
    මේ වන විටත් ඔබේ ඉල්ලීම ඉටු කර ඇත.

  6. Posted February 14, 2010 at 9:08 am | Permalink

    @ගයාන් තාරක

    RSS feed is not filtered till, you will get all the blogs under the Syndi’s main RSS Feed. both news and political

  7. Posted February 14, 2010 at 2:17 pm | Permalink

    හොඳ පියවරක්.

  8. සුමුදු
    Posted February 14, 2010 at 8:29 pm | Permalink

    ඒක හොඳයි තව ටික කාලෙකින්, මඩ කියලත් වෙනම කැටගරියක් පටන් ගන්න වෙටි

  9. මාධ්‍යවේදියාගේ සටහන්
    Posted February 14, 2010 at 10:35 pm | Permalink

    මෙය ඉතාමත්ම හොද තීරණයක්. ඇත්තටම පසුගියදා සිදුවූ දේශපාලනීකරණය නිසා බ්ලොග් කියවීම පමණක් නොවෙයි ලිවීමත් එපා වෙලා හිටියේ.

  10. Posted February 14, 2010 at 11:59 pm | Permalink

    ගොඩක් හොදයි ගිය සැරේ දේෂ පාලන ලිපි නිසා මටත් එපා. ඒක නිසා හොදයි අනික ක්‍රමෙනට් දාන්න කවුරැවත් අවෙත් නැ ඒ දවස් වල ඉතින් ලිපි ලියලත් වැඩක් නැති වුනා ඇත්තෙම මෙහෙම කරපු එක හොදයි. ස්තුති

  11. Posted February 15, 2010 at 8:25 am | Permalink

    කල් ගිහින් හරි ගත්තු තීරණය ගැන සතුටු වෙනවා. නමුත් ඔයිට කලින් ගන්න තිබුනු තීරණයක්.

  12. SC
    Posted February 15, 2010 at 9:41 am | Permalink

    Instead of categorising blogs as “political” and moving them outrightly from the main listing, can this be done article-by-article basis?
    Can the author indicate the “category” in the article, which is then used by the syndicate?

  13. Posted February 15, 2010 at 10:28 am | Permalink

    මුලින් පුවත් දැන් දේශපාලණය, ඉදිරිය අනිවර්යයෙන් ආගමික හා තාක්ෂණයත් අයින් කරන්න වෙයි. ඒහන්ද මම යෝජනාවක් කරන්න කැමතියි.

    ඔනෑම බ්ලෝගයක් සින්ඩ්ය ඇතුලත් කරන වර්ගයම තුලම දාලා, මුල් පිටුව තුල දක්වන ඒව්ව යම් කිසි රෙටිං ඒකකට පෙන්නන්න.

    හැබැයි හොර වැඩ වලක්වපු විදහක් වෙන්න ඔනා. ඔන නැති ඒව්ව නිකම්ම මුල් පිටුවෙන් අයින් වෙලා යනවා …

  14. admin
    Posted February 15, 2010 at 1:27 pm | Permalink

    @SC

    මෙය කිරීමට නොහැක, මක් නිසාද wordpress හැරුන විට blogger වැනි දෑ සහය දක්වන්නේ ද නැත.

    @චැප්

    එක වරක් අපි රේටින් ක්‍රමයක් දැම්මා, එය සාර්තක උනේ නෑ, මය හේතුව තමන් විසින්ම රේටින් දැමීම. වගේ විවිද ගැටලු.

  15. අශාන්
    Posted February 15, 2010 at 2:39 pm | Permalink

    මෙය ඉතාමත් හොද පියවරක්. පසුගිය දිනවල දේශපාලන මඩ නිසා සිංහල බ්ලොග් කියවීම එපා වෙන තත්වයට පත්වී තිබුනා. මෙහිදී ඔබ බ්ලොග් විවිධ කැටගරි සඳහා බෙදා තිබුනද ඒවායේද නිවැරදි බෙදීමක් දක්නට නැහැ.බ්ලොග් සඳහා අයදුම් කිරීමේදී එය අයත්වන කැටගරිය(ඔබට අනුව) තීරණය කලද එය සාර්ථක ලෙස ක්‍රියාත්මක නොවන බවක් දක්නට තියෙනවා. Taboo Subjects වැනි බ්ලොග් ඉවත් කරගැනීම බොහෝ කියවන්නන් තුල කණගාටුවක් ඇතිකරන්නක් විය හැකියි.

  16. Posted February 15, 2010 at 2:41 pm | Permalink

    අනේ මන්දා, මොනවා කියන්නද කියලා.. එක එක්කෙනාගේ කැමැත්තවල් වෙනස්.. ඉතිං දේශපාලනයට කැමති අය ඒවා ගැන ලියනවා, ආගම දහමට කැමති අය ඒවා ලියනවා, තාක්ශනයට කැමති අය ඒවා ලියනවා.. කවි ලියන්න පුළුවන් අය ඒවා ලියනවා.. විචාර කරන්න පුලුවන් අය ඒවා ලියනවා..
    මට ඔය මක්කාවත් බැරි හන්දා මට හිතෙන මඤඤං දේවල් ලියනවා..

    මොකකට priority දෙනවාද කියලා තීරණය කරන එක, ඕවා කියවන කෙනා මත depend වෙනවා..
    අනේ මන්දා…

  17. අශාන්
    Posted February 15, 2010 at 2:56 pm | Permalink

    එතකොට කාටද පිස්සු ?

  18. Posted February 15, 2010 at 3:30 pm | Permalink

    පිස්සා කව්ව කතාව හරි. කැමැත්ත තම තමන්ට අනුව තීරණයවන්නක්.

    IP ඒක මාර්ගයෙන් rating කරපුවහම හොර වැඩ කරන්න බැහැ. දැනට ඔය විදිහ කරලා ඉස්සරහට මේ ගැන හිතන්න. දැනටමත් ආගමික හා තාක්ෂණික ඒව්වා, කාලයකින් දාන ලිපි පස්සට තල්ලු කරනවා.

    අනික දැනගන්න පුලුවන්ද මුල් පිටුව තුල ඉඩ දීලා තියන ඒව්ව? වර්ග අනුව කියන්න

  19. කාලිංග
    Posted February 15, 2010 at 3:51 pm | Permalink

    @අශාන්

    ටැබූ අඩවිය ඉවත් කලේ ඔහු මින් ඉදිරියට ඉංගිරිසියෙන් ලියන බව අපවෙත දන්වා ඇති නිසා.

    කැටහරි කිරීමේදේ ගැටලු තියනවා, 100% හරි විසදුමක් දෙන්න අමාරුයි.

    @වැප්

    IP කියන්න හරියට කරන්න පුලුවන් එකක් නොවෙයි, router/modem restart කරපු ගමන් නව IP එකක්.

    දැනට පුවත් හා දේෂපාලන යන දෙක හැරෙන්න අනිත් හැම එකක්ම, ඒක් පැහැදිලිව කියලා තියනවා.

    නැතිනම් Syndi’s RSS එක ගන්න, එහි filter කිරීමක් සිදුවන්නේ නෑ.

  20. ඉසුරු
    Posted February 15, 2010 at 3:51 pm | Permalink

    @වැප් says:
    February 15, 2010 at 3:30 pm
    පිස්සා කව්ව කතාව හරි. කැමැත්ත තම තමන්ට අනුව තීරණයවන්නක්.

    IP ඒක මාර්ගයෙන් rating කරපුවහම හොර වැඩ කරන්න බැහැ. දැනට ඔය විදිහ කරලා ඉස්සරහට මේ ගැන හිතන්න. දැනටමත් ආගමික හා තාක්ෂණික ඒව්වා, කාලයකින් දාන ලිපි පස්සට තල්ලු කරනවා.

    අනික දැනගන්න පුලුවන්ද මුල් පිටුව තුල ඉඩ දීලා තියන ඒව්ව? වර්ග අනුව කියන්න

    ිද්ශපාලන ලිපි ෙනෙමයි ඉවත් කරනවා කියන්ෙන්.මඩ සහ ෙද්ශපාලන පුචාරක ලිපියි.ාමි තීරණය ෙහාදයි

  21. ඉසුරු
    Posted February 15, 2010 at 3:54 pm | Permalink

    ෙමි තීරණය ඉතාමත් ෙහාදයි.ෙමි නිසා සින්ඩිය පුෙයා්ඡනවත් බව සහ කාර්යක්ෂමතාව වැඩි ෙවනවා

  22. Posted February 15, 2010 at 4:17 pm | Permalink

    router/modem restart

    ඔක කරන අයත් ඇති. ඒත් මම හිතන්නේ නැහැ ඒක ලිපියක් උඩට ගන්න ඔය දේ සිය වතාවක් කරයි කියලා… ඒ විදිහට කලත් 600 ඉන්න කස්ටිය සියල්ලම ඔය වැඩේ කරන්නේ නැහැ. ඒහින්ද අයිත් පාරක් හිතන්න …

  23. wath
    Posted February 15, 2010 at 6:28 pm | Permalink

    මහමැතිවරණයක් එන නිසා තීරණය බොහෝදුරට ගැලපේ. දේශපාලනය සදහාම අටවා නොගත්, නමුත් මැතිවරණ සමයේ දේශපාලනය ලියන අඩවි කිහිපයක් තියනවා නේද? ඒවා දේශපාලන කාණ්ඩයට ඇතුලත් කරන්නේද ?
    මැතිවරණයෙන් පසුව නැවත පරණ ක්‍රමයටම මුල් පිටුවට ඔවුන් එකතු කරන්නේ ද ?
    අපිට නම් සින්ඩියේ යන බොහෝලිපි ගොඩක් හොදයි. සෑම මනුෂ්‍යයෙක්ම දේශපාලන ජීවයෙක්ලූ.

  24. Posted February 15, 2010 at 8:52 pm | Permalink

    ඇත්තටම හොද තීරණයක්..මුල් කාලෙ සින්ඩියෙ පිරිල තිබුන වගේ රසවත් ලිපි ආයෙත් කියවන්න ලැබෙයි කියල හිතනව,පහුගිය කාලෙ බොහොම අමාරුවෙන් තමයි දේශපාළනය ගැන ලියවුන ලිපි අත‍රින් කියවන්න ආස හිතෙන ලිපියක් හොයාගත්තෙ..

  25. Posted February 15, 2010 at 11:16 pm | Permalink

    හ්ම්ම්… දේශපාලනයට අකමැති පිරිස් (අදේශපාලනික) බොහෝමයක් බ්ලොග් අවකාශයේ ඉන්න බව පේනවා. ඒක හින්දා වෙනමම දැම්ම එක කමක් නෑ කියලා කියමුකෝ. ඒත් ඇයි මේ තාක්ෂණික බ්ලොග්ස් වෙනමම දාන්නේ නැත්තේ. මටනම් හිතෙන්නේ බහුතරයකට ඒවගේ තියෙන ඒවා වැඩක් නැහැ. කැමති අයට බලන්න කියලා වෙනමම ගෲප් එකකට දැම්මනං හරිනේ. අනිත් එක පුද්ගලික දිනපොත්, ඔය එක එක්කෙනාගේ පුද්ගලික ඕපා දූප ප්‍රසිද්ධ කරන එක කොච්චර සදාචාරවාදීද? මට නං හරිම අප්‍රිය වැඩක්. ඉතිං ඇයි ඒ වගේ බ්ලොග්ස් වෙනමම කැටගරයිස් කරන්නේ නැත්තේ? අනුන්ගේ කුණු කන්දල් බලන්න ඕන එවුන්ට ඒක තියෙනවා. ලංකාවේ බ්ලොග්කරුවන් විකල්ප වෙන්න හදනවද කියල නම් මට තේරෙන්නේ නැහැ. ඒත් ලෝකෙ තියෙන්නේ වැඩිපුරම දේශපාලනික තේමාවන්ගෙන් ලියැවුණු බ්ලොග් කියලයි technorati.com එකේ තියෙන්නේ. ඒත් ඉතිං නඩුත් හාමුදුරුව්නගේ, බඩුත් හාමුදුරුවන්ගෙනේ….චීන පොරවල් ටිකකුත් ඇවිත් ‍ඉන්න එකේ ඇඩ්මින් මහත්තුරු බයවෙලා වගේ.

  26. Posted February 16, 2010 at 5:56 am | Permalink

    මම ගෝරා සහ පිස්සාගේ අදහස් සමග එකගයි. ඒ වගේම දේශපාලනික වලට වෙනම ඉඩක් වෙන් කරපු එකටත් කැමතියි. ඒත් වඩා හොදයි දේශපාලනික සහ සමාජීය කියන කැටගරියම මේන් සින්ඩියෙන් ඉවත් කරලා වෙනම ලින්ක් එකක් විදිහට තියන එක. ඇඩ්මින්තුමාලට පුලුවන් පොඩි බැනර් එකක් උඩින්ම දාලා තියන්න දේශපාලනික සහ සමාජීය කොටස් වෙනම සබදතාවක සින්ඩිකේට් වෙන බවට.
    එතෙන්දි ආයෙත් පූර්න දේශපාලනිකද, අර්ධ දේශපාලනිකද කියල වෙන් නොකර දේශපාලනික හා සමජයීය කියන කැටගරියම එතෙන්ට දැම්මනම් වඩා හොදයි.
    එතකොට පුලුවනි ජීවිතේ විදීම සදහාම උපන් පිරිසකගේ ආතල් කඩන්නෙ නැතුව (සහ ඒ සූකිරි මේ කරවිලට මික්ස් නොකර ) , මේ කැටගරියෙ දේවල් වෙනම කියවන්න.

  27. දේශප්‍රේමියා
    Posted February 16, 2010 at 6:03 am | Permalink

    @ ගෝරා
    ඇඩ්මින් මහත්තුරු ටික බයවෙන එකත් සාධාරණයි ඉතින්.
    මොකද කුදලගෙන ගියොත් ගෝරාලා වගේ මිනිස්සු උදව්වට වත් එනවද?
    අඩුගානෙ විරෝධතාවයක් වත් තියයිද?

  28. Chejana
    Posted February 16, 2010 at 7:03 am | Permalink

    කොහොමටත් වැඩිපුරම මඩ ගහගන්න දේශපාලනික බ්ලොග්වලට අකමැති අය වැඩී .. මේ විදියට තමයි මමත් කැමති..

  29. Posted February 16, 2010 at 9:54 am | Permalink

    අපේ රටේ දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන් යනුවෙන් දෙකොටසක් සිටින්නාක් සේම හොඳ බ්ලොග් රචකයන් හා නරක බ්ලොග් රචකයන් (බ්ලොග් ද්‍රෝහීන්) කියා දෙපිරිසක්ද වෙති.

    1. හොඳ බ්ලොග් රචකයෝ දේශපාලනය විෂය කොට නොගනිති. ඔවුහු හැම දෙනාටම පොදුවේ ප්‍රයෝජනවත් වන Facebook Chat එක firefox හි Bookmarks side-bar එකකට ගන්නා හැටි හා EASEUS Partition Master Professional Edition නොමිලේ ලබා ගන්නා හැටි බඳු වැදගත් මාතෘකා ගැන ලියති. අපි නරක බ්ලොග් කරුවෝ (බ්ලොග් ද්‍රෝහියෝ) දේශපාලනය විෂය කොට ගනිමු.

    2. හොඳ බ්ලොග් රචකයෝ ඇල්වතුරද නිවලා බොති. කාටවත් දොස් නොපවරති. කා සමඟවත් ආරවුල් ඇති කර නොගනිති. (ඉඳලා හිටලා මයික්‍රොසොෆ්ට් එකට හෝ ඉන්ටර්නෙට් සේවා සපයන්නාට රෙදි ගැළවෙන්නට බැන්නොත් හැර) අපි බ්ලොග් ද්‍රෝහියෝ අරූටයි මූටයි හැම එකාටම බනිමු. මඩ ගහමු.

    3. හොඳ බ්ලොග් රචකයන්ට බොහෝ මිතුරෝ වෙති. ඔවුන්ගේ පෝස්ට් වලට කමෙන්ට් මදි නැතුව වැටෙයි. ඒවා රෝස මල් වගේය. නරක බ්ලොග් කරුවන් වන අපටද කමෙන්ට් වැටේ. ඒවා ගල් මුල්ය.

    4. අප වැනි නරක බ්ලොග් කරුවන් නිසා සින්ඩිකේටරයට හිට්ස් අඩුවේ. ‘Fedora 12 වලදී භාෂා අතර මාරුවීමට තවත් යතුරක්’ වැනි බ්ලොග් කියවන්නට පාඨකයෝ පොර කකා රොක් වෙති.

    ඉතින් මේ හොඳ බ්ලොග් රචකයින් අප වැනි නරක බ්ලොග් රචකයින් හා එක ගොඩේ ඉන්නට කැමති වෙයිද? එනිසා ඔව්හු ඒකඡන්දයෙන්, නිතඹට පයින් ඇන අප වෙන් කිරීමට තීරණය කරති. හරියට මලයා සමූහාණ්ඩුව හැට ගණන් වලදී අපට තවත් මූ එක්ක ඉන්න බෑ gangreen ලෙස නම් කොට සිංගප්පූරුව පැන්නුවා වගේම.

    මේ සිද්ධියෙන් අපට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත. හොඳ සිංහල බ්ලොග් කරුවකු වන හැටි මම උගත්තෙමි.

  30. Posted February 16, 2010 at 9:59 am | Permalink

    ‍හොද තීරණයක් මීට කලින් කරන්න තිබ්බේ.

  31. අශාන්
    Posted February 16, 2010 at 10:17 am | Permalink

    @ Taboo Subjects says: ඔබ ඉවත්වීම මහත් පාඩුවකි ඊටත් වඩා අපට නොතේනරන භාෂාවකින් ලිවීම අපහසුවක්. කෙසේ වෙතත් මම ඉතා අපහසුවෙන් ඔබගේ ඉංග්‍රිසි ලිපිය කියවා ගත්තෙමි.
    තාෂණීක අඩවි බොහොමයක් වැඩකට නැති තොරතුරු ඉදිරිපත් කරණ බව දක්නට ලැබේ සමහර අඩවි ඇලට පැන්නා ගොඩට පැන්නා වර්ගයේ වන අතර තවත් සමහරක් එයා ගියා මට ඇඩුනා වර්ගයේ බව දක්නට පුළුවන්. එසේම ඉදිරියේදී ආවා ගියා කියාද කැටගරියක් වෙන් කිරීමට සිදුවන බව පෙනෙන්නට තිබේ.
    *(මෙය ලියන මම කිසිදු බෙදීමකින් තොරව දවසේ සියළු බ්ලොග් කියවන පූර්ණකාලීන කියවන්නෙකි)

  32. Malith
    Posted February 16, 2010 at 10:35 am | Permalink

    මමත් ටැබූ සමග එකග වෙනව,
    මට හිතෙන විදියට සින්ඩිය දේශපාලන ලිපි වලින් අවුල් උනේ මැතකදී පටන් ගත් බ්ලොග් කිහිපයක් පමණක් නිසා මා හිතන ආකාරයට එය 3ක් 4ක් තරම් සුළු ප්‍රමාණයක් නිසා සිදුවූවත් නමුත් මෙමෙ තීරණය නිසා සින්ඩියට අලංකාරයක් වූ ටැබූ වැන්නන් ට සිදුවන අසාධාරනය ගැන එකග විය නොහැකියි එක ටැබූට පමණක් නොව සිංහල බ්ලොග් සංසදයටද බලපැමක් වියහැකියි .

    මෙම තීරණය ගැනීමට මූලික හේතුව වී ඇත්තේ දේශපාලනික ලිපි වැදගත් කමින් අඩුයැයි සැලකීමයි නමුත් අපි කවුරුත් දන්නා පරිදි ටැබූ වැන්නන් බොහෝ කලක සිට සිංහල බ්ලොග් කලාවට විශාල සේවයක් කරමින් සිටියා නමුත් මෙමෙ තීරණය නිසා ඔවුන්ව අවතක්සේරුවට ලක්කර ඇතැයි යන්න මාගේ අදහස.

    කාලතුරකින් ලියවෙන ගුණාත්ම යෙන් අඩු ලිපිවලට ඉඩසැලසීමට යැයි කියා දීර්ඝකාලයක් සිංහල බ්ලොග් කරනයට සේවයක් කල අයට ඉවත්වීමට සැලසීම කෙතරම් දුරට සාධාරනද.

  33. Posted February 16, 2010 at 10:43 am | Permalink

    අනේ මන්ද උඹලා. ටැබූ අරෙහෙන් මෙහෙන් කින්ඩිය දැම්මාම උඩින්ම තිබ්බ එක අයින් කර ගත්තා නේද? මිනිස්සු විරුද්ධයි කියන එක මොල ගෙඩියට අහුවෙන්නේ නැද්ද?

  34. කාලිංග
    Posted February 16, 2010 at 10:50 am | Permalink

    @All

    මෙතන කිසිම අඩවියක්‌ ඉවත්‌කිරිමක්‌ වෙලා නැ,

    දේශපාලන කියවන්‌න කැමති අය “දේශපාලන” tab එකට යන්‌න. සරලයි. අනික එවිට “තාෂණීක” හෝ‌ වෙනත්‌ අඩවි ද බලන්‌න වෙන්‌නෙ නැ.

    මෙය “දේශපාලන” සදහා වෙනම කියවනයක්‌ නෙ.

    තවද “පුවත්‌” හා “දේශපාලන” දෙකම හොදට පෙන විදියට හදලා තියනවා.

    කියවනයෙ අැති කැමති කැටගරි 9යෙන්‌ තමන්‌ කැමති එක කියවන්‌න පුලුවන්‌නෙ. නැත්‌නම්‌ සියල්‌ල කියවන්‌න.

  35. වැප්
    Posted February 16, 2010 at 10:54 am | Permalink

    ඉන්න අය රඳවා ගැනීම, අලුත් අය ඒක්කර ගන්නවාට වඩා අමාරුය. යම් කිසි ගැටලුවක් මත ඉවත්ව යාමට වඩා ඔවුන් නැවත ඒක් කරගැනිම හා ඉවත්ව යාමට ඇති හැකියාව අවම කිරීම කල යුතුය. මන්ද විවධත්වය වට්.

  36. අශාන්
    Posted February 16, 2010 at 11:21 am | Permalink

    @කාලිංග : ඔබ කරනා මෙහෙයට ස්තූතියි.
    එසේ නම් දේශපාලන ලිපි ලියන්නන්ට ඉතා හොඳ නිවෙසක් ලැබී ඇති බව පෙනෙන්නට තිබේ.

  37. රුවන්
    Posted February 16, 2010 at 12:32 pm | Permalink

    ටැබූ සිංහලෙන් නොලිවීම අති විශාල පාඩුවක් කොට සළකමි. අප මෙහි කතා කරන්නේ “පූර්ණ දේශපාලනික බ්ලොග්” ගැන පමණයි නෙ? Taboo Subjects යනු එහෙම බ්ලොගයක් නෙමෙයි, මම දකින විදිහට නම්. එනිසා මේ වර්ගීකරණය ඔහුට අදාල වෙන්නෙ නෑ නේද, නයුවනි?

  38. කියවන්නෙක්
    Posted February 16, 2010 at 1:32 pm | Permalink

    මෙක හොද දෙයක් . Taboo Subjects වගේ හොදට බස හසුරවන්නට පුළුවන් අය අපේ සි.බ්.කි යෙන් ඉවත් වීම දැඍමට නොහැකි පාඩුවාකි
    මම Taboo Subjects ගෙන් අයාචන කරනවා නැවත එක්වන ලෙස.

  39. කසුන් |
    Posted February 16, 2010 at 1:37 pm | Permalink

    මූණත් එක්ක තරහ වෙලා නහය කපා ගත්තා වගේ වැඩක්.
    very sad.

  40. Posted February 16, 2010 at 3:02 pm | Permalink

    මේක පුංවි අදහසක්. මුල පිටුව තිබුන විදිහටම තියල එක බ්ලොග් අඩවියකින් දවසකට පෝස්ට් දෙකකට වඩා වැඩිපුර එනවනම් ඒවා මුල පිටුවට එන්නෙ නැතුව අදාල කැටගරි එකට විතරක් යන්න හැදුවොත් මොකද. එතකොට දේශපාලනේට කැමති නැති ටෙක් වලට කැමති නැති දිනපොත් වලට කැමති නැති හැමෝටම සාධාරණයක් වෙයි කියල මම හිතනවා.

  41. අසංක
    Posted February 16, 2010 at 3:46 pm | Permalink

    “……..ඇතැම් ඒවා දේශපාලනික චරිත වලට පෞද්ගලික ප්‍රහාර එල්ල කරන ලිපි වීම……………………..”

    එහෙනම් කරන්න තියෙන්නෙ ඒ අඩවි බ්ලොග් කියවනයෙන් අයින් කරන එක.

    6. පුද්ගලයින්ට මඩ/අපහස හෝ තර්ජන කරන අඩවි ඇතුළත් නොකෙරේ.
    http://blogs.sinhalabloggers.com/add-blog

  42. අශාන්
    Posted February 16, 2010 at 3:53 pm | Permalink

    දසයගෙ අදහස හොද අදහසක්. මම මේ දැන් ආයිත් සියලුම කැටගරි වලට ගිහින් බැලුවා සමහර ඒවා කලවම් මැල්ලුම වගෙ. කාලිංග කියපු පරිදි මේව කැටගරි කීරීම අමාරු බව පේනව. ලියන අයත් මේ ගැන වඩාත් සැලකිලිමත් උනොත් හොද නැත්ද ? ගතවූ පැය කිහිපය තුල ටැබූ ලියූ බොහෝ ලිපි කියවූ අතර ඔහු මගේ බුක් මාක් අතරටද එක් විය.

  43. Posted February 18, 2010 at 9:41 pm | Permalink

    බ්ලොග් ලියන්නන් අතරින් දේශපාලනය මාතෘකාව කරගත් බ්ලොග්කරුවන්ට දැවැන්ත පහරක් එල්ල වී ඇත. මෙසේ තීරණයකට පෙළඹුණේ මන්ද යන්න අප තවමත් නොදනිමු. නමුත් ඔබගේ එම තීන්දුවට අප සැම යටත් බැවින් අප එය කණගාටුවෙන් වුවත් පිළිගන්නට සූදානම් බව කිව යුතුය.
    අඩව්වේ අප දක්නා ආකාරයට නම් බ්ලොග්කරුවන්ගේ සංසදයේ කළමණාකාරීත්වය සතු වන්නේ තාක්ෂණික පසුබිමක් සහිත වූවන්ගෙන් විය යුතුය. මන්ද දැන් පවතින සින්ඩිකේටරයේ මුල් පිටුව දුටු විට පැහැදිලිව පෙනෙන්නේ ඔබලාට අවශ්‍ය වූයේද තාක්ෂණික අංශයේ ලිපි ලියන්නන් පමණක් මෙහි රඳවා ගැනීමට බවයි. නමුත් ඊට අමතරව ඔබ විසින් තවමත් පෞද්ගලික දේවල් ලියන සහ කවි ලියන අඩවි සඳහාද අවස්ථාව සපයා ඇත. එයින්ද අප පෙර කී ඔබගේ අවශ්‍යතාවය අවලංගු නොවේ. මන්ද එවැනි බ්ලොග් අඩවි කීපයක් පමණක් තිබෙන බැවිනි.

    දැන් අප බැලිය යුතුයි දේශපාලනික දැක්මක් සහිතව ලිපි ලියූ ටැබූ, රාමා, බියොන්ඞ් හා අඩව්ව වැන්නන්ට අත්වන ඉරණම ගැනත්. මේ බොහොමක් දෙනා බ්ලොග් කියවන්නන් විසින් හඳුනාගත්තේ සින්ඩිකේටරය තුළින් බව නොරහසකි. නමුත් දැන් ටැබූ සිංහල බ්ලොග් කරුවන්ගෙන් සමුගෙනය. අඩව්ව දිනකට පෙර ලියූ ලිපියක් තවමත් මුල් පිටුවේ හෝ දේශපාලනික ලිපි ශීර්ෂය යටතේ හෝ දක්වා නැත. මේ තත්වය ඇති කළේ ඇයි දැයි අපට නොවැටහේ. හැකිනම් පහදා දෙන්නැයි කාරුණිකව ඉල්ලා සිටිමු.

    මීට අඩව්වේ සංස්කාරකවරු.

  44. කාලිංග
    Posted February 18, 2010 at 11:07 pm | Permalink

    @Hashan

    there was some thing wrong with your RSS feed, we have re-set FEED and all your blog post should be visible under the “Political” category.

  45. තිලිණ
    Posted February 18, 2010 at 11:13 pm | Permalink

    @Hashan
    මෙම වෙනස කිරීමට හේතුව බ්ලොග් ලිපියේ පැහැදිලිව දක්වා ඇත.

  46. පියරු බබා
    Posted February 19, 2010 at 9:42 pm | Permalink

    ලෝකය පුරා ලියැවෙන බ්ලොග් බැලුවොත් ( විශෙෂයෙන් ඇමෙරිකාව වගෙ රටවල ) වැඩියෙන්ම පිරිසක් කියවන සහ වඩාත්ම ප්‍රචලිත බ්ලොග් දේශපාලනික ඒවායි. සාමන්යයෙන් තාක්ෂණික ලිපි සහ පෞද්ගලික ලිපි ඇති බ්ලොග් වල වැදගත්කම සාමාජීය ගැටලු ගැන කතා කරන බ්ලොග් (මීට ප්‍රධාන වශයෙන් දේශපාලනික බ්ලොග් අයත් වෙනවා) වල වැදගත්කමට වඩා අඩුයි. දැන් තියෙන තත්වය අනුව පොදුවේ සමාජයට වැදගත් දේවල් කතා කරන බ්ලොග් නෙවේ මුල් පිටුවට වැටෙන්නෙ. එතකොට ඉතිරි වෙලා තියෙන්නෙ ඔය තමන්ට එදිනෙදා ජීවිතේ වෙච්ච සුලු සුලු සිද්දි කතා කරන, ඔය පොඩි පොඩි Software Tips and Tricks දෙන (මේවා සැබෑ තාක්ෂනික ලිපි නොවේ – Google කිරිමෙන් තප්පර කිහිපයක් තුල සොයා ගත නොහැකි දෙයක් මෙවායේ නැත.), ලමා ළපටි බ්ලොග් ටික තමා.

  47. Posted February 20, 2010 at 5:05 pm | Permalink

    මේක නම් මම කොහෙත්ම අනුමත කරන්නේ නැති බව මුලින්ම කියලා ඉන්නම්.. කොහොමත් ඉතිං මම කඩාකප්පල්කාරයනෙ. දේශපාලන කියලා ලියන්නෙ රටේ පවතින තත්වය ගැන අදාල පුද්ගලයාගේ තියෙන දේශපාලන මතය ඒවා කොහෙන්වත් ගූගල් කරලා හොයාගන්න බෑ ඒත් ඔය තාක්ෂණික කරුණ බොහොමයක් ගූගල් කරලා හොයාගන්න පූළුවන්. දේශපාලනය කියන්නේ මහින්ද වත් සරත් ෆොන්සේකාවත් කියලා මේ පරිපාලක උන්නාසේලා කියනවානම් එතන තමා පොට වැරදිලා තියෙන්නේ. පොට යන්න කලින් පොට හදාගත්තානම් හරි කියලා හිතෙන්නෙ නැද්ද. මඩ බ්ලොග් තියෙනවනම් ඒවා අයින් කරලා දාන්නේ නැතුව මේ වගේ විකාර වැඩ කරන එක නම් අවුල්. කොහොමත් ඉතිං ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ තමා. තාක්ෂණික බ්ලොග් මට නම් උවමනා වෙන්නෙ මගේ අවශ්‍යතාවයට වෙනම හොයාගන්න තියෙන්න ඕනි ඒවා නෙමෙයිද. මේක නිකං හිසේ ඇම්මට කොට්ටෙ මාරු කලා වගේ වැඩක්.
    පොට යන්න කලින් පොට හදාගත්තානම් හරි….

  48. thilina
    Posted February 20, 2010 at 6:52 pm | Permalink

    දේශපාලන බ්ලොග් අයින් කලේ මඩ ගහන නිසාලුනේ
    නීති වල තියෙනවා “පුද්ගලයින්ට මඩ/අපහස හෝ තර්ජන කරන අඩවි ඇතුළත් නොකෙරේ.” කියලා
    ඇයි එහෙනං ඒ බ්ලොග් අයින් කරන්නේ නැතුව වෙනම කැටගරි එකකට දැම්මේ?
    ඇයි මේ අතේ පැලවෙන බොරු කියන්නේ?
    හැබෑටම මොකක්ද ඇත්ත හේතුව?.

  49. Posted February 23, 2010 at 6:08 pm | Permalink

    මෙක කරපු එක හොඳයි,මොකද සමහරු ගෙදරදි කපුදේ ගැනත් මෙකට දානවා ඒකනිසා මෙකනම් හොඳ වැඩක්……..

  50. Posted April 8, 2010 at 10:39 am | Permalink

    මමත් මේකට අතිශය විරුද්ධයි.මොකද හැමෝටම සාධාරණ වෙන්න ඕන.ඇයි එහෙනන් පොලිටික්ස් විතරක් අයින් කරේ.අයින් කරන්නකෝ ටෙක්නිකල්.ඒවා මෙලෝ රහක් තියෙන එව්වද? එහෙමනං ඔක්කොම බ්ලොග් කැටගරි වලට දාලා හෝම් පේජ් එකේ හැම කැටගරියෙම ලේටස්ට් පෝස්ට් එක දාන්න.එතකොට ඉවරනේ.

    මට මොකඛරි තාක්ශණික ගැටළුවක් ආවොත් මම කරන්නේ ගූගල් කරන එක හරි, ටෙක් කතා එකට කියන එක හරි.ඒ දෙකෙන්ම මට උදව් හම්බෙලා තියෙනවා.ඒත් මට කලාව කියන දේ ඕන ඒ ඒ වෙලාවට විතරක් තෝරං බලන්න නෙමෙයි.

    මේක හුඟක්ම වැරදියි.අපේ “සදාහරිත” මේකෙන් අයින් කරාට කමක් නෑ.ඒක පූර්ණ දේශපාලණිකයි.ඒත් ටැබූ පූර්ණ දෙශපාලණික නෙමෙයි.මේක හුඟාක් නැතෙයි කියලා කිව්වත් පොඩ්ඩඛරි අසාධාරණයි!

Post a Comment

Your email is never published nor shared. Required fields are marked *

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe without commenting