SBU T-ෂර්ටය ඇණවුම් කිරීම

පසුගිය වසරේ සුහද හමුව හා සමගාමීව ටී-ෂර්ටයක් මුද්‍රණය කලා මෙන්ම මෙවරද බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි ටීෂර්ට් එකක් නිර්මාණය කිරීමට අප කල්පනා කලා. මෙම ටීෂර්ට් එක කලින් මුද්‍රණය කර මිලදී ගැනීමක් ලෙස ඔබ වෙත ලබාදිය නොහැකි නිසා අප තීරණය කලේ ටීෂර්ට් අවශ්‍ය අයට කලින් මුදල් ලබා දී ඇණවුම් කිරීමක් සිදු කල විට ජනවාරි 20 දක්වා ඇණවුම් කර ඇති ටීෂර්ට් ප්‍රමාණය මුද්‍රණය කර ඔවුන්ට ලබාදීමටයි.

මේ නිසා ඔබට ටීෂර්ට් එකක් අවශ්‍ය නම් ඔබ කල යුත්තේ 2011 ජනවාරි 20ට පෙර මෙහි පහත සඳහන් වන පරිද්දෙන් අදාල ගෙවීම සිදුකර, ඒ බැව් අප වෙත දැනුම් දීමයි. ඔබේ ටීෂර්ට් එක සූදානම් වූ විගස ඒ බව අප විසින් ඔබට දැනුම් දෙනවා ඇති.

එක් ටීෂර්ට් එකක් සඳහා මිල රු 750/= ක් වන අතර ඔබට කැමති ටීෂර්ට් සංඛ්‍යාවක් මිලදීගත හැකියි. ඔබේ ගෙවීම් සම්පත් බැංකුවේ 001259000218 අංකය දරණ කාලිංග ඇතුලත්මුදලි නමට ඇති ගිණුමට බැර කල යුතු අතර ඔබේ ගෙවීමේ විස්තර admin@sinhalabloggers.com වෙත විද්‍යුත් ලිපියකින් දැන්විය යුතුයි. මෙසේ අප වෙත දන්වා එවිය යුත්තේ ගෙවීම සිදුකල දිනය හා වේලාව, බැංකු ශාඛාව හා ගණුදෙනුව වෙනුවෙන් ලැබුනු Reference number එකයි. (මෙම reference number එක ඔබේ deposit slip එකේ සටහන් වන අතර අවශ්‍ය නම් එවෙලේම බැංකු නිලධාරියාගෙන් විමසීමෙන් දැනගත හැකියි)

ගෙවීම් විස්තරය සමග ඔබට අවශ්‍ය ටීෂර්ට් ගණන (මෙම ගණනට සරිලන ලෙස ගෙවීම් සිදුකර තිබිය යුතුය), ටීෂර්ට් වල ප්‍රමාණය (Small, Medium, Large, XL) ද සඳහන් කර එවීමට අමතක කරන්න එපා.

මෙසේ එවනු ලැබූ විද්‍යුත් ලිපිය අප වෙත ලැබුනු පසු ගණුදෙනුව පරීක්ෂා කර බලා ඒ බැව් පිලිතුරු ලිපියකින් අප විසින් සනාථ කරනු ඇති.

ටීෂර්ට් මුද්‍රණය කල පසු ඒ බැව් ඔබ වෙත දැනුම් දෙනු ලබන අතර, කොළඹ නගරයේ අප විසින් සඳහන් කරනු ලබන ස්ථානයකට පැමිණ ඔබගේ deposit slip එක හෝ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර අනන්‍යතාවය තහවුරු කිරීමෙන් එය ලබාගත හැකියි. පිටපලාතක් හෝ විදේශයක් වෙත තැපෑලෙන් එවාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා තැපැල් ගාස්තු වෙනමම ගෙවිය යුතු අතර ඒ පිලිබඳව අප වෙත ඊමේල් එකක් එවීමෙන් සාකච්ඡා කරගත හැක.

පසුගිය වතාවේ නිර්මිත ටීෂර්ට් එකේ ඡායාරූපයක් පහත දැක්වෙන අතර මෙවරද ඊට සමාන ආකෘතියකින්, නමුත් වෙනස් Material එකකින් ටීෂර්ට් එක මුද්‍රණය වනු ඇත. පසුගිය වතාවේ මෙන් තම බ්ලොග් අඩවියේ ලිපිනය ෂර්ට් එකේ සටහන් කරවාගැනීමට නම් මෙවර පහසුකම් නැති බව කණගාටුවෙන් දැනුම් දෙන්නට සිදුවෙනවා.

එසේනම් සමස්තයක් ලෙස ටීෂර්ට් එක ලබාගැනීමට ඔබ විසින් කල යුතු දේ සාරාංශගත කොට මෙසේ දැක්විය හැකියි.

  1. සම්පත් බැංකුවේ අංක 001259000218 දරණ කාලිංග ඇතුලත්මුදලි නමට ඇති ගිණුමට, එක් ටීෂර්ටයක් සඳහා රු 750/= වන සේ අවශ්‍ය ටීෂර්ට් ගණනට අදාල මුදල් ප්‍රමාණය 2011 ජනවාරි 20 ට පෙර තැන්පත් කිරීම.
  2. ගණුදෙනුවේ reference number එක, ගණුදෙනුව සිදුකල බැංකු ශාඛාව, ගණුදෙනුව සිදුකල දිනය හා වේලාව යන විස්තර සමග ඔබේ නම සඳහන් කර 2011 ජනවාරි 20 ට පෙර admin@sinhalabloggers.com වෙත ඊමේල් එකක් එවීම.
  3. ඔබේ ඊමේල් එක ලැබුනු බවට හා ගණුදෙනුව verify කල බවට අප වෙතින් ලැබෙන පිලිතුර බලාපොරොත්තු වීම හා සතියක් ඇතුලත එය නොලැබුනොත් ඒ පිලිබඳව 0777 254174 දුරකථන අංකයෙන් විමසීම.
  4. ඔබේ ටීෂර්ටය සූදානම් බව අප විසින් දැන්වූ පසු අප සඳහන් කරන ස්ථානයට (කොළඹ නගරයේ) පැමිණ ඔබේ payment slip එක හෝ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර එය ලබාගැනීම. තැපෑලෙන් ගෙන්වාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අමතරව ගෙවිය යුතු තැපැල් ගාස්තු පිලිබඳව අප සමග සාකච්ඡා කිරීම.

මේ සම්බන්ධයෙන් ඔබට යම් ගැටලුවක් ඇත්නම් එය admin@sinhalabloggers.com වෙත යොමුකරන්න.