2010 සිංහල බ්ලොග්කරුවන්ගේ හමුව – නිවේදනය

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ වාර්ෂික හමුව මෙවර දෙසැම්බර් මස පැවැත්වෙන බව අප ඔබට කලින් දැනුම් දුන්නා. සහභාගීත්වය සටහන් කරන ලෙස අප ලබාදුන් පෝර්මය මේ වන විට විශාල සංඛ්‍යාවක් පුරවා තිබෙනවා. මේ අනුව සිංහල බ්ලොග්කරුවන්ගේ සුහද හමුව පැවැත්වීමට මේ වන විට අප ස්ථානයක් සූදානම් කර අවසන්.

මෙවර සිංහල බ්ලොග්කරුවන්ගේ සුහද හමුව වෙනුවෙන් පූර්ණ අනුග්‍රහය සපයන්නේ මයික්‍රොසොෆ්ට් (ශ්‍රී ලංකා) සමාගම බව සතුටින් යුතුව දන්වන්න කැමතියි. ඔවුන් අප වෙනුවෙන් රැස්වීමට ස්ථානයක් සහ සංග්‍රහ කටයුතු සූදානම් කරදීමට කැමැත්ත පලකොට තිබෙනවා.

මේ අනුව දෙසැම්බර් මස 19 වෙනි ඉරුදිනයේ උදෑසන 8.30ට අපගේ දෙවැනි සිංහල බ්ලොග්කරුවන්ගේ හමුව කොළඹ 02 නවම් මාවතේ DHPL ගොඩනැගිල්ලේ 3වැනි මහලේ පිහිටි ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනු ඇති. අප බලාපොරොත්තු වන්නේ දහවල් 1.30 වනතුරු අපගේ හමුව පැවැත්වීමටයි. මෙහිදී ඔබට ඔබේ ප්‍රියතම බ්ලොග්කරුවන් හමුවීමට, කතාබහ කිරීමට, අදහස් හුවමාරුකරගැනීමට මෙන්ම සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මේ දක්වා සාක්ෂාත් කරගත් අරමුණු හා අනාගත අරමුණු පිලිබඳව සාකච්ඡා කිරීමට හැකියි. සිංහල යුනිකේතයේ ප්‍රවර්ධනය වෙනුවෙන් මයික්‍රොසොෆ්ට් ආයතනය සිදු කර ඇති කාර්යභාරය පිලිබඳව එහිදී ඔවුන් විසින් අප වෙත කෙටි දැනුවත් කිරීමක් සිදු කරනු ඇති.

පැවැත්වෙන ස්ථානය පිලිබඳ විස්තර සාරාංශගත කර මෙලෙස නැවත සඳහන් කරන්නම්,
දිනය: 2010 දෙසැම්බර් 19 ඉරිදා
වේලාව: පෙ.ව. 8.30 – ප.ව. 1.00
ස්ථානය: කොළඹ 2 නවම් මාවතේ DHPL ගොඩනැගිල්ලේ තෙවැනි මහලේ පිහිටි ශ්‍රවණාගාරයේ.

සිතියම:


විස්තර සහිත සිතියම සඳහා මෙම යොමුවට යන්න.

ඔබ සැමගේ සහභාගීත්වය එදිනට ගෞරවයෙන් අපේක්ෂා කරනවා.

ගමන් මාර්ගය: පිටකොටුවේ දුම්රියපොල ඉදිරිපිටින් මොරටුව (100) හෝ පානදුර (101) බසයක නැග, නවලෝක රෝහල අසලින් බසින්න. මදක් ඉදරියට ඇවිද එන විට පාරේ දකුණු පසින් සම්පත් බැංකු ප්‍රධාන ගොඩනැගිල්ල අසලින් (බේරේ වැව අසබඩ) නවම් මාවත ආරම්භ වේ. ඉතිරි විස්තර සිතියමෙන් දැකගත හැකියි.

පසුවදන: පසුගියවර හමුවේදී නිර්ණාමික/ආරූඪ නාම වලින් පෙනී සිටින බ්ලොග්කරුවන්ට තැනක් නොලැබුනු බවට රාවයක් පලවුනා. නිර්ණාමික බ්ලොග්කරුවන්ට හමුවට සහභාගී වීමට හා එහිදී තම ආරූඪ නාමයෙන් පෙනී සිටීමට කිසිදු බාධාවක් නැහැ. නමුත් ඔවුන් සිය මුහුණ පෙන්වීමටද අකමැතිනම් ඒ සඳහා වෙනත් විසඳුමක් නැහැ, හමුවට සහභාගී නොවීම හැර. යමෙක් එසේ රූපයෙන්ද සැඟවී සිටීමට අදහස් කරනවානම් එවැන්නෙකුට පොදු හමුවක් සුදුසු නැති බවයි අපේ හැඟීම. කෙසේ වෙතත් නැවතත් සඳහන් කරන්න කැමතියි නිර්ණාමික බ්ලොග්කරුවන්ට හමුවට සහභාගී වීමට හා එහිදී තම ආරූඪ නාමයෙන් පෙනී සිටීමට කිසිදු බාධාවක් නැති බව. අප හෝ වෙනත් කිසිදු බ්ලොග්කරුවෙක් ඔවුන්ගේ සැබ අනන්‍යතාවය ඇවිස්සීමට නොයන බව අපට විශ්වාසයි.

සැ.යු: ඔබට යම්කිසි ගැටලුවක් ඇතිනම් 0777 254174 යන දුරකතන අංකය ඔස්සෙ විස්තර දැනගත හැක. දැනට ලියාපදිංවි නොවුවන් සිටීනම් කරුණාකර මෙම පුරුක ඔස්සෙ ලියාපදිංවි වන මෙන් කාරුණිකව ඉලා සිටිනවා. හමුව පවත්වන ගොඩනැගිල්ලට කරදරයකින් තොරව ඇතුල්වීමට මෙය රුකුලක් වනු ඇත.

70 thoughts on “2010 සිංහල බ්ලොග්කරුවන්ගේ හමුව – නිවේදනය

  1. මගේ බ්ලොගය සිංඩියේ අයෙත් තියෙනවා එන්නම් ආසයි එත් ඔක්කොම එකතු වෙලා මට ගහයිද දන්නේ නැ මොකද සමහර ලිපි ලියපු හැටි මතක නිසා. එක්කෝ ඕනේ නැ

  2. මට සිංහල බ්ලොග්කරුවන්ගේ වාර්ෂික හමුවට සහභාගිවෙන්න විදිහක් නැ එත් මට එදාට මිලදිගන්න තිබෙන ටීෂර්ට් එක මිලදීගන්න අවශ්‍යයි. නමුත් මම එදිනට සහභාගි වීමට නොහැකිවන නිසා එම ෂර්ට් එක් වෙනත් දවස පැමිණලබා ගැනීමට තැනක් සදහන් කර දන්වන මෙන් ඉල්ලා සිටිමි. එසේ නොමැතිනම් එය තැපැල් මාර්ගයෙන් ගෙන්වා ගැනිමට සුදුසු පියවරක් ගෙන තැපැල් ගාස්තු සමග දන්වන මෙන් ඉල්ලා කාරුනිකව ඉල්ලා සිටිමි.

  3. මමත් එන්නයි කල්පනාව.. ඒත් බලන් ගියාම මෙතන කවුරුවත් අඳුරන්නෙ නැද්ද මන්ද :/

  4. @KaniRockz

    කිසි ගැටලුවක් නෑ. අවිත් හදුන ගමු :)

  5. කවුරුන්හෝ පිරිසක් අපගේ හමුවට Microsoft ආයතනය අනුග්‍රහය පලකිරීම දඩමීමා කරගනිමින් අවුලක් ඇති කරන්නට උත්සාහ කරන බව පේනවා. ඊයේ දිනයේ මෙහි පලවී තිබූ කමෙන්ට් කීපයක්ම අදාල අය විසින් පල කල ඒවා නොවන වගත්, අනන්‍යතාවය සොරකම් කර නන්නාඳුනන කවුරුන්හෝ පල කල ඒවා බවත් අපට දැනගන්නට ලැබුනා. මේ අනුව අප විසින් ඒවා ඉවත් කර ඇති අතර අදාල පුද්ගලයන්ට හා FOSS User සඟරාවට සිදුවූ අපහසුතාවය පිලිබඳ අප කණගාටු වනවා.

    මින් ඉදිරියට මෙහි එම මාතෘකාව පිලිබඳව කිසිවක් කතා නොකෙරෙනු ලබන අතර, හමුව පිලිබඳ දැනගැනීමට ඇති වෙනත් යමක් ඇත්නම් ඒ සඳහා මෙම කමෙන්ටු තීරුව ඕනෑම වේලාවක විවෘතයි.

  6. ඉන්දරේ, මෙහි සිදු වූ නොහොබිනා ක්‍රියා වලට ඔබ දැක්වූ ඉක්මන් ප්‍රතිචාරයට ස්තුති වේවා.

  7. මට නං එන්න බෑ අප්පෝ…. මම ඉන්නේ කැකිරාවේ… අනික දුරත් වැඩී….. එකනං එකමක් නෑ කියමුකෝ ලොකුම දේ තම මම මේ සැරේනේ O/L ඉතින් ඕවට එන්න බෑ
    ලබන සැරේ එනව අනිවා….

  8. රෝහලේ හදිසි කාර්යයකට යන්නට සිදු වී ඇත. හමුවට පැමිණීමට නොහැකියි. ලබන වාරයේ වත් පැමිණීමට බලාපොරොත්තු වෙනවා. පැමිණීමට නොහැකි වීම ගැන කණගාටුයි.

  9. සමාවෙන්න ඕන මමත් හිතාන හිටියේ ඊයේ ලංකාවට එන්න. එත් එන්න බැරිවුනා. මට එන්න වෙන්නේ ලබන අවුරුද්දේ. මමත් එනවා කියලා එන්න බැරි වුන එකට සමාව ඉල්ලනවා. ඒ චුනාට ඔයාලා හදන ටීෂර්ට් එක මටත් ඕන. ඒක ගන්න විදියයි, මුදල් ලබා දෙන්න ඕන විදියයි දන්වන්න. කලින් කිව්ව වාගේ බැංකු ගිනුමක් දෙන්න. හෙට තියෙන සුහද හමුව සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා………….


    Chinthaka Sandaruwan

    http://csandaruwan.blogspot.com
    http://camarawa.blogspot.com
    http://unmadasithuwam.blogspot.com
    gtalk/skype: csandaruwan

  10. මේ පාර එන්නම්ම කියලා හිතුවා
    ඒත් කලින් නොදැන්නුවෙ වැට උඩ හිටපු නිසා
    කොහොම හරි එන්න බැරි තැනට වැඩ සිද්ද උනා
    ලබන පාර අනිවා මම එනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>