සිංහල බ්ලොග්කරුවන් සදහා LKServers ආයතනය මගින් නොමිලේ වසරක් සදහා ඔබ කැමති ඩොමේන් නාමයක් හා වෙබ් ඉඩක් wordpress hosting සදහා 50 දෙනෙකුට ලබාදෙන බව අපිට දන්වා සිටියා.
ඔබට ලැබෙන පහසුකම්.
- ඔබ කැමති ඩොමේන් නාමයක්. (.com. net .org .info etc)
- ඔබටම වෙන්වූ cPanel ගිණුමක්
- ගිගාබයිට් දහයක (10GB) වෙබ් ඉඩක්
- ගිගාබයිට් සියයක (100GB) Monthly Bandwidth එකක්
- SubDomain 10ක් එකතු කරගැනීමේ හැකියාව
- ඊ-මේල් ගිණුම් 50ක්
කොන්දේසි
- වසරකට පසු ඩොමේන් නමය සදහා මුදල්ගෙවීමක් කල යුතුවන අතර ප්‍රචාරක බැනරයක් තිබෙන තාක්කල් වෙබ් ඉඩ නොමිලේ සපයනු ඇත.
- මෙම ලබාදෙන වෙබ් ඉඩ එක් WordPress බ්ලොග් එකක් සහ වෙබ් පිටු (Home Page etc;) සඳහා පමණක් යොදාගත හැක.
- මෙම හොස්ටිං සේවාව File Hosting කටයුතු සඳහා භාවිතා කල නොහැක. (බ්ලොග් සටහන් වලට අදාල Files, Images ආදිය එක් ගොනුවක් උපරිම මෙගාබයිට් 20ක සීමාවකට යටත්ව හොස්ට් කල හැකියි)
- LKServers.comහි ප්‍රචාරක බැනරයක් (Promoting Banner) ඔබගේ බ්ලොගය තුල ප්‍රදර්ශනය කරන්න සිදු වෙනවා. (මෙම බැනරය අදාල බ්ලොගයට ගැලපෙන පරිදි LKServers.com වෙතින් ලබාදෙනු ඇත.)
- වසරක කාලය ගතවීමට ප්‍රථම මෙම Promo එකෙන් ඉවත් වුවහොත් හෝ ඉහත නීති උල්ලංඝනය වීමක් සිදුවුවහොත් නොමිලේ ලැබෙන හොස්ටිං ගිණුම අත්හිටුවෙන අතර, ඩොමේන් නාමයේ මුළු මුදල ගෙවා ඩොමේන් නාමය පමණක් ආපසු ලබාගත හැක.
- සම්පූර්ණ සේවා සඳහා වූ නීතිමාලාව (TOS) සඳහා මෙම සබැඳියට යන්න.
මෙම සේවය ලබාගැනීමට http://www.lkservers.com/offer.php පුරුකට පිවිසෙන්න. වැඩි විස්තර සදහා support[atlkservers.com වෙත ඊමේල් කරන්න.
සැ:යු: මෙම සේවාවන් ගැන කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් දරනු නොලැබේ.



4 Comments
ස්තුතියි අපව දැනුවත් කරාට | දැනටමත් ඉල්ල්ම් කරලා තියෙනවා බලමුකො
තව දෙයක් මම කතා කලා http://www.lkservers.com/offer.php එක්ක
Rs 2500 ට 40GB space 400 GB bandwidth per year pkg එකක් තියනවා …
තව SSH ත් තියනවා …..
[ කතා කරලා බලන්න ... live chat එකක් තියනවා ]
සැහ් මරු බිස්නස් එක නේද?
මේ සුවිශේෂි දීමනාව සදහා තෝරාගත් බ්ලොග් අඩවි 50 නම් කරන්න පුළුවන්ද?
One Trackback
[...] සංසදයෙහි (SBU) මේ ගැන සඳහන් වූ බ්ලොග් සටහනත් [...]