සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ වාර්ෂික හමුව මෙවර දෙසැම්බර් මස පැවැත්වෙන බව අප ඔබට කලින් දැනුම් දුන්නා. සහභාගීත්වය සටහන් කරන ලෙස අප ලබාදුන් පෝර්මය මේ වන විට විශාල සංඛ්‍යාවක් පුරවා තිබෙනවා. මේ අනුව සිංහල බ්ලොග්කරුවන්ගේ සුහද හමුව පැවැත්වීමට මේ වන විට අප ස්ථානයක් සූදානම් කර අවසන්.
මෙවර සිංහල බ්ලොග්කරුවන්ගේ සුහද හමුව වෙනුවෙන් පූර්ණ අනුග්‍රහය සපයන්නේ මයික්‍රොසොෆ්ට් (ශ්‍රී ලංකා) සමාගම බව සතුටින් යුතුව දන්වන්න කැමතියි. ඔවුන් අප වෙනුවෙන් රැස්වීමට ස්ථානයක් සහ සංග්‍රහ කටයුතු සූදානම් කරදීමට කැමැත්ත පලකොට තිබෙනවා.
මේ අනුව දෙසැම්බර් මස 19 වෙනි ඉරුදිනයේ උදෑසන 8.30ට අපගේ දෙවැනි සිංහල බ්ලොග්කරුවන්ගේ හමුව කොළඹ 02 නවම් මාවතේ DHPL ගොඩනැගිල්ලේ 3වැනි මහලේ පිහිටි ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනු ඇති. අප බලාපොරොත්තු වන්නේ දහවල් 1.30 වනතුරු අපගේ හමුව පැවැත්වීමටයි. මෙහිදී ඔබට ඔබේ ප්‍රියතම බ්ලොග්කරුවන් හමුවීමට, කතාබහ කිරීමට, අදහස් හුවමාරුකරගැනීමට මෙන්ම සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මේ දක්වා සාක්ෂාත් කරගත් අරමුණු හා අනාගත අරමුණු පිලිබඳව සාකච්ඡා කිරීමට හැකියි. සිංහල යුනිකේතයේ ප්‍රවර්ධනය වෙනුවෙන් මයික්‍රොසොෆ්ට් ආයතනය සිදු කර ඇති කාර්යභාරය පිලිබඳව එහිදී ඔවුන් විසින් අප වෙත කෙටි දැනුවත් කිරීමක් සිදු කරනු ඇති.
පැවැත්වෙන ස්ථානය පිලිබඳ විස්තර සාරාංශගත කර මෙලෙස නැවත සඳහන් කරන්නම්,
දිනය: 2010 දෙසැම්බර් 19 ඉරිදා
වේලාව: පෙ.ව. 8.30 – ප.ව. 1.00
ස්ථානය: කොළඹ 2 නවම් මාවතේ DHPL ගොඩනැගිල්ලේ තෙවැනි මහලේ පිහිටි ශ්‍රවණාගාරයේ.
සිතියම:

විස්තර සහිත සිතියම සඳහා මෙම යොමුවට යන්න.
ඔබ සැමගේ සහභාගීත්වය එදිනට ගෞරවයෙන් අපේක්ෂා කරනවා.
ගමන් මාර්ගය: පිටකොටුවේ දුම්රියපොල ඉදිරිපිටින් මොරටුව (100) හෝ පානදුර (101) බසයක නැග, නවලෝක රෝහල අසලින් බසින්න. මදක් ඉදරියට ඇවිද එන විට පාරේ දකුණු පසින් සම්පත් බැංකු ප්‍රධාන ගොඩනැගිල්ල අසලින් (බේරේ වැව අසබඩ) නවම් මාවත ආරම්භ වේ. ඉතිරි විස්තර සිතියමෙන් දැකගත හැකියි.
පසුවදන: පසුගියවර හමුවේදී නිර්ණාමික/ආරූඪ නාම වලින් පෙනී සිටින බ්ලොග්කරුවන්ට තැනක් නොලැබුනු බවට රාවයක් පලවුනා. නිර්ණාමික බ්ලොග්කරුවන්ට හමුවට සහභාගී වීමට හා එහිදී තම ආරූඪ නාමයෙන් පෙනී සිටීමට කිසිදු බාධාවක් නැහැ. නමුත් ඔවුන් සිය මුහුණ පෙන්වීමටද අකමැතිනම් ඒ සඳහා වෙනත් විසඳුමක් නැහැ, හමුවට සහභාගී නොවීම හැර. යමෙක් එසේ රූපයෙන්ද සැඟවී සිටීමට අදහස් කරනවානම් එවැන්නෙකුට පොදු හමුවක් සුදුසු නැති බවයි අපේ හැඟීම. කෙසේ වෙතත් නැවතත් සඳහන් කරන්න කැමතියි නිර්ණාමික බ්ලොග්කරුවන්ට හමුවට සහභාගී වීමට හා එහිදී තම ආරූඪ නාමයෙන් පෙනී සිටීමට කිසිදු බාධාවක් නැති බව. අප හෝ වෙනත් කිසිදු බ්ලොග්කරුවෙක් ඔවුන්ගේ සැබ අනන්‍යතාවය ඇවිස්සීමට නොයන බව අපට විශ්වාසයි.
සැ.යු: ඔබට යම්කිසි ගැටලුවක් ඇතිනම් 0777 254174 යන දුරකතන අංකය ඔස්සෙ විස්තර දැනගත හැක. දැනට ලියාපදිංවි නොවුවන් සිටීනම් කරුණාකර මෙම පුරුක ඔස්සෙ ලියාපදිංවි වන මෙන් කාරුණිකව ඉලා සිටිනවා. හමුව පවත්වන ගොඩනැගිල්ලට කරදරයකින් තොරව ඇතුල්වීමට මෙය රුකුලක් වනු ඇත.
ඕං එහෙනම් නමෝ විත්තියෙන් අපිත් එනෝ…….
ඇනෝනිමස් ලා කොහොම ඒවිද දන්නැ
ඒත් එනවාමයි
මේ පාර තියෙන තැන ගැන නම් හරි වැටහීමක් නැ
100 101 බස් වල එන්න පුලුවන්…..මාත් එනවා
හා බනී අයියා එහෙනම් එමු
අපිත් එනෝ…..ජයවේවා
ම්ම්හු එන්න වෙන්නෙ නෑ කලින් කිව්ව වගේ සෙනසුරාදවක් උනා නම් අනිවා එනවා
ඇයි අප්පා මුණත් තහඩුව පෙන්නන් අකමැතිනම් වෙස්මුණක් දාගෙන එන්න පුළුහන්නේ…
@Dark
Lecs da
රම්පට පොරි හැලි . නියමයිනේ මයිකෝසොෆ්ට් එකෙන් ස්පොනසර් කරනවා කියන්නේ. මම නම් අනිවා එනවා.පාර පොඩ්ඩක් හොයගන්න ඕනේ.
අන්තර්ජාලයෙන් නිතරම හමුවෙනවා
තොරතුරු සිතුම් මල් හුවමාරුව වෙනවා
සංගමයක් සදා සොහොයුරු පෙම දෙනවා
මේ වර නම් නොවරදවා පැමිණෙනවා
නියමයි, අපිටත් ඉතින් විස්තර එවන්න. මගේ අදහසක් තියෙනවා දෙසැම්බර් එන්න. ලියාපදින්චි පෝර්ම් එක එවලා මට එන්න බැරි වුනොත් ප්‍රශ්නයක් වෙයිද?…
නියමයි, අපිටත් ඉතින් විස්තර එවන්න. මගේ අදහසක් තියෙනවා දෙසැම්බර් එන්න. ලියාපදින්චි පෝර්ම් එක එවලා මට එන්න බැරි වුනොත් ප්‍රශ්නයක් වෙයිද?… අපිටත් online වගේ සහභාගී වෙන්න බැරිවෙයිද?
@Chinthaka Rajapakshe
ඔව් මටත් ඔය ප්‍රශ්නෙම තමා තියෙන්නෙ.ෆෝම් එක පුරවල එන්න බැරිඋනොත් කියන බය තමා තියෙන්නෙ
ෂා මරැනේ…. හුණුපිටිය ගංගාරමය අසල බේරේවැවේ ලගනේ
max
තාම blog එක පටන් ගත්තා විතරයි. ඕකට එන්න බෑනෙ ලබන සැරේ බලමු……..
@haree
එහෙම එකක් නෑ. බ්ලොග් කියවන අයටත් එන්න පුලුවන් එකේ, ඔබට එන්නට බැරිවෙන්න කිසිම හේතුවක් නෑ
මම යත් එනව ඕං.. මාස ගානකින් පෝස්ට් එකක් ලියල නෑ හැබැයි..
කොටුවෙ ඉඳන් එකේ එන විදිහත් යටින් දැම්මොත් කට්ටියට ලේසි වෙයි නේද? ;)
එළ එළ… කොහොම හරි පාර හොයාගෙන එනව..
නිර්නාමික/ආරුඬ නම් වලින් සිටින අයට ඉතිං ඔය වෙසක් කාලෙට තියෙන වෙස්මුණක් දාගෙන එන්න බැරියැ.
නිතරම හමු උනේ අන්තර්ජාලය තුලිනා
දුක සැප පවා සෙව්වයි අනෙකගේ සොඳිනා
මිතුරන් හැම කෙලෙස වේ දැයි දැක ගන්නා
සිංහල බ්ලොග් කරුවන් ළඟදිම හමුවෙනවා
මේ පාරත් ඕං මං එනවා.
Mamath anawa….ahuwedh denko banala comments dapu awn ….
I’m not a “Sinhala” blogger
but I’m a “Sinhalese” blogger who writes in English LOL can I still come….? O.o
බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි පිටකොටුවේ දුම්රියපොල ඉදිරිපිට සිට DHPL ගොඩනැගිල්ල වෙත එන ගමන් මාර්ගය පෝස්ට් එකට එකතු කරන ලදී.
මාත් එනව කියන්නෙ……………………..
එදාටම බලාගන්නකො
ගණන් මිමි කොහොමද?
මටත් එන්න අවසර…..
ටිකක් හිනාවෙලා යන්න හරි එන්නම්……
@ Indu
Why not? G2G is open for blog readers also. So you are welcome!
අපි එනවා…ගංගාරාමෙ පන්සල ළඟට ආවා නම් හරි වගේ නේද?එතනින් හොයා ගන්න පිළුවන් වෙයි නේද?
ඇයි කවුරුත් මේකට උත්තර දෙන්නේ නැත්තේ….. කෝ අපේ ඉන්දරේ…. ?
“නියමයි, අපිටත් ඉතින් විස්තර එවන්න. මගේ අදහසක් තියෙනවා දෙසැම්බර් එන්න. ලියාපදින්චි පෝර්ම් එක එවලා මට එන්න බැරි වුනොත් ප්‍රශ්නයක් වෙයිද?… අපිටත් online වගේ සහභාගී වෙන්න බැරිවෙයිද?”
@ Chinthaka Rajapakshe
“ලියාපදින්චි පෝර්ම් එක එවලා මට එන්න බැරි වුනොත් ප්‍රශ්නයක් වෙයිද?“
- කිසිම ප්‍රශ්නයක් නෑ.
“අපිටත් online වගේ සහභාගී වෙන්න බැරිවෙයිද?“
- Live stream එකක් කිරීම ගැන සාකච්ඡා කෙරෙමින් පවතිනවා.
ගොඩක් දුර ඉඳන් එන අයට 8.30 ට එන්න ටිකක් අමාරුයි වගේ නේද. අපිට නම් එච්චර ගැටලුවක් නෑ. ඒත් ගාල්ල මාතර වගේ අයට??
පොඩි ඉල්ලීමක් කොරන්ට තියේ….මේ සුහද හමුව පටන් ගැනීමේ වෙලාව තව පොඩ්ඩක් පහුකරන්න බැරි වෙයිද? උදේ 9ට විතර?
මොකද ගාල්ල මාතර ඉදන් කඳ බැඳන් එන අපේ මේ අයියලා අක්කිලාට නංගිලට මල්ලිලට උදේ පාන්දරම එන්න වෙන එක ගැන පොඩ්ඩක් හිතලා බැලුවොත් හොදයි නේද….????
සුහද හමුවේ බලධාරිණි මේ ඔබේ අවධානය පිණිසයි….!!!
8.30-1 කියන්නේ අපිට අදාල ශ්‍රවණාගාරය ලැබෙන වෙලාව. කොහොමත් කට්ටිය එකතු වෙලා පටං ගන්නකොට 9 පහුවෙයි සමහරවිට. ඒ නිසා ගැටලුවක් ඇති වෙන එකක් නෑ. ගොඩක් පරක්කු කරන්න බෑ මොකද අපිට ප.ව. 1ට ශ්‍රවණාගාරය නැවත බාරදෙන්න වෙන නිසා.
ගාල්ලෙ ඉඳන් එන අයට උදේ 5ට තියෙන සමුද්‍රදේවී දුම්රියේ ආවනං වෙලාවටත් කලින් එන්න පුලුවන්.
එනකොට මොනවද ගේන්න ඕනා…
SBU සින්දා බාද්
මගෙන් සුභ පැතුම්…! අයියෝ අපේ අම්මට වැදල වැදල යන්තන් G2G එකට එන්න අවසර ගත්තා. But මට පොඩි උදව්වක් ඕන.ඒ තමා එඑ තනියම එන්න දන්නෙ නැහැ. මම ඉන්නෙ ගාල්ලේ.තව ගාල්ලෙ ඉදල එන්නෙ කවුද කියල කියන්න පුලුවන්ද? මට ඒ අයත් එක්ක Set වෙලා එන්න පුලුවන්ද? කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න.
ඔය පාර, තැන හොයා ගන්න කිසිම අමාරුවක් නෑ. කොන්දට කියන්න නවලෝකෙ ගාවින් බස්සන්න කියල. වැව අයින දිගේ තියෙන පාරෙ යන්න.
)
මට නම් ඉතින් ඔය පාර පුරුදුයි. Asha Phillip Securities තියෙන්නෙත් ඔය පාරෙමනෙ. (ඔය ශ්‍රවණාගාරෙත් පුරුදුයි.
මේ පාර නම් එන්න බාධක දැනට නෑ. මමත් එනවා.
ගිය පාර එන්න බැරි වුනා. මේ පාර නම් කොහොමහරි එනවා.
මම ආවට වැඩි වෙන්නේ නෑ නෙව කොල්ලනේ
පොරම පුරවන්න පරක්කු වුනාට අපිවත් ඇතුලට ගනි නේද?
මම මේ හමුවට එන්න උත්සහ කරන්නම්. ඔෆීසියෙ තියෙන වැඩ නිසා සමහර විට එන්න බැරි වෙන්නත් පුලුවන්.
මගෙන් සුබ පතුම්…
ඔන්න මාත් මේ පාර එනවෝ…………… තනියම නෙවෙයි
ඔන්න මේ පාර මාත් එනවා
කලින් එන්න වෙන්නේ නෑ කිව්වට දැන් දැන් නම් මට එන්න පුලුවන් වගේ බලමු !
දැනට ලියාපදිංචිවූවන්ගේ විස්තර සඳහන් කලොත් හොඳයි. ආරූඪ නාමයෙන් පෙනී සිටීමට බාධාවක් නොමැති හෙයින් වෙනත් කෙනෙකුගේ ආරූඪ නාමය තව කෙනෙකු භාවිතා කිරීම මින් වැලැක්විය හැක.
ඔන්න එහෙනන් අපිත් එනවා
මට නම් එන්න වෙන්නේ නෑ !
එන කට්ටිය මතක ඇතුව පින්තූර ටිකක් අරගන්න අපිටත් පස්සේ බලන්න බැරියැ එතකොට
ජයවේවා !!
මම පෝරමේකුත් දැම්මා ඉතිං අනිවා එනවා..