ඔබේ SBU Tshirt එක ලබාගන්නේ කෙසේද?

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙන් ටීෂර්ට් එකක් මුද්‍රණය කරන වැඩේ පටන් ගත්තේ මීට මාසෙකටත් කලින්. මේ ගැන යෝජනාව ආපු වෙලාවේ සෑහෙන්න පිරිසක් ඒක අනුමත කලාට මොකද අන්තිමේ ටීෂර්ට් සඳහා මුදල් ගෙවා වෙන් කරගෙන තිබුනේ සුලු පිරිසක් තමයි.

ඒ අය දන්නවා ඇති ටීෂර්ට් මුද්‍රණයට ගොඩක් බාධා එල්ල උනා. එක වරක් ටීෂර්ට් එකේ අකුරු පේලියක් අදාල ආයතනයෙන් වැරදියට මුද්‍රණය කරලා ෂර්ට් තොගයම නැවත මුද්‍රණය කරන්න සිදුවුනා. ඔවුන් පොරොන්දු වූ දිනට ෂර්ට් තොගය ලබා දුන්නේ නැහැ.

මේ ආකාරයේ අනේක විධ බාධා වලින් පසුව අවසානයේ ඔන්න ටී ෂර්ට් තොගය ඔබ වෙත ලබා දීමට සූදානම්. විශේෂයෙන් කියන්න ඕනේ, අප විසින් මුද්‍රණය කරනු ලැබුවේ කලින් මුදල් ගෙවා ඕඩර් කල අය සඳහා පමණයි. අමතර ටීෂර්ට් මුද්‍රණය කර නැති නිසා කලින් මුදල් ගෙවා ඕඩර් නොකල කිසිවෙකුට ටීෂර්ට් ලබාගැනීමට බැහැ.

ඔබේ ටීෂර්ට් එක මැයි 23 සඳුදා සිට පහත ආකාර වලින් ලබාගත හැකියි..

පැමිණ ලබාගැනීමට කැමති අයට, Metatechno Lanka (Pvt) Ltd, No 28, West Tower, World Trade Center, Colombo 1 ලිපිනයට පැමිණ කාලිංග හමුවීමෙන් ඔබේ ටීෂර්ට් එක ලබාගත හැකියි. පැමිණීමට ප්‍රථම  0777254174 අංකයෙන් කාලිංග අමතා ඔබ පැමිණෙන බව දැන්වීමට කාරුණික වන්න. ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා
1. ඔබ විසින් ටීෂර්ටය සඳහා බැංකුවට මුදල් ගෙවූ ලදුපත
හෝ
2. ඔබේ ජාතික හැඳුනුම්පත
ඉදිරිපත් කිරීමට අමතක කරන්න එපා.

තැපෑලෙන් ලබාගැනීමටත් අවකාශ තිබෙනවා. ඒ සඳහා වැයවන ගාස්තු අදාල කූරියර් සේවාවෙන් (CityPack) අප වෙත ලබාදී ඇති මේ ලේඛණයේ සඳහන්. එසේ තැපෑලෙන් ලබාගැනීමට අවශ්‍ය නම් එය සූදානම් කරගැනීම සඳහා 0777254174 අංකයෙන් කාලිංග අමතන්න.

සතුටුදායක ආරංචිය තමයි, ඔවුන් අතින් සිදුවූ ප්‍රමාදයට හිලවු වශයෙන් ඔවුන් ටීෂර්ට් එකක් රු 600/= මිලකට ලබාදීමට එකඟවුනා. මේ අනුව ඔබ ගෙවූ මුදලින් ඉතිරි වූ මුදලත් ඔබේ ටීෂර්ටය සමගින්ම ලබාගත හැකියි.

ටීෂර්ට් එකට මුදල් ගෙවා ඇත්තේ මෙන්න මේ අයයි (එනම් ටීෂර්ට් ලබාගත හැක්කේ මෙන්න මේ අයටයි)

1. චන්දික ගුණතිලක
2. තිලිණ ගුණසේකර
3. චතුර වික්‍රමසිංහ
4. ඉසුරු කොඩිතුවක්කු
5. අසිත කුමාර ලියනවඩුගේ
6. නදීන්ද්‍ර මදනායක
7. චින්තක සඳරුවන්
8. ප්‍රබෝධ මධුෂාන්
9. ගීත් නුවන් පතිරණ
10. ගනිදු රූපසේන
11. රුක්ෂාන් සමීර
12. යසිත් මියුරංග
13. රනිල් අල්ගම
14. රජිත අනුරාධ
15. ධනුෂ්ක ගුණසිංහ
16. ප්‍රවීන් ඉන්ද්‍රනාම
17. බින්දුක විජයනායක
18. නෙවින්දරී ප්‍රේමරත්න
19. කණිෂ්ක හෙන්නායක
20. සහන් සිරිබන්ධු
21. ගයන්ත සමරදිවාකර
22. හර්ෂණී නාකන්දල
23. අනුරාධ ජයතිලක
24. සුබාෂ් ප්‍රියංකර
25. තරිඳු පමල් දර්ශන
26. හර්ෂණ වීරසිංහ
27. ඉෂාන් තිලිණ

This entry was posted in නිවේදන. Bookmark the permalink. Post a comment or leave a trackback: Trackback URL.

6 Comments

  1. Posted May 17, 2011 at 3:43 pm | Permalink

    නියමයි. හැබයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ඉන්නේ ලංකාවේ නෙවෙයි. මගේ යාලුවෙක් එවනවනම් මම මොනවද කරන්න ඕන. අනිත් එක මම කලේ බැංකුවෙන් මුදල් ගෙවපු එක………. කොහොමවුනත් ඔයලා වුන මහන්සියට මගෙන් තුති….

  2. Posted May 17, 2011 at 3:45 pm | Permalink

    අහ්.. අමතක වුනා…. චින්තක සදරුවන් කියන්නේ මම ම තමයි…… :)

  3. Posted May 17, 2011 at 3:46 pm | Permalink

    @ Chinthaka Rajapakshe
    ගැටලුවක් වෙන්නේ නැහැ. පොඩ්ඩක් කාලිංගට කෝල් එකක් දෙන්න. වැඩේ ඇරෙන්ජ් කරගන්න පුලුවන්.

  4. Posted May 18, 2011 at 7:46 am | Permalink

    වැඩේමයි ඔය T-shirt එක ගන්න…..

  5. Ishan
    Posted May 19, 2011 at 7:54 am | Permalink

    matath ekak ganna barida?mama t-shirt gana dhanagaththe me lagadhi.eka nisa order karanna bari una

  6. Posted May 20, 2011 at 4:30 pm | Permalink

    ඇත්තටම ගොඩාක ස්තුතියි සහෝදරවරුනේ.. ඔයවගේ වැඩක් කරන්න ගියාම නොහිතන දේවල් කොයි තරම් වෙනවද කියලා දන්නෙ කරපු මිනිස්සුම තමයි. පරක්කු උනාට කමක් නෑ. අපි විශ්වාස කලා පරක්කු උනත් වැඩේ කොහොම හරි කෙරෙනවා කියලා. දැන් ඉතින් දුවලා ගිහින් ලබන සඳුදා ටී-ෂර්ට් එක ගන්නවා.

Post a Comment

Your email is never published nor shared. Required fields are marked *

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe without commenting