සිංහල බ්ලොග් කියවනය සඳහා බැනර් කීපයක්

තම බ්ලොග් අඩවි වෙත පාඨක සමූහයක් සපයා දීමට කෘතඥතාව පලකරමින් ඇතැම් සිංහල බ්ලොග් අඩවි තම අඩවියේ සිංහල බ්ලොග් කියවනය සඳහා ලින්ක් එකක් පල කර ඇති ආකාරය අප දුටුවා. අපේ මගපෙන්වීමක් නැතිවම මෙන්ම ඇතැම් අය තමන් විසින්ම ඉමේජ සකසාගෙන මෙය සිදුකර තිබීම අප තවත් අගය කරනවා. ඒ නිසා අප කල්පනා කලා තමන්ගේ බ්ලොග් අඩවියේ සිංහල බ්ලොග් කියවනය වෙත බැනර් එකක් ප්‍රදර්ශනය කිරීමෙන් ලින්ක් එකක් දෙන්න කැමති අය සඳහා බැනර් කීපයක් ලබාදෙන්න. තමන්ගේ බ්ලොගයේ සයිඩ් බාර් එකේ ප්‍රමාණයට ගැලපෙන පරිදි සුදුසු ප්‍රමාණයකින් ඔබට බැනරය තෝරාගත හැකියි.

මේ බැනර් සඳහා HTML කේතය අප විසින් සපයා ඇති අතර ඔබට තියෙන්නේ ඔබේ බ්ලොගයේ අවශ්‍ය ස්ථානයට එය පිටපත් කරගැනීම පමණයි. Blogger හා WordPress වල සයිඩ්බාර් සඳහා මෙම කේත එකතු කිරීමට මෙම ක්‍රමය අනුගමනය කරන්න. මේ සඳහා මුලින්ම සයිඩ්බාරය සඳහා HTML Widget එකක් ලබාගත යුතුයි.

  • Blogger හි මේ සඳහා ඩෑෂ්බෝඩයෙන් බ්ලොගයේ Layout වෙත ගොස් අවශ්‍ය ස්ථානයේ ඇති Add a Gadget ක්ලික් කරන්න. ලැබෙන ලයිස්තුවෙන් HTML/JavaScript තෝරා ලැබෙන වින්ඩෝවේ අදාල කේතය සටහන් කර Save ක්ලික් කරන්න.
  • WordPress සඳහා ඩෑෂ්බෝඩයෙන් Apperence > Widgets වෙත ගොස් Text විජට්ටුවක් සයිඩ්බාරය වෙත ඇද දමා එහි මෙම කේතය සටහන් කර Save කරන්න.

තනි පේලියේ කුඩා ලින්ක් එකක් සඳහා

මෙය බ්ලොගයේ දිස්වනුයේ මේ ආකාරයටයි:

සිංහල බ්ලොග් කියවනය

120×85 ප්‍රමාණයේ බැනරය

මෙය බ්ලොගයේ දිස්වනුයේ මේ ආකාරයටයි:

සිංහල බ්ලොග් කියවනය

200×132 ප්‍රමාණයේ බැනරය

මෙය බ්ලොගයේ දිස්වනුයේ මේ ආකාරයටයි:

සිංහල බ්ලොග් කියවනය

මැරතන් බැනරය

සිංහල බ්ලොග් මැරතන් 2010 මේ අප්‍රේල් මාසයේදී පැවැත්වෙන බව ආරංචි වෙන්න ඇති නේ. [1] [2] ඉතින් මේ මැරතන් අවස්ථාව සඳහා නිර්මාණය වුනු බැජ් එකකුත් තියෙනවා. කැමති අයට එය ප්‍රදර්ශනය කරලා මැරතන් ඉසවුව ගැන ප්‍රචාරයක් ලබාදෙන්නත් පුලුවන්.

මෙය බ්ලොගයේ දිස්වනුයේ මේ ආකාරයටයි.

Sinhala Blog Marathon 2010

මේ හැර සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වෙනුවෙන් ඔබ විසින් නිර්මාණය කරන ලද බැජ්/බැනර් ඇතහොත් ඒවා ප්‍රදර්ශනය කිරීම අප ඉතාමත් අගය කරන අතර ඒවා අන් අය සමග බෙදාහදා ගැනීම සඳහා මෙහි කමෙන්ට් ලෙස පලකරන ලෙසත් අප ඉල්ලා සිටිනවා.

Share and Enjoy:
  • Digg
  • del.icio.us
  • Facebook
  • Google Bookmarks
  • Identi.ca
  • Ping.fm
  • Slashdot
  • Twitter
This entry was posted in නිවේදන and tagged . Bookmark the permalink. Post a comment or leave a trackback: Trackback URL.

35 Comments

  1. Posted March 23, 2010 at 10:39 am | Permalink

    මාත් ඕක බ්ලොග් එකට දාගෙන හිටියා පස්සේ ඒක මගේ අතින් වැරදිලා අයින් වෙලා . මාන් ඒක දා ගත්තේ සිංහල බ්ලොග් ලොගෝ එකට ලිනක් එක දාපු එක. දැන් ‍මෙවයින් එකක් දා ගන්න ඕනේ. නියමයි. වැඩේ

  2. Posted March 23, 2010 at 10:42 am | Permalink

    මේවා වැඩ කරන්නේ නෑනේ

  3. Posted March 23, 2010 at 11:05 am | Permalink

    @ආදර කතාව
    නිවැරදි කලා. නැවත උත්සාහ කරන්න :)

  4. Posted March 23, 2010 at 12:28 pm | Permalink

    how i use this?

  5. Posted March 23, 2010 at 12:33 pm | Permalink

    @dilhan
    its stated in the post. you can simply add this badges into your blog’s sidebar.

  6. Posted March 23, 2010 at 1:13 pm | Permalink

    වැඩේ නම් නියමයි අපි මුල ඉඳලම ලින්ක් දාගෙනයි හිටියේ…..
    මේ අතරේ අපේ බ්ලොග් එකේ තීම් එකට ගැලපෙන්න අපිම හදාගත්ත එකත් අනුමත කරනවද?
    මොකද දැනට මේ දීල තියන ඒවා ලොකු වැඩියි……
    මුලින්ම තියන එක ගැලපෙන්නෙත් නෑ.

  7. Posted March 23, 2010 at 1:16 pm | Permalink

    @ සහන්
    අපොයි කිසිම ප්‍රශ්නයක් නෑ විතරක් නෙමෙයි අපි ඒක අගය කරනවා. :)

  8. Posted March 23, 2010 at 4:52 pm | Permalink

    අපි මුල ඉඳන්ම ලෝගෝවක් දැම්මනෙව..වැඩේනම් මරු!!

  9. Posted March 23, 2010 at 5:10 pm | Permalink

    මෙය ක්‍රියාවට නැංවී තිබීම දැකීම මහත් සතුටක්! සිංහල බ්ලොග්කරුවනට ජය! ෴

  10. Posted March 23, 2010 at 9:54 pm | Permalink

    නියමයි.. මමත් දැම්මා ඔන්න.. හොය හොයා හිටියෙ හොද ලෝගෝ එකක්..

    ජය වේවා!!!!

  11. Posted March 24, 2010 at 12:17 am | Permalink

    මම නං ඹයාලගේ සයිට් එකට ලින්ක් එකක් දැම්මෙ මංම හදාගත්තු ඉමේජ් එකකින්. මගේ බ්ලොග් එකට ඒක ගැලපෙනවා මං හිතන හැටියට. මොකද කියන්නෙ.

    http://www.cyberyaya.blogspot.com

    ඕක හොදනං ඉතිං බෙදා ගන්ඩ බැරියැ ඕන හැටියෙ. පොඩ්ඩක් ගිහිං බලන්ඩකෝ.

  12. Posted March 24, 2010 at 1:50 am | Permalink

    ඔන්න සමනලීත් බැනර් එකක් එකතු කළා…..!!! ස්තූතියි :-)

  13. Posted March 24, 2010 at 3:43 pm | Permalink

    ඇති යන්තං! ඔන්න මමත් දාගත්තා!!

  14. මාරයාගේ හෝරාව
    Posted March 26, 2010 at 11:55 am | Permalink

    මාත් ඔන්න පුංචියට හරි දාලා දැම්මා

  15. Posted March 26, 2010 at 3:22 pm | Permalink

    ඔන්න මමත් දැම්මා…….. මේකට දැම්මේ

  16. Posted March 26, 2010 at 5:07 pm | Permalink

    මම හිතුවෙ සංසදයෙන් බැනර් එකක් හදල දීලා ඇති කියලා.. මම ඒක හෙවුව හොයාගන්න බැරි උනා….

    දැන් නම් මටත් දාගන්න පුලුවන්…

    ස්තූතියි..

    – සොරො

  17. Posted March 26, 2010 at 10:54 pm | Permalink

    වැඩේ හොදයි, මමත් ලින්ක් එකක් දාල තමා තියෙන්නෙ. බ්ලොග් මැරතන් ගැන රූපය දාන්න පුළුවන්. :)

  18. Posted March 27, 2010 at 12:14 pm | Permalink

    sthuthiyi…. mamath blog ekata dagaththa ….

  19. madhu
    Posted March 28, 2010 at 6:23 am | Permalink

    හොඳ වෙලාවට මේක දැක්කෙ… තව පොඩ්ඩෙන් මම ෆොටොශොප් එකෙන් මහන්සි වෙනවා බැනර් එකක් හදන්න… ඔන්න මාත් දැම්මා

  20. Posted March 31, 2010 at 3:27 pm | Permalink

    ඔන්න මමත් බැනර් එකක් දා ගත්තා.

  21. Posted March 31, 2010 at 6:01 pm | Permalink

    ඔන්න ඉතින් මාත් බැනර් එකක් දා ගත්තා!

  22. Janaka
    Posted April 7, 2010 at 1:53 pm | Permalink

    මමත් දැම්ම……….

  23. Posted April 11, 2010 at 9:38 pm | Permalink

    මේ අපිට දෙන්නැද්ද මේ වගේ comment box එකක html code ම‍ගේ වෙබ් එකට දාගන්න

  24. Posted July 13, 2010 at 9:19 am | Permalink

    මාත් ඔන්න දාන්නයි යන්නේ……………………………

  25. Posted July 19, 2010 at 5:42 am | Permalink

    ඔන්න මමත් දැම්මා…බොහොම ඉස්තුත්යි..!!

  26. Posted August 16, 2010 at 9:02 am | Permalink

    වැඩෙ හරි එළකිරි වගෙ දලා ඇති………..

  27. Posted August 31, 2010 at 10:53 am | Permalink

    ඔන්න මමත් එකක් දාගත්තා..

  28. Posted September 1, 2010 at 10:10 am | Permalink

    මාත් එකතු කලා.බොහොම ස්තුතියි!

  29. Posted November 15, 2010 at 4:10 pm | Permalink

    ඔන්න මමත් බැනර් එකක් දා ගත්තා.

  30. සමනලයා
    Posted November 22, 2010 at 10:09 pm | Permalink

    ඔන්න මමත් බැනර් එකක් දැම්මා…..

  31. Posted November 23, 2010 at 11:00 am | Permalink

    සිංහල අනසක ලොව නන් දෙස පැතිරේවා
    සිංහල බස තව ලොව තුල සුපතල වේවා
    සිංහල බ්ලොග් දිනෙන් දිනම වැඩි වේවා
    සිංහල සංසදයට කිරි ඉතිරේවා

    සිංහල බ්ලොග් සංසදයට ඇතුලත්වීමේ ප්‍රීතිය නිමිත්තෙනී. :D

  32. Posted November 23, 2010 at 5:26 pm | Permalink

    මමත් දැම්මෝ බැනර් එකක්..
    බ්ලොග්කරුවන්ගේ සංසදට ස්තූතියි….

  33. Posted January 11, 2011 at 5:22 pm | Permalink

    මමත් ඔන්න බැනර් එකක් දැම්මා. ස්තුතියි.

  34. Posted January 16, 2011 at 4:37 pm | Permalink

    ඔන්න හීන සිත්තමත් එකතු වුණ වගයි..

  35. Posted January 18, 2011 at 10:56 am | Permalink

    මම ඉතාමත් සතුටින් ඔබලගේ බැනරය දා ගත්තා

Post a Comment

Your email is never published nor shared. Required fields are marked *

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe without commenting