2010 සිංහල බ්ලොග්කරුවන්ගේ හමුවට පෙරවදනක්

බ්ලොග් ලියමින්, අනිත් අයගේ බ්ලොග් කියවමින්, ප්‍රතිචාර දක්වමින්, අන්තර්ජාලය තුලදී පමණක් මුණගැහුණු සිංහල බ්ලොග්කරණ ප්‍රජාව හැබැහින් හමුවී කතාබහ කිරීමේ චාරිත්‍රය මුලින්ම ඇරඹුනේ පසුගිය වසරේ. මේ අනුව 2009 දෙසැම්බර් මස 19 වෙනි දින කොළඹ එක්සෙල් වර්ල්ඩ් හි රැස්වූ බ්ලොග්කරණ ප්‍රජාව එහිදී කලින් ජාලය තුලදී පමණක් හඳුනාගෙන සිටි අය හැබැහින් දැකබලාගෙන හඳුනාගෙන කතාබහ කිරීමේ භාග්‍යය උදාකරගත්තා.

2009 සුහද හමුවේදී...

මෙම චාරිත්‍රය ඉදිරියටත් ගෙන එනු වස් මේ අවුරුද්දෙත් සිංහල බ්ලොග්කරුවන්ගේ සුහද හමුවක් සංවිධානය කිරීමේ කටයුත්තට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය උරදීමටයි සැරසෙන්නේ. මෙවරත් දිනය වශයෙන් බොහෝ දෙනෙකුට අපහසුවක් නැති බව පෙණුනු දෙසැම්බර් 19 වෙනි ඉරිදා දිනය තෝරාගත්තා. මෙම අවස්ථාවට සිංහල බ්ලොග් ලියන, කියවන හැමෝටම සහභාගී වෙන්න පුලුවන්.

මෙවර හමුව පැවැත්වෙන ස්ථානය තීරණය කිරීම සඳහා අපට හමුව සඳහා කෙතරම් පිරිසක් සහභාගී වේද යන්න දළ වශයෙන් දැනගැනීමට අවශ්‍යයි. (හමුව සිදුකරන්නේ කොළඹ නගරය තුල ස්ථානයකයි, පසුගිය වසරේ එක්සෙල් වර්ල්ඩ් තෝරාගත්තා මෙන්) මේ සඳහා හමුවට සහභාගී වීමට අපේක්ෂා කරන අපගේ සහෘදයන් පහත පෝර්මය පුරවා ඒ සඳහා සහයෝගය දෙනු ඇතැයි අප අපේක්ෂා කරනවා.

පෝර්මය වෙත >>

35 thoughts on “2010 සිංහල බ්ලොග්කරුවන්ගේ හමුවට පෙරවදනක්

  1. මම නම් කොහොම හරි එනවා.. ගිය පාර එන්න උනෙත් නැනෙ…

  2. එන්න උපරිම උත්සහයක යෙදෙනවා ! සෙනසුරාදා වගේ දවසක් වුනා නම් ශුවර් එකට එනවා. ඉරිදා නිසා පොඩ්ඩක් අමාරු වෙයි මට නම්. බලමු තව දවස් තියෙනවානේ

  3. ඔන්න මේ සැරේ මාත් වරද්දන් නෑ, ඩබල් දාලම එනවා.
    හම්බෙමු කස්ටියවම

  4. ගිය පාරත් ආවා… මේ පාරත් එනවා… ලබන පාරත් එනවා… සිංහල බ්ලොග්කරුවන්ට ජය…
    ” අපි සාඩම්බර සිංහල බ්ලොග්කරුවන් වෙමූ !!! “

  5. මමත් එන්න උපරීම උත්සාහ කරනවා.. බලමුකෝ……… ගිය පාරත් එන්න බැරි වුනා… හරි ආසයි නොදැකපු යාලුවෝ ගොඩ හම්බ වෙලා කතා කරන්න……… :D

  6. ගියපාර නම් ඕක දන්නෙත් නෑ.. ඒත් මේපාරනම් කොහොම හරි එනවා…

  7. පිස්සා ඉතින් ඒ රොප්පෙ ඉදන් කොහෙ එන්නද… කට්ටිය එකතු වෙලා දැන අදුරගෙන සතු වෙලා අපිට බලන්නත් පින්තූර ටිකක් වත් දාන්න…

  8. මම නම් blog කියවනවා විතරයි. blog කියවන එක විතරක් කරන අයටත් එන්න පුලුවන්ද?
    එන්න පුලුවන්නම් මම එනවා.

  9. එන්න හිතං ඉන්නවා. බලන්න ඕන වැඩත් එක්ක.
    අර ඉස්සරහ ඉන්න තට්ටෙ තියන පොර කසූද?

  10. ෆුල් ට්‍රයි එකක් දෙනවා එන්ඩ.. මේක සෙනසුරාදාවක තිබ්බාන්ම් පට්ට.. සෑහෙන දුරක් එන්ටත් එපායෑ..

  11. එන්න නම් ආසයි. එත් ඉතින් එන්න පුළුවන් වෙයිද දන්නෑ.දුර බැහැර වැඩි නිසා.

  12. @Geeth | ගීත්

    තැනක් තාම තීරනය කරලා නෑ මොකද එන කට්ටිය ගණනය කරන තුරු පොඩක් හොයන්න අමාරුයි.

    @රංග සමන්

    කිසි ගැටලුවක් නෑ, එන්න පුලුවන්

    @ගිශාන්

    ලියන අයට වගේම කියවන අයටත් එන්න පුලුවන්.

    @පූසා

    හික්… එන්න එන්න :D

  13. දිනය සම්බන්ධ පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. මොකද එදා ට මම නම් නැ එකයි. බැරි වෙයි ද දිනය කලින් සුමානයට ගන්න. දෙසැම්බර් 12 හෝ 26 විතර. ඒ දවස් වල නම් ෂුවර් එකට එන්න පුළුවන්. පුළුවන් නම් දැනුම් දිමක් කරන්න. එහෙම වුනේ නැතත් කරන්න යන දේයට සුභපතනවා.

  14. ගිය සැරේ මට එන්න බැරි වුණා… [එනව කියල පොරොන්දු වුණත් ..]
    මේ සැරේ නම් කොහොම හරි එනවා.

  15. කොහෙ එන්නද බන්…. උබලා ආතල් එක ගනිල්ලා..
    අපිට ඉතින් එන්න නිවාඩු නේ බං

  16. පොඩි manනුත් ඉතින් අලුත්, එත් එනවා ලොකු ලොකු අයව බලාගන්න ආසයි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>