රෙඩ් බුල් කැම්පස් ක්‍රිකට් බ්ලොග් තරගය

රෙඩ්බුල් ආයතනයේ සහයෝගයෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසයේ පළමු වරට පවත්වනු ලබන විශ්වවිද්‍යාලාන්තර පන්දුවාර විස්‌සයි-20 ක්‍රිකට්‌ තරගාවලිය දෙසැම්බර් 7 සිට ජනවාරි 26 දක්වා පැවැත්වේ.

මෙවර තරගාවලිය සඳහා දේශීය විශ්වවිද්‍යාල 14 ක්‌ තරග වැදීමට නියමිත වන අතර එහි ශූරතාවට හිමිකම් කියනු ලබන කණ්‌ඩායම ලබන 2013 වසරේදී ලොව ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩා කරනු ලබන රටවල් නියෝජනය කරනු ලබන විශ්වවිද්‍යාල ලෝක ශූරතා ක්‍රිකට්‌ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවීමේ වරම උදාවනු ඇත.
ක්‍රිකට් තරගාවලියට සමගාමීව බ්ලොග් තරගයක් පවත්වා ඉන් තේරෙන හොඳම බ්ලොග්කරුවා විශ්වවිද්‍යාල ලෝක ශූරතා ක්‍රිකට්‌ තරගාවලිය පැවැත්වෙන ඉන්දියාවේ බැන්ගලෝරයට යාමට සුවිශේෂ අවස්ථාවක් උදා කරදීමට අදහස් කරගෙන සිටිමු.

රෙඩ් බුල් කැම්පස් ක්‍රිකට් බ්ලොග් තරගය  විශ්වවිද්‍යාලාන්තර පන්දුවාර විස්‌සයි-20 ක්‍රිකට්‌ තරගාවලිය ගැන බ්ලොග් ලියා ඉන්දියාවේ බැන්ගලෝරයේ  පැවැත්වෙනවිශ්වවිද්‍යාල ලෝක ශූරතා ක්‍රිකට්‌ තරගාවලියට යන්න වරම් ලබා ගන්න.
හොඳම බ්ලොග් කරුවා තේරීම 

  • බ්ලොග් පෝස්ට් වල ගුණාත්මක බව
  • බ්ලොග් ලියු  වාර ගණන
  • කොත්තු සින්ඩිකේටරයේ “Spiciness” මීටරය

 විනිශ්චය මණ්ඩලය 

මතක තබා ගත යුතු දින 

  •  ජනවාරි 5 -  රෙඩ් බුල් කැම්පස් ක්‍රිකට් බ්ලොග් තරගාරම්භය
  •  ජනවාරි 5 ,6 - අර්ධ අවසාන පුර්ව වට
  •  ජනවාරි 19 - අවසාන පුර්ව වට
  •  ජනවාරි 26 - අවසාන මහා තරගය   හා ”බ්ලොග්කරුවන්ට” එරෙහිව “අනෙකුත් මාධ්‍ය” ප්‍රදර්ශන ක්‍රිකට් තරගය
  •   ජනවාරි 31 - රෙඩ් බුල් කැම්පස් ක්‍රිකට් බ්ලොග් තරග අවසානය

තරග කොන්දේසි 

  • තරගයට සහභාගිවිය හැක්කේ ලංකාවේ බ්ලොග් කරුවන්ට පමණි
  • වෙබ් අඩවිවල ලියන්නන්ට සහභාගිවිය හැක
  • අනෙකුත් මාධ්‍යකරුවන්ට සහභාගිවිය නොහැක
  • විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ
  • මෙම image එක ඔබගේ බ්ලොග් පෝස්ට් වලට දමා ඔබ තරග කරන බව පෙන්වන්න.

මෙහි ක්ලික් කර පෝරමය පුරවා තරගයට එක් වෙන්න http://dl.dropbox.com/u/51213700/redbull/redbullcricket/index.html

වැඩි විස්තර අවශ්‍ය නම්  

ෆේස්බුක් පිටුව https://www.facebook.com/events/451167224918726/?fref=ts
ට්විටරය @RedBullLK
සැ.යු.
මෙය දැනුම් දීමක් පමණක් වන අතර සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය මෙම තරගය හෝ එම් ක්‍රීයාකාරීත්වයට කිසිම සම්බන්ද තාවයක් නැති බව කරුණාවෙන් සලකන්න.

 

One thought on “රෙඩ් බුල් කැම්පස් ක්‍රිකට් බ්ලොග් තරගය

  1. මේක අපබ්‍රංස වගේ නේ.. කැම්පස් යන්නෙ නැති අයටත් අයදුම් කරන්න පුලුවන්ද බැරිද කියල දාන්නකො…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>