SBU වෙත එල්ලවන කුමන්ත්‍රණ චෝදනා පිලිබඳව අපගේ විරෝධය

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් සංවිධානය කරනු ලබන සිංහල බ්ලොග් මැරතන් පිලිබඳව දිනය සම්මතයකට පැමිණ ස්වල්ප දිනකට පසුව “ලාංකීය සිතුවිලි” බ්ලොග් කියවනයේ ඇඩ්මින් කෙනෙකු වන වැප් නිශාන්ත මහතා විසින් කාලිංගගේ පෞද්ගලික ඊමේල් ලිපිනයට ලිපියක් එවමින් විමසා සිටියේ මැරතන් අවස්ථාව තම බ්ලොග් කියවනයේද සින්ඩිකේට් කිරීමට ඉඩ ලබාදෙන ලෙසයි. මෙතෙක් එවැන්නක් සිදුකර නැති හා එය නිල ඉල්ලීමක් නොවූනමුත් ලාංකීය සිතුවිලි හා අප අතර ඇති සුහදතාවය මත ඒ සඳහා අප විසින් එකඟතාවය පල කරන ලදී.

අවුරුදු නිවාඩුවෙන් පසුව කාටත් ඇතිවූ වැඩ රාජකාරි අධික තත්වය තුල මැරතන් සින්ඩිය නිර්මාණය කිරීමේ කටයුතු අප විසින් නිම කරනු ලැබුවේද මැරතන් දින (24) සවස්  වන විටය. ගූග්ල් සමූහයේද මැරතන් පිලිබඳව අප විසින් කිසිදු සඳහනක් කරනු නොලැබුවේ මෙම අවිවේකී තත්වය තුලය. මේ නිසා ලාංකීය සිතුවිලි ‍සොයුරන් වෙත මැරතන් බ්ලොග් වල ෆීඩ් එක ලබාදීමද ප්‍රමාද විය.

මේ සිදුවීම හුවා දක්වමින් අද දින මැරතන් අතරතුර චතුරංග රූපසිංහ නම් ලාංකීය සිතුවිලි වලට සම්බන්ධ පුද්ගලයකු විසින් ලියූ ලිපියක සඳහන් වනුයේ අප විසින් ඔවුන්ගේ මැරතන් විකාශය කඩාකප්පල් කිරීම සඳහා සිදුකල කුමන්ත්‍රණයක් බවය.

කුමන්ත්‍රණ කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, ලාංකීය සිතුවිලි විසින් මැරතන් බ්ලොග් අඩවි සින්ඩිකේට් කිරීමට අප නොකැමති නම් අපට කලයුතුව තිබුනේ ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂෙප කිරීම බවත් කිව යුතුය. මැරතන් අවස්ථාව සංවිධානය කරන්නේ අප විසින් වන බැවින් ඒ සඳහා අප හට අයිතියක් ඇත. පෞද්ගලික ඉල්ලීමක් මත වුවද අප විසින් ඒ සඳහා අනුමැතිය පල කලේ “මනුස්සකම” නිසා මිස වෙනත් යමක් නිසා නොවේ. එම මනුස්සකම වෙනුවෙන් අප අපට හැකි ආකාරයට ඔවුන් හා සහයෝගයෙන් ක්‍රියා කිරීමට කටයුතු කරන ලදී.

චතුරංග රූපසිංහ නැමැත්තා එය තම පුද්ගලික අදහසක් ලෙස හුවාදක්වන්නට උත්සාහ කරත් එය ලියා ඇති ස්වරූපයෙන් අපට හැඟීයන්නේ එය ලාංකීය සිතුවිලි හා සම්බන්ධ හැමගේ අදහසක් ලෙසිනි. මෙවැන්නක් අප කිසිදිනෙක ලාංකීය සිතුවිලි වෙතින් බලාපොරොත්තු නොවූයෙමු. අපට පෙනී යන ආකාරයට ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ඔවුන් පුන පුනා කියන ආකාරයට “SBU සමග සහයෝගීත්වයෙන් වැඩකිරීම” නොව “SBU වලට කෙළවීම” බවය. තම අඩවියේ හිට්ස් වැඩිකරගැනීමට මෙවැනි ක්‍රියාමාර්ග ගන්නා චතුරංග වැනි පටු අදහස් ඇති පුද්ගලයන් ලාංකීය සිතුවිලි සමග සිටීම කෙරෙහි කණගාටුව ප්‍රකාශ කරමු.

යම්හෙයකින් චතුරංග විසින් සිදුකරන ලද මෙම ක්‍රියාවට ලාංකීය සිතුවිලි හි අනෙකුත් වගකිවයුත්තන් සම්බන්ධ නැතිනම් අපට කීමට ඇත්තේ චතුරංග වැනි වගකීමක් නැතිව ක්‍රියාකරන පුද්ගලයන් නිසා ඔබේ අඩවියට සිදුවන හානිය අතිමහත් බවය.

This entry was posted in නිවේදන. Bookmark the permalink. Post a comment or leave a trackback: Trackback URL.

28 Comments

  1. Posted April 25, 2010 at 1:48 am | Permalink

    චතුරංග රූපසිංහ නැමැත්තා වන මම ලියූ ලිපිය http://chathurangarupasingha.blogspot.com/2010/04/sbu.html

  2. Posted April 25, 2010 at 11:17 am | Permalink

    ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය
    ලාංකීය සිතුවිලි – මැරතන් – පටන් ගැන්මේ බාදා
    http://lankeeyasithuwili.blogspot.com/2010/04/blog-post_24.html

  3. Posted April 25, 2010 at 12:13 pm | Permalink

    Quote “මෙතෙක් එවැන්නක් සිදුකර නැති හා එය නිල ඉල්ලීමක් නොවූනමුත් ලාංකීය සිතුවිලි හා අප අතර ඇති සුහදතාවය මත ඒ සඳහා අප විසින් එකඟතාවය පල කරන ලදී.” /Quote

    සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ නිල බ්ලොග් අඩවිය අපිට දීලා තියෙන email ඇඩ්‍රස් එකටයි යැව්වෙ. නිල ඒකෙ හොඳින්ම දක්වලා තිබුනා “මේ සඳහා ඔබ සන්සදයේ අවසරය කෙසේ වනු ඇතිද?” කියලා.
    අවශ්‍ය නම් අවසරය ඇතිව එම ලිපි පෙන්වන්න පුලුවන්.

    Quote “අවුරුදු නිවාඩුවෙන් පසුව කාටත් ඇතිවූ වැඩ රාජකාරි අධික තත්වය තුල මැරතන් සින්ඩිය නිර්මාණය කිරීමේ කටයුතු අප විසින් නිම කරනු ලැබුවේද මැරතන් දින (24) සවස් වන විටය. ගූග්ල් සමූහයේද මැරතන් පිලිබඳව අප විසින් කිසිදු සඳහනක් කරනු නොලැබුවේ මෙම අවිවේකී තත්වය තුලය. මේ නිසා ලාංකීය සිතුවිලි ‍සොයුරන් වෙත මැරතන් බ්ලොග් වල ෆීඩ් එක ලබාදීමද ප්‍රමාද විය.” /Quote

    හැමෝම මිනිස්සු. ප්‍රමාදයක් තිබුනා නම් එය දන්වන්න තිබුනා. දැං කියන්න එපා දන්වන්න තරම් වත් වෙලාවක් තිබ්බෙ නෑ කියලා.

  4. Posted April 25, 2010 at 2:53 pm | Permalink

    මේ සම්බන්ධයෙන් මට තියෙන එකම ගැටළුව ලාංකීය බ්ලොග් කියවන තමන් තුළම වෙනස් මත දෙකක් දැරීම.

    http://lankeeyasithuwili.blogspot.com/2010/04/blog-post_24.html

    ඔවුන් චතුරංග සාධාරණීකරණය කරන අතරතුරම,7වන කරුණු පැහැදිලි කිරීමේදී මෙසේ සඳහන් කරයි.

    “තනි පුද්ගලයකුගේ අදහසක් ලාංකීය සිතුවිලි පොදු අදහසක් ලෙස ගන්නේ කුමන පදනමකින්ද යන්න පැහැදිලි නැත.”

    ඔහොම ප්‍රශ්න වෙන්න පුළුවන් දැන් හැමෝම ඉන්නේ ආවේගයෙන් නිසා.මිනිස්සු අතින් ප්‍රමාද සිදු වෙනවා.සින්ඩියට පණ නැතත් මේ හැමෝටම පණ තියෙනවා.සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමය වෙනුවෙන් පවතින කීර්ති නාමය මේ ඉහත අය හෝකිසියම් කෙනෙකු විසින් කිසියම් ස්ථානයක පළ කළ ලිපියකින් හෝ ප්‍රකාශයකින් අවමානයට ලක් වේනම් සම්පුර්ණ විරෝධය මම දක්වනවා.ලාංකීය සිතුවිලි වලට පාර පෙන්නුවෙත් SBU කියලා හැමෝම පිළිගත යුතු සාක්ෂිය උඩයි මම එහෙම කියන්නේ….
    වැරදි වුණා නම් ඒවා ජනප්‍රිය නොකර අපි විසඳා ගන්න ඕනේ.ගෞරවයක් රැකෙන්නේ එතකොට.චතුරංග සොහොයුරා ගැන කිසිම තරහක් කාගෙවත් හිතේ නෑ..නමුත් පුංචි දේවල් ලොකුවට ගනන් ගෙන ගිනි ගොඩවල් ඇති කිරීම ගැන තව ටිකක් හිතන්න ඕනේ.මම මේ දෙකේම ඉන්නවා.මම හිතන්නේ නෑ..සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමය ලාංකීය සිතුවිලි වට්ටන්න කිසිම දෙයක් කරයි කියලා.එහෙනම් එයාලා ඒක මීට කලින් කරනවානෙ!!…අපි මේ ගැන තව ටිකක් බුද්ධියෙන් හිතමු.මොනා වුණත් SBU එක තමයි අපේ පරණම සින්ඩිය.ඒක අමතක කරන්න නම් එපා. ආවේග වලට නැතිව බුද්ධියට තැන දෙමු.

  5. Posted April 25, 2010 at 7:57 pm | Permalink

    හැමෝම මිනිස්සු. ප්‍රමාදයක් තිබුනා නම් එය දන්වන්න තිබුනා. දැං කියන්න එපා දන්වන්න තරම් වත් වෙලාවක් තිබ්බෙ නෑ කියලා.

    Aprl 24, 12:30pm ට එවා ටිබූ SMS පනිවිඩය (071300X24X)

    “Mail balanna eye api mail ekaka demma.lankeeya situwili walin.”

    මම යැවූ පිලිතුර.

    Aprl 24, 12:31pm

    “Ela mama podak eliya yanakota tikak wela yai”

    http://twitpic.com/1idxrz

    පරක්කු වන බව මම දැනිවුවා. දැන්වුයේ නෑ කියන්න බෑ.

    මෙන්න ලංකිය සිටුවිලි එවා තියනවා කියන ලිපිය.

    1. GMail වල

    http://twitpic.com/1idwza

    http://twitpic.com/1idx7i

    2. දුරකතනයෙ දිස්වෙන අයුරු.

    http://twitpic.com/1idxeu

    සිංහලෙන් හරියට ලිපියක් වත් එන්න බැරි කම ගැන මම නොකියා හිටියා නමුත් එය කියන්න උනා මේ අය දැන් අපිට මතක් කොට ලිපියක් එවුවා කියන නිසා. මෙය තිබුනේ SPAM folder එකේ.

    සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයට HITS මේනියාවක් නැත. සිංහල බ්ලොග් මැරතන් කරන්නේ අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතය වැඩි කිරීමටයි. මෙය කවුද කරන්නේ කියන එකද අපිට ගැටලුවක් නැත. නමුත් සමහර අයට හිට්ස් මේනියවක් ඇති බව පෙනෙයි. මෙය අපිට පුද්ගලිකව හෝ සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය හැටියට ගැටලුවක් නැත. මොකද කවුරු කරත් වෙන්න ඕනේ සිංහල ප්‍රචලිත වීම හා සිංහල අන්තර්ගතය අනතර්ජාලයේ වැඩිවීම. අපි අපේ බ්ලොග් කියනවන වල link හැම බ්ලොග් එකකම comment ලෙස SPAM කරනේද නැත. එම නිසා HITS දුක ගැට අපිට කල හැකි දෙයක් නැත. කාට HITS ආවද අපිට ගැටලුවක් නෑ මක් නිසාද අපේ එකට HITS වැඩි උණා කියල අපිට ලැබෙන ලාබදක් ද නැත. අනුගේ එක HITS වැඩි උනා කියලා අපිට වෙන පාඩුවක් ද නැත.

    මේ හැම දේකින්ම අපි හදන්න බ්ලොග් ලියන්නා හා කියවන්නාට පහසුවක් අත්කරදීමක් පමණයි.

    අපිට කාගෙවත් සිංඩිකේටර් කඩාකප්පල් කිරීමට උවමනවක් ද නැත. මින් අපි පුද්ගලිකව ලබන ලාබයක් ද නැත. අන් අයට මෙන් ඉරිසියාවක් ද අපිට නැත. රෑ නිදි මරාගන මේවා කරන්නේ රටට සේවයක් කිරීමට මිස අනිත් අයට මෙන් HITS මේනියාවකින් නොව.

    කඩාකප්පල් කාරී ක්‍රි‍යාවල අපි නිරත වෙනවා කියන එක ගැන ගොඩක් කනගාටු වෙනවා. මොකද හරියට දේවල් නොදන් නැට්ට ගිනිගෙන කෑ ගැසීම ගැන.

  6. Posted April 25, 2010 at 8:40 pm | Permalink

    ඔය ඊමේල් එක spam folder එකේ තියෙන හැටි ස්නැප් එකක් එවන්න පුලුවන්ද?

  7. Posted April 25, 2010 at 9:10 pm | Permalink

    @කණිෂ්ක

    NOT SPAM කොට අවසානයි.

  8. Posted April 25, 2010 at 9:12 pm | Permalink

    මෝඩ හරක් වගේ රණ්ඩු වෙන්න එපා කොල්ලනේ ( මම සින්ඩිකේටර් දෙකේම ඇඩ්මින්වරැන්ටයි කියන්නේ ). ඔය දේවල් වලින් වෙන්නේ වටිනා අංගයක වටිනාකම නැතිවෙලා යන එකයි.

  9. Posted April 25, 2010 at 9:46 pm | Permalink

    හිතවත් කාලිංග සොයුර
    අතිශයවැදගත් වැඩ රාජකාරී අතරතුර ඔබගේ අදහස් එකතුකිරීම පිලිබද මුලින්ම මම ස්තූතිවන්ත වෙමි
    1 මම යැවූ SMS පණිවිඩය ඔබට ලැබී තිබුනේ Aprl 24, 12:30pm ටය එවෙලෙහිම ඔබ පෝඩ්ඩක් එලියේ බවත් ආපහු යනවිට ටිකවේලාවක් යනබවත් කීයා ඇත.
    නමුත් ඔබ අපහට තොරතුරු අඩංගු doc එක එවන්නේ මැරතන් එක පටන් ගැනීමට විනාඩි 5කට කලිනි.
    ඔබ ආපසු ගියේ ඒවෙලාවට විය නොහැක. මන්ද යත් අතර තුර කාලය පැය 7.30 ක් වැනි කාලයක් බැවිනි. මෙපමන කාලයකට ටිකවේලාවක් යන්න යොදාගන්නවාදැයි මෙය කියවන ඔබ තීරනය කරන්න.
    ඔබ ඊටකලින් ආපසු ගියේනම් ඔබට අපට එම doc එක එවීමට ඇතිවෙන්න වෙලාව තිබුනි. නමුත් සිතාමතාම
    ඔබ එය පැහැරහැරඇති බව මෙම ක්රි යාවෙන් හොදින් පැහැදිලිවේ.
    අපගේ දෙවන මේල් එක (ඔබ සදහන් කරන පැහැදිලිව නෙපෙනෙන බව කියන) ඔබට නොපෙනුනත් අප ඔබලාගෙන් තොරතුරු ලැබෙනතෙක් සිටිනබව ඔබලා හොදින්ම දන්නා කරුනකි. තවද මේ ආකාරයට ලාංකීය සිතුවිලි වලින් සෑහෙන මේල් ප්රටමානයක් පිටතට යවා ඇති අතර මේ ආකාරයට ගැටලුවක් මීට කලින් පැන නෙනැගිනි. මේ ආකාරයට යුනිකොඩ් වැඩ නොකරන capture එකකින් capture කලහොත්ද ඉමේජ් ලබාගත හැකි බව සැවොම දන්නා කරුනකි. ඔබ බොරුවක් කරනවා යැයි මෙමගින් මම නොකියමි. නමුදු මෙම මේල් එක නොපේනේ නම් ඔබට අපට එය දුටු වේලාවේ දැන්වීමට තිබුනි. පැහැදිලිව මෙය ඔබ හා අනෙකුත් ඇඩ්මින්වරුන් සිතාමතාම පැහැරහැරඇතිබවත් එයට හේතුව වන්නේ අපගේ මැරතන් නාලිකාව අඩපන කිරීම බවත් මේ කමෙන්ට එක කියවන ඔබ සැමගේම තීරනයවනවා ඇතැයි මම සිතමි

    අපි අපේ බ්ලොග් කියනවන වල link හැම බ්ලොග් එකකම comment ලෙස SPAM කරනේද නැත. එම නිසා HITS දුක ගැට අපිට කල හැකි දෙයක් නැත. කාට HITS ආවද අපිට ගැටලුවක් නෑ මක් නිසාද අපේ එකට HITS වැඩි උණා කියල අපිට ලැබෙන ලාබදක් ද නැත

    මේ ආකාරයට ලාංකීය සිතුවිලි වලට ලින්ක් තිබෙනු ඔබ මෙන්ම අපද දුටුවෙමු. නමුත් ඒ ගැන යමක් පැවසිය නොහැක්කේ අන්තරජාලය භාවිතාකරන පුද්ගලයින් අතරින් මොහු හෝ ඔව්න් කව්දැයි දැනගැනීමේ හැකියාවක් අපටද නැති බැවිනි. එමෙන්ම අපි හිට්ස් මේනියාව කෙසේ වෙතත් ලාංකීය සිතුවිලිවල හිට්ස් වැඩකරගැනීමට විවිද ක්රිැයාමාර්ග ගනිමු. නමුත් ඒ ඔබලා මෙත් තව එකකට වල කපා නොව බ්ලොග් කියවන්නන්ට හා බ්ලොග්රචකයන්ට ගුනාත්මක සේවාවක් ලබා දීමෙනි.

    පිට කාගෙවත් සිංඩිකේටර් කඩාකප්පල් කිරීමට උවමනවක් ද නැත. මින් අපි පුද්ගලිකව ලබන ලාබයක් ද නැත. අන් අයට මෙන් ඉරිසියාවක් ද අපිට නැත. රෑ නිදි මරාගන මේවා කරන්නේ රටට සේවයක් කිරීමට මිස අනිත් අයට මෙන් HITS මේනියාවකින් නොව.

    කඩාකප්පල් කාරී ක්‍ි යාවල අපි නිරත වෙනවා කියන එක ගැන ගොඩක් කනගාටු වෙනවා. මොකද හරියට දේවල් නොදන් නැට්ට ගිනිගෙන කෑ ගැසීම ගැන

    ඔබ රටට සෙවයක් නොකරන බවක් අප කොතැනකවත් කියා නැත. ඔබ පුද්ගලික ලාබයක් ලබාගන්නවාද නැද්ද යන්නත් අපට වැඩක් නැත. එසේ ලබාගත්තත් අපට කම් නැත. නමුත් හිට්ස්මෙනියාව යන්නෙහි තේරුම හිට්ස් නිවැරදි නෙවන ආකාරයට ගැනීම නම් එය වැලදීමෙන් අපගේ මැරතන් විකාශය කඩාකප්පල් කිරීමට තැත්කලේ කව්දැයි මේවනවිට මුලු බ්ලොග් අවකාශයම දන්නා කරුනකි.
    එක බොරුවක් වැසීමට බොරු සීයක් කියන්නට ගොස් පඔගාලක පැටලීමට හැකි බව අපි කනගාටුවෙන් වුවද ඔබට මතක්කරන්නෙමු

  10. Posted April 25, 2010 at 10:10 pm | Permalink

    ලස්සන ස්ථාන පොලිතින්, ටින් කැබලි , පොල් කෝම්බ වැනි දේ දමා අපිරිසිදු නොකරන්න….

    හෙළයාගේ අදහස ට එකගයි!!!!

  11. Posted April 25, 2010 at 10:11 pm | Permalink

    @චතුරංග රූපසිංහ

    ගෙදර ගිය වෙලාව සුදාරක, මලින්ත, ගෙන අසා දැනගන්න. පරිගනකයක් on කරනවත් වෙලා තිබුනාද කියා. අනික මේල් එක දුටුවේ ඊයේ ඔබගේ ලිපියෙන් පසුව සොයා බල විට.

    අපිද මැරතන් එකට බ්ලොග් දැමුවේ 7.30 පසු බව කියන්න කැමතියි, මොකද මැරතන් කරන තැනට ගියේ එ වෙලාවේ නිසා. තවද අපි බ්ලොග් බාර ගැනීම එදින සවස 6 වන තුරුද සිදුකල බව කියන කැමතියි.

    තවද ඔබ සියලු දෙනම මගේ දුරකත අංක පවා දන්නවා, ඕනේනම් කතා කරන්න උවද තිබුනා. අනික වැප්ට කතාකොට බ්ලොග් දුන්නේද මම මයි.

    අනික මට මේක මෙචර විස්තර කිරීමට උවමනාවක් නෑ. උබලාට ඕනේ තරම් මාව සම්බන්ද කරගන්න හැකියාවක් තිබුනා දුරකතනයක් හරහා. මැරදන් එකේ ඔකොම දුනට පසුව නිකන් ලොකු කමට බ්ලොග් පොස්ට් ලියා අපිට නිකන් සද්ද දාන්න ඕනේ නෑනේ.

    මොකක් හරි කොනක් අල්ලගෙන වලි දාගන්න ඇත්තටම උවමනාවක් නෑ, නමුත් මිනිස්සුට වැරදි අදහස් SBU ගැන දෙන්න ගොඩක් කටීය මහන්සි වෙනවා කියන එකනම් පේනවා.

  12. Posted April 25, 2010 at 10:13 pm | Permalink

    “මේ ආකාරයට ලාංකීය සිතුවිලි වලට ලින්ක් තිබෙනු ඔබ මෙන්ම අපද දුටුවෙමු. නමුත් ඒ ගැන යමක් පැවසිය නොහැක්කේ අන්තරජාලය භාවිතාකරන පුද්ගලයින් අතරින් මොහු හෝ ඔව්න් කව්දැයි දැනගැනීමේ හැකියාවක් අපටද නැති බැවිනි.“

    බොරු අවශ්‍ය නැත. ඔය කියන පුද්ගලයා කවුදැයි අප මෙන්ම ඔබට හොඳාකාරවම දනී. නමුත් ඔහුගේ එම ගරිල්ලා මාකටිං ක්‍රමවේදයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ සලකා මේ සම්බන්ධව ඔබ මුනිවත රකින පිලිවෙතක් අනුගමනය කල වගද අප සැවොම දනිමු. නැතහොත් ඔය කියන නිල බ්ලොග් අඩවියේ ඒ සම්බන්ධයෙන් ඔබ අඩවිය සම්බන්ධ නැති බවට ප්‍රකාශයක් නිකුත් කිරීමට තිබිණි.

    ඔය කියන පුද්ගලයා අපගේ සින්ඩියේ සිටියදී විවිධාකාරයේ පිස්සු විකාර කිරීම නිසා අපට ඔහු ඉවත් කිරීමට සිදුවිය. ඒ අවස්ථවේ ඔහුව මල්මාලා දමා පිලිගෙන ඔහු ලවා ඔබේ මාකටිං ක්‍රියාවලියද සිදුකරගත් අන්දමත්, ඔහු ලවා සංසදයටත්, පෞද්ගලිකව මටත් කාලිංගටත් තිත්ත කුණුහරුපයෙන් නිග්‍රහ කරවමින් ඒවා කිසිදු වාරණයකින් තොරව ඔය කියන සින්ඩියෙන් ප්‍රචාරණය ලබාදුන් අන්දමත් සැවොම දනී.

    ඒ පුද්ගලයාගෙන් ගත යුතු ප්‍රයෝජන ලබාගත් පසු අද ලාංකීය සිතුවිලි ලොකු මහත්වරුන් විසින් ඔහුව පශ්චාත් භාගයට පයින් ගසා එලවා ඇති අයුරු ද සැවොම දනී.

  13. Posted April 25, 2010 at 11:12 pm | Permalink

    ඉන්දරේගේ පිලිතුරට සිනාවීම හැර මම වෙනයමක් නොකරමි. මන්ද මා මෙන්ම ඉන්දරේද එහි සැබෑ තතු දන්නා බැවිනි.

  14. Posted April 25, 2010 at 11:12 pm | Permalink

    හිතවත් කාලිංග සොයුර
    මේ මෙය පිලිබද මා තබන අවසන් සටහනයි.
    ඔබ පවසන ආකාරයට ඔබලා අවසන් වි 30 අතුලතනම් මැරතන් පිලිබද තොරතුරු ඇතුලත් කලේ නම්
    ඒ වේලාවේම අපට ලබා නොදී සිටියේ මන්ද? ඔබගේ සින්ඩිකේටරයේ පුරවන දත්ත ‍අපට වෙනමගකින් ලැබේයයි ඔබ බලාපොරොත්තු නොවුන බව මම සිතමි. අපි එය බලාපොරොත්තුවෙන් සිටින බව ඔබ මෙන්ම සියලු ඇඩ්මින් වරුන් ද හොදින්ම දැනුවත්වී සිටින්නටද ඇත.
    අපි අනෙකුත් සෑම විටම යවන මේල් පනිවිඩ නියමිත මාර්ගයේ ගොස් ඔබට යැවූ එක පමණක් ස්පෑම්වී ‍විකෘති වූ අකාරයද මා දන්නේ නැත
    අප ඔබට SMS එකක් හා දවසකට කලින් මේල් එකකුත් දැමූ නිසා නැවත නැවත කොල් දීමට සිතුවේ නෑත. ඒ ඔබට කරදරයක් වේ යයි සිතූ බැවිනි.
    ඒ කෙසේ වෙතත් අපි මෙයින් පාඩමක් ඉගෙන ගතිමු. ඔබට හෝ SBU එකට අනවශ්යක දේවල් ඇද දමා අපි නිග්රේහ නොකලෙමු. අප කියා සිටියේ එක දෙයකි. ඒ නම් ඔබ දෙනවා යැයි කියා අවසන් මොහොත වනතුරු අපට තොරතුරු ලබා නොදුන් එක බලවත් වරදකි. නමුත් අවසන් මොහොතේ හෝ එය ලබාදුන් එකට ස්තූතිවන්ත වෙමි.
    පුද්ගලිකව මම ගූගල් මගින් බ්ලොග් 40 ක් පමන සොයමින් මාගේ අනෙක් සොයුරන් එවා ඇඩ් කරමින් මානසික අතතියකින් සිටි මොහොතේ ලියූ බ්ලොග් සටහනේන් ඔබට හෝ අනෙකුත් ඇඩ්මින් වරුන්ට කිසියම් හිත් රිදීමක් සිදුවූයේ නම් මම සමාව ඉල්වමි.
    ස්තූතියි

  15. Posted April 26, 2010 at 6:34 am | Permalink

    @සියල්ලට
    ඉහත ලිපිය හා කමෙන්ටු ඉතා සංයමයෙන් කියවන ඔනැම අයකුට තේරුම් ගත හැකි සත්‍යයක් ඇත. එනම්

    මා විසින් මුලුන් ඉල්ලා යැවු RSS දීමට කාලිංග මහතා එකඟ වුයේ, ඔවුන් කියන පරිදුම උතුරා යන මානුෂීකත්වය සලකමිනි.

    එලෙසම ඉන්පසු චතුරංග යැවු කෙටි පණිවුඩයට පිළිතුරු දුන්නේද, ලාංකීය සිතුවිලි වලට ඇති හා එක්ව වැඩ කීරිමේ ඇති බලවත් ආශාව නිසාමය.

    එනමුදු ඔවුන් කියන පරිදු අප යැවු දෙවන වි ලිපිය නිවැරදිව දිස් නොවණි[මෙය කාලිංග ගේ පුද්ගලික ලිපිනයට යැවුනේ ඔවුන් ඔවුන්‍ගේ නිල අඩවිය අතුලත් කර තිබුණේ මෙම ලිපිනයට නිසාවෙනි.]

    ඉහතින් යැවුණු කෙටි පණුවුඩය හා දෙවන වි ලිපිය මොහොතකට පැත්තකින් තබමු. මුල් වි ලිපියෙන් ‍දීමට පොරොන්දු වු, RSS සියල්ල දීමට 8.00 වන තුරුම නොහැකී වුයේ, ලාංකීය සිතුවිලි දක්වන “මනුස්සකම” ටද?

    කිරිමට තිබුනේ. RSS අඩංගු XL ගොනුව ගුගල් හරහා share කිරිම පමණි. එම අතපසුවීම හෝ වැරුද්ද ගැන වචනයකුඳු නොකියා.

    1.හුදෙක් SMS පණවුඩයක් හා ඔවුන් පවසන අන්දමට නිවැරදිව දිස් නොවු වි ලිපියක් ගැන පමණක් සඳහන් කරන්නේ ඇයි?

    2.දෙවන විලිපියේ යම් දෝෂයක් වුයේ නම් අපව දැනුවත් කීරිමට තිබුනේ මෙම ප්‍රශ්ණය කරලියට පැමිණි පසුද?

    3.වුනු වැරැද්ද හෝ අතපසුවීම හෝ දැන දැනත් කල ක්‍රියාව මෙසේ නිර්ලජ්ජී ලෙස සාදරණය කරමින් රැවටීමට උත්සහා කරනුයේ කිනම් පිරිසක්ද?

    4.පුල පුලා පොදු බවක් හඟවමන්, අන් අයට යහපත් හෙවත් සිංහල අන්තර්ගතය වැඩකීරිමට යන ගමන තුල මෙවන් බරපතල අතපසු වීම් සිදුවිය හැකිද?

    5.එකඟ වු කරුණක් ඉදරියට ගෙන යාමට තරම් හැකියවක් නොමැති වුයේ ඇයි?

    ඉහත ප්‍රශ්ණ සියල්ලට පිළිතුර මනුස්සකම නම්, ඒ මනුස්සකමේ තරම අන් අයට වඩා ලාංකියේ වැඩ කරන අපිට හොඳින් තේරුම් ගොස් ඇත.

    මෙවන් දෑ ඉදිරිය නොවී ලත් තැනම ලොප් කීරීමට චතුරංග විසින් ලියු මුල් ලිපියට මගේ අචාරය නිතැතින්ම හිමිවෙයි. එයට පිළීතුරු ලිපියක් SBU සංසඳයේ නිල අඩවියේ ලිවීමට තරම් ඔවුන් මෙම ප්‍රශ්ණය ඇදගෙන ගියේ, ඔවුන් අත වැරුද්දක් ඇති නිසාම බව දැන් කාහටත් පැහැදිලි වී ඇතැයි සිතමි.

  16. Posted April 26, 2010 at 8:53 am | Permalink

    @වැප්

    එනමුදු ඔවුන් කියන පරිදු අප යැවු දෙවන වි ලිපිය නිවැරදිව දිස් නොවණි[මෙය කාලිංග ගේ පුද්ගලික ලිපිනයට යැවුනේ ඔවුන් ඔවුන්‍ගේ නිල අඩවිය අතුලත් කර තිබුණේ මෙම ලිපිනයට නිසාවෙනි.]

    සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ කොහෙවත් මගේ ලිපිනය නෑ http://www.sinhalabloggers.com, තියනවානම් පෙන්නන. නමුත් මගේ ලිපිනයට එවීම ගැටලුවක් නෑ.

    තවත් සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ ගූගල් සමුහයේ හෝ එකත් එක වැඩ කරන ඕනෑම කෙනෙක් දන්නවා, බ්ලොග් එකක් ඇතුලත් කල කෙනෙක් පවා, එහි ලිපිනය admin@sinhalabloggers.com කියා.

    ඉහතින් යැවුණු කෙටි පණුවුඩය හා දෙවන වි ලිපිය මොහොතකට පැත්තකින් තබමු. මුල් වි ලිපියෙන් ‍දීමට පොරොන්දු වු, RSS සියල්ල දීමට 8.00 වන තුරුම නොහැකී වුයේ, ලාංකීය සිතුවිලි දක්වන “මනුස්සකම” ටද?

    පැහැදිලි කිරිමක් කරා මෙය දෙන්න ප්‍රමාද වන බව, SMS හරහා තවද අපි ඇතුලත් කරන මොහොතේම තමයි ඔබට මම චැට් එක හරහා එය ලබාදුන්නේ එවිට වෙලාව 7.45 බව කියන්න කැමතියි.

    කිරිමට තිබුනේ. RSS අඩංගු XL ගොනුව ගුගල් හරහා share කිරිම පමණි. එම අතපසුවීම හෝ වැරුද්ද ගැන වචනයකුඳු නොකියා.

    සිකුරාදා සිට මට තිබූ වැඩ ප්‍රමාණය ගැන ඔබට කීමෙන් තේරුමක් නෑ කියා සිතනවා. තවද සෙනසුරාද උදේ 9ට එලියට බැහැපු මම පරිගනකයක් on කරේ රෑ7.30ට බව කියන්න කැමැතියි.

    1.හුදෙක් SMS පණවුඩයක් හා ඔවුන් පවසන අන්දමට නිවැරදිව දිස් නොවු වි ලිපියක් ගැන පමණක් සඳහන් කරන්නේ ඇයි?

    වෙන මොනා ගැනද සදහන් කල යුත්තේ ? ඔබලා කරන චෝදනා වලට පිලිතුරු දීමක් තමයි කරනු ලැබුවේ.

    2.දෙවන විලිපියේ යම් දෝෂයක් වුයේ නම් අපව දැනුවත් කීරිමට තිබුනේ මෙම ප්‍රශ්ණය කරලියට පැමිණි පසුද?

    මගේ පලමු පිලිතුරේ හා කණියගේ හරස් පැන වලට පිලිතුරු වල තියනවා, මෙමෙ ලිපිය තිබුනේ SPAM එකේ හා එය දුටුවේ මෙය සිදුවී ඔබලා අපිට ලිපියක් එවුවා කිවු පසු සොයාබැලීමකදී කියා.

    3.වුනු වැරැද්ද හෝ අතපසුවීම හෝ දැන දැනත් කල ක්‍රියාව මෙසේ නිර්ලජ්ජී ලෙස සාදරණය කරමින් රැවටීමට උත්සහා කරනුයේ කිනම් පිරිසක්ද?

    අපිට විරුද්දව කරන බොරු වෝදනා වලට පිලිතුරු දීමට අපිට බැරිද ?

    4.පුල පුලා පොදු බවක් හඟවමන්, අන් අයට යහපත් හෙවත් සිංහල අන්තර්ගතය වැඩකීරිමට යන ගමන තුල මෙවන් බරපතල අතපසු වීම් සිදුවිය හැකිද?

    මේක බරපතල අතපසු වීමක් කියා අපි දකින්නේ නෑ, මොකද අපිට බ්ලොග් ඇතුලත් කලේ ඔබලා කරන විටම තමයි, අනික ඕනෑම දෙයක් කරනකොට පොඩි පොඩි අඩුපාඩු වෙනවා, එවා හදාගෙන වැඩ කරන එක තමයි කරන්න ඕනේ.

    5.එකඟ වු කරුණක් ඉදරියට ගෙන යාමට තරම් හැකියවක් නොමැති වුයේ ඇයි?

    එකග වූ කිසිදෙයක් අපි නොකර ඉදලා නෑ. 7.45ට හරි අපි ඒක දුන්නා. ඒ අපිට හැකි උන වෙලාව. අපිටද අන්තර්ජාලයට වගේ පුද්ගලික දිවියේ වැඩ තියනවා. ඒවාට මුල් තැනක් දී තමයි සමාජ සේවය කරන්නේ, අපි කාල ඇදල හිටියොත් තමයි අපිට ඒවා කරන පුලුවන් වෙන්නේ. අනික එදා මට ගොඩක් පුද්ගලිකව වැඩ ගොඩක් තිබුනා. මගේ මාමට අසනීප වෙලා රෑ වෙනකන් බෙහෙත් හොයලා, කට්ටිය එකතු කරගෙන තමයි අමාරුවෙන් හරි 7.30 වෙනකොට වත් ගියේ. අනික බ්ලොග් ටික දාන විනාඩි 10~15 පරක්කු උනා කියන එක අපි කඩාකප්පල් ක්‍රියාවක් කරා කියන තමරම් වැරදක් ද.

    මෙවන් දෑ ඉදිරිය නොවී ලත් තැනම ලොප් කීරීමට චතුරංග විසින් ලියු මුල් ලිපියට මගේ අචාරය නිතැතින්ම හිමිවෙයි. එයට පිළීතුරු ලිපියක් SBU සංසඳයේ නිල අඩවියේ ලිවීමට තරම් ඔවුන් මෙම ප්‍රශ්ණය ඇදගෙන ගියේ, ඔවුන් අත වැරුද්දක් ඇති නිසාම බව දැන් කාහටත් පැහැදිලි වී ඇතැයි සිතමි.

    අපිට ප්‍රශ්ණය ඇදගෙන යන්න තියේ ප්‍රෂ්නයක් තියනව කියා දැනගත්තේත් අපින් නොදන චතුරංග කරපු චෝදනාවෙන්. එයාට ඔයා අපිත් එක කතාකරලා විසදන්න තිබුනානේ, නමුත් අයාට උවමන උනේ SBU එකට හරිම වැරදියි, අපි පවු ලෙස ලෝයකායට කීමක් පමණයි. නැතිනම් මේක මෙචර දුර දිග යන්නේ නෑ, දෙයක් ගැන සොයාබලන්නේ නැතුව මිනිස්සුන්ට වෝදනා කිරීම වැරදියි. බ්ලොග් එක ලියලනේ මොකද උනේ කියලා හොයලා බැලුවේ. අපිට අයිතියක් තියනවා අපිට බොරු වෝදනා කරනකොට එයට පිලිතුරු දෙන්න.

    බ්ලොග් ලිස්ට් එක දෙන්න පරක්කු උනා කියලා SBU එක කඩාකප්පල් ක්‍රියාවල යෙදෙනවා වැනි බරපතල වෝනදා කරන කලින් හරිහැටි මොකද උනේ කියලා වත් සොයා බැලුවද ?

  17. Posted April 26, 2010 at 9:57 am | Permalink

    SBU හා LS යනු ආයතන දෙකකි. පුද්ගලයින් දෙදෙනෙත් නොවේ. යම් එකගතාවයකව ආ විට එය ඉටුකිරීමයි වැදගත්. එකග වූ කාරනා අතරින් අප අපගේ කොටස උවමනාවටත් වැඩිය ඉටුකලා. පූර්ව ප්‍රචාරක කටයුතු තිබූ කාලයෙහි අපි කෙලින්ම SBU මැරතන් තරගය ලෙසයි ප්‍රචාරය කලේ. ලාංකීය සිතුවිලි මැරතන් නාලිකාව ගැන ප්‍රචාරය කලේ අඩුවෙන්. නමුත් ඇඩ්මින් වරු 5 ක් හො ඊට වැඩි ගනනක් හා VIP 25 කට වඩා වැඩි කොටසක් සිටින SBU එක ඔව්ගෙන් වියයුතුව තිබූ එකම දෙය කාලිංග සොයුරාගේ මාමා අසනීප වීම නිසා පැහැර හැරලා.(ඔව්න් සියල්ල බෙහෙත් සෙවීමට ගියේ නම් සමා වෙන්න)

    මෙය බරපතල අතපසුවීමක් ලෙස ඔබ නොදකින්නේ සෑම දෙයම ප්‍රමාද වී කිරීමට SBU ප්‍රසිද්ද නිසා දැයි මා දන්නේ නෑ. ඔබලාගේ ක්‍රියා කලාපය නිසා සිදුවු පාඩුව නම් අපට බරපතලයි.

    එමෙන්ම ඔබලා ගේ අතපසුවීම අපටනම් බරපතල අතපසුවීමක්.

    කෙසේ නමුත් මා තවමත් කියන්නේ දින 3 ක් හෝ ඊට වැඩි ගනනක සිට ඔබ සියලුදෙනා විදිමත්ව හෝ අවදිමත්ව සාකඡ්චා කර ගත් තීරනයකට අනුව අපහට එම තොරතුරු නොදුන් බවයි.
    යම් දෙයක් කඩාකප්පල් හෝ විනාශකිරීමට එකතුවී තීරන ගැනීම යන අදහසට කුමන්ත්‍රනයක් යන්න කියනවානම්(කුමන්ත්‍රනය යන වචනයේ තේරුම)

    මෙය පැහැදිලිවම
    ලාංකීය සිතුවිලි මැරතන් විකශය කඩාකප්පල් කිරීමට SBU ඇඩ්මින්වරු කග කුමන්ත්‍රනයකි.

  18. කාලිංග
    Posted April 26, 2010 at 10:22 am | Permalink

    SBU හා LS යනු ආයතන දෙකකි. පුද්ගලයින් දෙදෙනෙත් නොවේ. යම් එකගතාවයකව ආ විට එය ඉටුකිරීමයි වැදගත්

    මම බ්ලොග් ටික දෙන්න පොරොන්දු උනා, ඒක දුන්නා, මෙතන පොරොන්දු උන කිසිදය‍ක් ඉටු නොකර ඉදල නෑ.

    එකග වූ කාරනා අතරින් අප අපගේ කොටස උවමනාවටත් වැඩිය ඉටුකලා. පූර්ව ප්‍රචාරක කටයුතු තිබූ කාලයෙහි අපි කෙලින්ම SBU මැරතන් තරගය ලෙසයි ප්‍රචාරය කලේ.

    කොහොමත් මේක SBU මැරතන් තරගය්ක් තමයි. ඒක ඉතින් ඔයගොල්ලන්ගේ කියන්න බෑනේ. කොහොමත්.

    මෙය බරපතල අතපසුවීමක් ලෙස ඔබ නොදකින්නේ සෑම දෙයම ප්‍රමාද වී කිරීමට SBU ප්‍රසිද්ද නිසා දැයි මා දන්නේ නෑ. ඔබලාගේ ක්‍රියා කලාපය නිසා සිදුවු පාඩුව නම් අපට බරපතලයි.

    දැන සිටියේ නෑ ලංකීය සිතුවිලි ලාබ ලැබීම පිනිස ක්‍රියාත්ම වෙන එකක් කියා.

    තවද බ්ලොග් ටික දෙන්න පොඩක් පරකු උනා කියන එක නිසා උන පාඩුවනම් මට තේරෙන්නේ නෑ. මොකඩ බ්ලොග් 60ක් දන්න වැඩිම උනොත් පැය බාගයක් යන්න ඇති. අපිත් ඔබලට දුන වෙලාවටමයි දැම්මේ, ඒ මදිවට අපි සින්ඩියේ තිබූ දොස් හැදුවේද් ඉන් පසුවයි.

    කෙසේ නමුත් මා තවමත් කියන්නේ දින 3 ක් හෝ ඊට වැඩි ගනනක සිට ඔබ සියලුදෙනා විදිමත්ව හෝ අවදිමත්ව සාකඡ්චා කර ගත් තීරනයකට අනුව අපහට එම තොරතුරු නොදුන් බවයි.
    යම් දෙයක් කඩාකප්පල් හෝ විනාශකිරීමට එකතුවී තීරන ගැනීම යන අදහසට කුමන්ත්‍රනයක් යන්න කියනවානම්(කුමන්ත්‍රනය යන වචනයේ තේරුම)

    දැන සිටියේ නෑ SBU Admin මීටින් වලට ඔබත් ආවා කියා :D බොරුවට වෝදනා කරන එපා.

    අනික අනිත් ඇඩ්මිලා දන්නේ කොහොම ඔබ ලිපිය එවා තිබුනේ මට, එය තිබුනේද SPAM කේ, නොදකපු ලිපියක් ගැන අනිත් ඇඩ්මිලා දන්නේ කොහොමද ? :D

    මෙය පැහැදිලිවම
    ලාංකීය සිතුවිලි මැරතන් විකශය කඩාකප්පල් කිරීමට SBU ඇඩ්මින්වරු කග කුමන්ත්‍රනයකි.

    තම තමන්ගේ හදවත් දන්නවා ඒ අය කරපු දේවල්, ඔගොල්ලට HITS අවේ නෑ කියන එකට SBU එක පලි නෑ. අපි පොරොන්දු උනේ බ්ලොග් ටික දෙන්න, ඒක අපි පොඩක් පරක්කු වලා හරි දුනා, ඔයගොලො ත් අපි වගේම ඔය බ්ලොග් 60ට පැය බාහයක් යන්න කලින් දාන්න ඇතිනේ. දැන් මොකද උන කඩාකප්පල් වැඩේ ? ඔයාලට HITS අපු නැති එක නේ. ඒකට අපි මොකද කරනේ. දැන් ඒකත් SBU Admin ලගේ වැඩක් ද ?

    ඔයාට ඕනේනම් කතා කරලා මේක විසදගන්න තිබුනා, නමුත් ඔයාගෙ වඩනේන් කියනවනම් හරිලා මාකටින් එකක් කරන්න ඔයා එක යොදගන, SBU එක නරකයි කියන එක කියාගන්නයි උවමනා උනේ.

    ඔයාට SBU එක්ක තරහ නම් අපිට කරන්න දෙයක් නෑ. තවත් මේක ගැන මට කියන්න දෙයක් නෑ. වෙච්ච දේ පැහැදිලි කරා, තව තවත් මේක නිකන් අපිට මඩ ගන්න ඕනේ නම් ඒක කරන්න. ගැටලුවක් නෑ. මීට කලිනුත් ඕක් කරා ඉදිරියෙත් කරයි. අපිට ගැටලුවක් නෑ, මිනිසුන්ගේ පහත් මානසිකත්ව අපිට හදන්න බෑ.

    මිනිස්සු ඇත්ත මොකද කියලා තේරුම් ගනියි.

  19. Posted April 26, 2010 at 10:32 am | Permalink

    ඔබ කියූ එක් දෙයකට මම එකග වෙමි එය නම්
    “මිනිස්සු ඇත්ත මොකද කියලා තේරුම් ගනියි.”
    තවදුරටත් මේ ගැන තර්ක කිරීම ඇවැසි නොවෙන නිසා නවතිමි
    ස්තූතියි .

  20. indika kumara
    Posted April 26, 2010 at 10:37 am | Permalink

    ඔයාල මොනවද? මේ කරන්නෙ..ලැජ්ජයි…..

  21. rajith
    Posted April 26, 2010 at 11:02 am | Permalink

    @ ඉන්දරේ – ඔය කියන්නේ අර නදුන් කියන පිස්සා ගැන නේද? බ්ලොග් වල කුණු හරුප ලියනවනම් ඉතින් ඕක කරන එකම එකා ඕකා විතරයි.

  22. Nadun Ranaweera
    Posted April 26, 2010 at 1:22 pm | Permalink

    මට පිස්සු කියලා නැටුවේ **දු යි *නියා තමයි හැම තැනම මඩ ප්‍රචාර අරන් ගියේ උන් දෙන්නා කියලා හැමෝම කියනවා අනික මට *ප් කිව්වනේ එයාලගේ හිට්ස් බහිනවා කියලා එහෙම කියලා මට ගොඩක් බැන්නා උන්ගේ එකෙක් තමයි මට පෙස් බුක් එකෙදි S.b.u එකට බැනලා ලිපි දාපන් කිව්වේ නැත්තම් මාව ලංකිය අයින් කරනවා කිව්වා කොත්තු එයාට නැති කරන්න පුලුවන් කිව්වා එක සිංඩියක් වත් නැති වෙයි කිව්වා. මම s.b.u බැනලා ලිපි දැම්මත් හිතේ බයටයි රැට මකන්නේ

    අන්තිමට එයා පෙස් බුක් එකෙදි කිවා උබට කාලිංග නැ කොත්තු නැ කිව්වා

    මම ල.සි අස් කලේ ඒකද දන්නේ නැ

  23. Posted April 26, 2010 at 1:33 pm | Permalink

    කාලිංග සහෝදරයා

    මම එකම එක ප්‍රශ්නයක් අහන්නම්.. මේ බ්ලොග් ලිස්ට් එක දෙන්න ඕන කියල දැනගෙන හිටියේ ඔයා විතරද ? අනිත් ඇඩ්මින්ලා දැනං හිටියේ නැද්ද ?

  24. Grey
    Posted April 26, 2010 at 1:38 pm | Permalink

    By reading comments from both sides and from both sites there is one thing I’m clear and I can’t agree.
    Both parties agree that they send/received links 5-15 minutes before the start of marathon. And creating a syndicator is not like making instand noodles. In my point this is last minute it would be really nice to have them before hand or at least a little update to other people would have been nice.

    But both sites do syndication for the goodwill of sinhala bloggers. So for godsake cut the crap and behave like adults. This is disgusting.

  25. Posted April 26, 2010 at 6:44 pm | Permalink

    ළමයි ළමයි දැන් ඕක නවත්වන්න……. වුනු දේ වුණා. ඕනෑම උත්සවයකදී වලියක් යන එක සාමාන්‍ය දෙයක්. අවූරුදු උත්සවයක් වේවා මගුල් ගෙයක් වේවා පොඩි පොඩි ගැටුම් ඇතිවෙනවා. ඉතින් මේ මැරතන් එකක් නිසා ඇතිවුන මේ ආරවුල දැන් දෙගොල්ලොම අමතක කරලා දාල සන්ඩු සරුවල් වෙන්නේ නැතිව ආයෙම මිට පස්සේ මේ වගේ අතපසුවීමක් හෝ මේ වගේ ගැටුම් කාරී තත්වයන් ඇති නොවෙන තැනට වග බලාගෙන කවුරු කවුරුත් සහයෝගයෙන් වැඩ කරමු .

  26. Posted April 27, 2010 at 8:28 am | Permalink

    eka nemey..
    ko dan final result eka….
    ???

    mokada une?
    mokada dinuwe?
    monada denne? (hiks)

  27. Posted April 27, 2010 at 8:30 am | Permalink

    It is disheartening to see things like this. When lots of people get involve in things they get out of hand sometimes. Whatever happened happened. Move on. Forget and forgive. Both you groups do a good job getting what we write out to the public. It doesn’t matter who does a better job and what not. Try providing the service. When you guys fight out in the open like this, both your groups lose the respect from us. What happened to picking up a phone, yell at each other, go meet shake hands and move on.
    Please stop this madness in public. Get together and talk. We are all Sri Lankans. remember වල් ඌරෝ කැකුන තලනකොට කොහෙවත් ඉන්න වලි කුකුල්ලන්ට රජ මගුල් වෙන්න පුලුවන්.

  28. Posted April 27, 2010 at 12:16 pm | Permalink

    @තරිඳු

    හංහගෙන ඉන්න රහසක් නොවෙයි නේ. හැමෝම දන්නවා. ඒකට කාගෙවත් හැටලුවක් ඇතිවෙලා නෑ.

Post a Comment

Your email is never published nor shared. Required fields are marked *

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe without commenting