පූර්ණ දේශපාලනික බ්ලොග් වෙනම පිටුවකට

මීට ටික කලකට පෙර පුවත් ලියවෙන බ්ලොග් අඩවි සිංහල බ්ලොග් කියවනයේ ප්‍රධාන පිටුවෙන් ඉවත් කලා ඔබට මතක ඇති. මීට හේතුව වුනේ පුවත් අඩවි දවසට කීප වතාවක් අප්ඩේට් වීම නිසා එම ලිපි වලින් සින්ඩිය පිරී ගොස්, මහන්සි වී ලිපියක් ලියන සාමාන්‍ය බ්ලොග්කරුවෙකුට තම ලිපිය කෙරෙහි ඇති පාඨක අවධානය ඉක්මනින් ගිලිහී යාමේ තත්වයක් උදා වීම නිසයි.

දැනට උද්ගතවී ඇති තත්වය අනුව සම්පූර්ණයෙන්ම පාහේ දේශපාලනික ලිපි ලියන බ්ලොග් අඩවි කීපයද අප වෙනම කැටගරියකට වෙන් කර සින්ඩියේ ප්‍රධාන පිටුවෙන් වෙන් කරන්නට තීරණය කලා. මීට හේතු කීපයක් බලපෑවා.

  • පසුගිය මැතිවරණ සමයේ ඇතැම් බ්ලොග් අඩවි දේශපාලනික විචාර ලිවීම වෙනුවට ප්‍රතිවිරුද්ධ පිලට මඩ ගසා ගැනීමේ තත්වයක් උදාවීම. ඇතැම් ඒවා දේශපාලනික චරිත වලට පෞද්ගලික ප්‍රහාර එල්ල කරන ලිපි වීම.
  • මෙවැනි දේශපාලනික මඩ නිසා සින්ඩිකේටරය බැලීමට පවා අප්‍රසන්න වී ඇතැයි අපට සින්ඩිකේටරයේ පාඨකයන් විශාල සංඛ්‍යාවකගෙන් පැමිණිලි ලැබීම.
  • පසුගිය මාසය තුල සින්ඩිකේටරය ලැබූ හිට්ස් සංඛ්‍යාව විශාල වශයෙන් අඩු වීම. (මින් සංසදයේ පරිපාලකයන්ට සිදුවූ කිසිදු හානියක් නැත. සින්ඩියේ හිට්ස් සංඛ්‍යාව නිසා කිසිදු ප්‍රතිලාභයක් අපට නොලැබේ. මින් හානි වූයේ පාඨක පිරිස අඩු වීම නිසා සාමාන්‍ය බ්ලොග් ලියන බ්ලොග්කරුවන්ටය)
  • ඇතැම් අය මැතිවරණය සඳහා ඡන්ද දැන්වීම් ලෙස පමණක් බ්ලොග් අඩවි අටවාගෙන සින්ඩියට එක් කර පසුව නොලියා සිටීම
  • මෙම කරුණු සැලකිල්ලට ගෙන අප විසින් පවත්වන ලද සාකච්ඡාවක දී සංසදයේ පරිපාලකවරුන් හා VIP සමූහ සාමාජිකයන් සියලු දෙනා අතරින් දේශපාලන බ්ලොග් අඩවි වෙනම කැටගරියකට යොදා ප්‍රධාන පිටුවෙන් ඉවත් කල යුතුය යන තීරණය ඒක-ඡන්දයෙන් සම්මත වීම.
  • ඉදිරියේදී තවත් මැතිවරණයක් එන හෙයින් මේ තත්වය තවදුරටත් පැවතිය හැකි වීම.

මේ වන විටත් අප “දේශපාලනික හා සමාජයීය” නැමති වර්ගීකරණයක් පවත්වාගෙන යනවා. නමුත් මෙහි ඇති සියලුම බ්ලොග් අඩවි මෙසේ ප්‍රධාන පිටුවෙන් ඉවත් වන්නේ නැහැ. මක් නිසාදයත් එසේ කලහොත් සමාජයීය විවරණ ලියන බ්ලොග්කරුවන්ට අසාධාරණයක් විය හැකි නිසා. මේ නිසා අප දැනට අනුගමනය කලේ මෙවැනි පිලිවෙතකුයි.

  1. අප විසින් දැනට හඳුනාගත් සම්පූර්ණයෙන්ම දේශපාලනික වන බ්ලොග් කීපයක් පමණක් “දේශපාලනික” නම් වෙනම කැටගරියකට දමා ප්‍රධාන පිටුවෙන් ඉවත් කිරීම.
  2. දැනට පැවතෙන “දේශපාලනික හා සමාජයීය” කැටගරියේ ඇති ඉතිරි බ්ලොග් “සමාජයීය” නැමති කැටගරියක තැබීම. මේවා ප්‍රධාන පිටුවේ දිස්වේ.

සම්පූර්ණ දේශපාලනික වන බ්ලොග් අඩවි අප තවමත් හඳුනාගනිමින් පවතින නිසා මේ ක්‍රියාවලිය තවමත් සම්පූර්ණ කර අවසන් නැහැ.

මින් දේශපාලනික බ්ලොග් ලියන්නන්ට සිදුවන අපහසුතාවය හැකිතාක් අඩු කිරීම සඳහා අප විසින් ඉදිරි සතිය තුල සින්ඩිකේටරය වෙත නව පෙනුමක් එක් කිරීමට බලාපොරොත්තු වෙනවා. එමගින් “දේශපාලනික” හා “පුවත්” යන කැටගරි සඳහා පාඨක අවධානය පහසුවෙන් යොමුවන පරිදි ලින්ක් යෙදීමට නියමිතයි.

ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා පමුණුවන්නට අපගේ කිසිදු අදහසක් නැතත් සිංහල බ්ලොග් කියවනයේදී සදාචාරාත්මක රාමුවක් තුල අදහස් පල කිරීම අවශ්‍යතාවයක් ලෙස අප දකිමු.

Share and Enjoy:
  • Digg
  • del.icio.us
  • Facebook
  • Google Bookmarks
  • Identi.ca
  • Ping.fm
  • Slashdot
  • Twitter
This entry was posted in නිවේදන. Bookmark the permalink. Post a comment or leave a trackback: Trackback URL.

52 Comments

  1. Posted April 8, 2010 at 10:42 am | Permalink

    @ rachiyo
    ටැබූව කවුරුවත් අයින්කලේවත්, වෙන කැටගරියකට දැම්මෙවත් නෑ. මෙසේ කැටගරි වෙන් කරන්න දින කීපයකට උඩදි අපට ඊමේල් එකක් එවූ ඔහු කියා සිටියා තවදුරටත් සිංහලෙන් ලිවීම නතර කරන බවත්, එහෙයින් තම බ්ලොග් එක සින්ඩියෙන් ඉවත් කරගන්නා බවත්.

  2. Posted April 8, 2010 at 12:18 pm | Permalink

    එතකොට මචං මම මුලින්ම කියන ගැටළුව.ටෙක්නිකල් ප්‍රශ්නේ!

Post a Comment

Your email is never published nor shared. Required fields are marked *

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe without commenting