SBU T-ෂර්ටය ඇණවුම් කිරීම

පසුගිය වසරේ සුහද හමුව හා සමගාමීව ටී-ෂර්ටයක් මුද්‍රණය කලා මෙන්ම මෙවරද බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි ටීෂර්ට් එකක් නිර්මාණය කිරීමට අප කල්පනා කලා. මෙම ටීෂර්ට් එක කලින් මුද්‍රණය කර මිලදී ගැනීමක් ලෙස ඔබ වෙත ලබාදිය නොහැකි නිසා අප තීරණය කලේ ටීෂර්ට් අවශ්‍ය අයට කලින් මුදල් ලබා දී ඇණවුම් කිරීමක් සිදු කල විට ජනවාරි 20 දක්වා ඇණවුම් කර ඇති ටීෂර්ට් ප්‍රමාණය මුද්‍රණය කර ඔවුන්ට ලබාදීමටයි.

මේ නිසා ඔබට ටීෂර්ට් එකක් අවශ්‍ය නම් ඔබ කල යුත්තේ 2011 ජනවාරි 20ට පෙර මෙහි පහත සඳහන් වන පරිද්දෙන් අදාල ගෙවීම සිදුකර, ඒ බැව් අප වෙත දැනුම් දීමයි. ඔබේ ටීෂර්ට් එක සූදානම් වූ විගස ඒ බව අප විසින් ඔබට දැනුම් දෙනවා ඇති.

එක් ටීෂර්ට් එකක් සඳහා මිල රු 750/= ක් වන අතර ඔබට කැමති ටීෂර්ට් සංඛ්‍යාවක් මිලදීගත හැකියි. ඔබේ ගෙවීම් සම්පත් බැංකුවේ 001259000218 අංකය දරණ කාලිංග ඇතුලත්මුදලි නමට ඇති ගිණුමට බැර කල යුතු අතර ඔබේ ගෙවීමේ විස්තර [email protected] වෙත විද්‍යුත් ලිපියකින් දැන්විය යුතුයි. මෙසේ අප වෙත දන්වා එවිය යුත්තේ ගෙවීම සිදුකල දිනය හා වේලාව, බැංකු ශාඛාව හා ගණුදෙනුව වෙනුවෙන් ලැබුනු Reference number එකයි. (මෙම reference number එක ඔබේ deposit slip එකේ සටහන් වන අතර අවශ්‍ය නම් එවෙලේම බැංකු නිලධාරියාගෙන් විමසීමෙන් දැනගත හැකියි)

ගෙවීම් විස්තරය සමග ඔබට අවශ්‍ය ටීෂර්ට් ගණන (මෙම ගණනට සරිලන ලෙස ගෙවීම් සිදුකර තිබිය යුතුය), ටීෂර්ට් වල ප්‍රමාණය (Small, Medium, Large, XL) ද සඳහන් කර එවීමට අමතක කරන්න එපා.

මෙසේ එවනු ලැබූ විද්‍යුත් ලිපිය අප වෙත ලැබුනු පසු ගණුදෙනුව පරීක්ෂා කර බලා ඒ බැව් පිලිතුරු ලිපියකින් අප විසින් සනාථ කරනු ඇති.

ටීෂර්ට් මුද්‍රණය කල පසු ඒ බැව් ඔබ වෙත දැනුම් දෙනු ලබන අතර, කොළඹ නගරයේ අප විසින් සඳහන් කරනු ලබන ස්ථානයකට පැමිණ ඔබගේ deposit slip එක හෝ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර අනන්‍යතාවය තහවුරු කිරීමෙන් එය ලබාගත හැකියි. පිටපලාතක් හෝ විදේශයක් වෙත තැපෑලෙන් එවාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා තැපැල් ගාස්තු වෙනමම ගෙවිය යුතු අතර ඒ පිලිබඳව අප වෙත ඊමේල් එකක් එවීමෙන් සාකච්ඡා කරගත හැක.

පසුගිය වතාවේ නිර්මිත ටීෂර්ට් එකේ ඡායාරූපයක් පහත දැක්වෙන අතර මෙවරද ඊට සමාන ආකෘතියකින්, නමුත් වෙනස් Material එකකින් ටීෂර්ට් එක මුද්‍රණය වනු ඇත. පසුගිය වතාවේ මෙන් තම බ්ලොග් අඩවියේ ලිපිනය ෂර්ට් එකේ සටහන් කරවාගැනීමට නම් මෙවර පහසුකම් නැති බව කණගාටුවෙන් දැනුම් දෙන්නට සිදුවෙනවා.

එසේනම් සමස්තයක් ලෙස ටීෂර්ට් එක ලබාගැනීමට ඔබ විසින් කල යුතු දේ සාරාංශගත කොට මෙසේ දැක්විය හැකියි.

  1. සම්පත් බැංකුවේ අංක 001259000218 දරණ කාලිංග ඇතුලත්මුදලි නමට ඇති ගිණුමට, එක් ටීෂර්ටයක් සඳහා රු 750/= වන සේ අවශ්‍ය ටීෂර්ට් ගණනට අදාල මුදල් ප්‍රමාණය 2011 ජනවාරි 20 ට පෙර තැන්පත් කිරීම.
  2. ගණුදෙනුවේ reference number එක, ගණුදෙනුව සිදුකල බැංකු ශාඛාව, ගණුදෙනුව සිදුකල දිනය හා වේලාව යන විස්තර සමග ඔබේ නම සඳහන් කර 2011 ජනවාරි 20 ට පෙර [email protected] වෙත ඊමේල් එකක් එවීම.
  3. ඔබේ ඊමේල් එක ලැබුනු බවට හා ගණුදෙනුව verify කල බවට අප වෙතින් ලැබෙන පිලිතුර බලාපොරොත්තු වීම හා සතියක් ඇතුලත එය නොලැබුනොත් ඒ පිලිබඳව 0777 254174 දුරකථන අංකයෙන් විමසීම.
  4. ඔබේ ටීෂර්ටය සූදානම් බව අප විසින් දැන්වූ පසු අප සඳහන් කරන ස්ථානයට (කොළඹ නගරයේ) පැමිණ ඔබේ payment slip එක හෝ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර එය ලබාගැනීම. තැපෑලෙන් ගෙන්වාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අමතරව ගෙවිය යුතු තැපැල් ගාස්තු පිලිබඳව අප සමග සාකච්ඡා කිරීම.

මේ සම්බන්ධයෙන් ඔබට යම් ගැටලුවක් ඇත්නම් එය [email protected] වෙත යොමුකරන්න.

This entry was posted in නිවේදන. Bookmark the permalink. Post a comment or leave a trackback: Trackback URL.

19 Comments

  1. Posted December 30, 2010 at 8:54 am | Permalink

    එළ ! අදම එහෙම නම් සල්ලි ගෙවන්න ඔනේ.
    ස්තුතියි දැනුවත් කරාට

  2. hemantha samarakoon
    Posted December 30, 2010 at 11:41 am | Permalink

    ඒ ක්‍රමය හොඳයි .. පැහැදිලියි…
    ස්තූතියි.

  3. Posted January 3, 2011 at 8:52 pm | Permalink

    එළ. ..සයිස් එක S, M, L, XL විදියට දුන්නහම හරියටම හම්බ වෙනවද කියන එක නම් පොඩ්ඩක් බලන්න වෙයි. මොකද සමහර වෙලාවට අපි සාම්පල් ඇඳලා ඕඩර් එක දුන්නත් මහලා එන එකේ ප්‍රමාණය වෙනස් වෙන වෙලාවල් තියෙනවා.

  4. Posted January 4, 2011 at 2:33 pm | Permalink

    වැඩේ නම් නියමයි. එල එල. සුබ පැතුම්.S, M, XL
    වෙනස් වීම නම් ඇත්ත තමයි මොකද අපි ඇන්දට පස්සෙ සයිස් වෙනස් උනොත් අවුල වෙනවනෙ. ඒක නිසා පොඩ්ඩක් ඒ පිලිබඳවත් සැලකිලිමත් උනොත් හොඳයි.

  5. Posted January 9, 2011 at 8:47 pm | Permalink

    වැඩේ අපූරුයි…ප්‍රශ්නයක්..මම තඩි පැන්ඩෙක්..මම සාමන්‍‍යයෙන් reborn , bernads ,Vileka වගේ ටී ෂර්ට් ගන්නෙ XXXL . ඔයාල XXXL එකක් ගහන්නෙ නැද්ද ?

  6. Posted January 13, 2011 at 11:29 pm | Permalink

    හොද materiel 1ක කින් ගහන්න,bernads 1ke L,M size 2කම මට හරි,හෙට ම සල්ලි දාන්නම්

  7. Posted January 14, 2011 at 9:25 am | Permalink

    මටත් ඔනේ ටී ශර්ට් එකක්

  8. visith
    Posted January 15, 2011 at 1:44 am | Permalink

    තැපෑලෙන් ගෙන්නගන්නව නම් කොච්චර විතර යනවද නුවරඑලියට

  9. Posted January 15, 2011 at 8:25 am | Permalink

    ඔන්න අද සල්ලි දැම්ම,අපිට T 1ka කවද ද හම්බ වෙන්නෙ,call 1k දෙන්න 0779980123

  10. Wasantha
    Posted January 18, 2011 at 2:40 pm | Permalink

    onnna mamath gevva matath ikmanatama ona

  11. කොඩී
    Posted January 18, 2011 at 8:27 pm | Permalink

    තාම සල්ලි ගෙවන්න බැරි උනා :(

  12. Posted January 19, 2011 at 8:46 pm | Permalink

    ඇත්තටම මට ඔය small සයිස් එක වැඩී. xsmall වගේ තමයි මට යන්නෙ :(

  13. කාලිංග
    Posted January 20, 2011 at 2:01 pm | Permalink

    @කොඩී

    ජනවාරි 25 වෙනකන් මුදල් ගෙවන්න පුලුවන්.

  14. Posted January 25, 2011 at 2:43 pm | Permalink

    දැන් අපිට කවද විතරද Tshirt ලැබෙන්නෙ

  15. Posted February 28, 2011 at 11:35 pm | Permalink

    අද තමා දැක්කෙ…………..
    අම්බානක පරක්කුයිනේ
    ලබන පාරවත් බලමු…………… මැරෙන්ඩද………………………..???

  16. Posted March 7, 2011 at 4:12 pm | Permalink

    දැන් සල්ලි දෙන්න බැරිද?

  17. Posted April 22, 2011 at 9:10 pm | Permalink

    Hi Mata Than T Shirt Ekak Ganna Puluvanvida

  18. Posted April 27, 2011 at 9:24 am | Permalink

    දැන් නම් මේ මසෙත් ඉවර වෙනව නේද?

  19. Posted May 17, 2011 at 10:05 pm | Permalink

    අපිට ඒක දෙනකල් බොහොම කරුණාවෙන් බලන් ඉන්නවා… ඉක්මනට ලැබෙයි කියලත් හිතනවා.

Post a Comment

Your email is never published nor shared. Required fields are marked *

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe without commenting