අපගේ සින්ඩිකේටරය ආශ්‍රයෙන් නිතිපතා නැගෙන ප්‍රශ්ණයක් තමයි “මම RSS feed ගැන මුකුත් දන්නෙ නෑ” කියන එක. මේ නිසා අපි අදහස් කලා Feeds ගැන සරලව ඔබ දැනුවත් කරන්න. එමෙන්ම අපගේ සින්ඩිකේටරය මෙම Feeds හා සම්බන්ධ වන්නේ කෙසේදැයි පහදා දෙන්න.
උදාහරණයකට සිතන්න, ඔබ දිනපතා, පැයෙන් පැය අන්තර්ගතය update වන වෙබ් අඩවි (උදා: පුවත් අඩවි) ගණනාවක් නිතර කියවන්නෙක් කියා. සාමාන්‍ය ආකාරයට නම් මෙම අඩවි update වී ඇත්දැයි බැලීමට ඔබට අදාල අඩවියට ගොස් බැලීමට සිදුවෙනවා. ඔබ මෙවැනි අඩවි 20ක් පමණ කියවන්නෙක් නම් ඔබට ඇතිවන කරදරය ගැන මදක් සිතා බලන්න. එපමණක් නොව අඩවි එකින් එකට පැය කීපයකට වතාවක් ගොස් බලන්නට වැය වන කාලය? වැයවන data ප්‍රමාණය?

